විනිසුරු නිවෙස හොරු බිඳලා අභියාචනාධිකරණ විනිසුරුවරයකුගේ ඌරාපොළ බෝපැත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙසකින් රුපියල් හත් ලක්ෂ පනස් දහසක රන් භාණ්ඩ හා රුපියල් ලක්ෂ හයකට අධික මුදලක් සොරාගෙන ගොස් ඇති බව පොලීසිය කියයි. 03 July 2023
නාවින්න රෝහලට කෝටි තුනක අලාභයක් නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණායතනයට මිලදීගත් යන්ත්‍ර සහ උපකරණ රැසක් භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පැවැතීම හේතුවෙන්, රුපියල් තුන් කෝටියකට ආසන්න මුදලක් නාස්ති වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. 03 July 2023
ජනපතිගෙන් විපක්ෂ නායකට ආරාධනයක් බොරු තර්ක ඉදිරිපත් කරමින් තවදුරටත් අසාර්ථක වනවා වෙනුවට දැන්වත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව සමඟ එක්වන ලෙස තමා විපක්ෂනායකවරයා ප්රමුඛ සමස්ත විපක්ෂයට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. 03 July 2023
අලුත් පනතෙන් සිංහල වෙදකමටත් හානි වර්තමාන ආණ්ඩුව විසින් අලුත් ආයුර්වේද සංශෝධන පනතක් හරහා මේ රටේ පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රය සහමුලින්ම විනාශ කිරීමේ ප්රයත්නයකට සූදානම්ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 03 July 2023
කතරගම ඇසළ පෙරහර වීථි සංචාරය අරඹයි ඓතිහාසික කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහර මීට සුළු වේලාවකට පෙර විථි සංචාරය ආරම්භ කළේය. 03 July 2023
ආණ්ඩු විරෝධී දැන්වීම් ජාතික රෝහලෙන් මතු වෙයි කොළඹ ජාතික රෝහලේ වැඩ අංශයේ සඟවා තිබු ආණ්ඩු විරෝධතා පුවරු සහිත පෝටර් 136 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි. 03 July 2023
දින නවයක් හිස් වූ පොලිස් මහ පුටුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ධුර කාලය අවසන් කර අදට (4) දින 9ක් ඉක්ම ගියද නව පොලිස්පතිවරයකු පත් නොකිරීම හේතුවෙන් පොලිසියේ පරිපාලන කටයුතු අකර්මන්‍ය වී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. 03 July 2023
පිරමිඩයට අසු වූ ගුරුතුමාට ජිවිතය එපා වේ අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක පිරමීඩ ජාවාරමකට හසුව, සිත් තැවුලකට පත් වළස්මුල්ල ප්‍රදේශයේ ක්‍රීඩා ගුරුවරයකු පාසල් ක්‍රීඩා කාමරය තුළ එල්ලී මිය ගොස් ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි. 03 July 2023
‘‘හොරු අල්ලන්න බැරිනම් ඇමැති යන්න ඕනේ‘‘ රටේ පවතින ඖෂධ හිඟයට සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු යැයි ඔහු සෞඛ්‍ය ක්ෂෙත්රයේ දූෂිතයන් ආරක්ෂාකරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. 03 July 2023
චයිනා හාබර් ඩොලර් බිලියන 1.2ක ආයෝජනයකට සූදානම් ආයෝජකයන් සඳහා හිතකර පරිසරයකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරමින් ඉඩ ප්රස්ථා ලබා දෙන්නේ නම් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ලොව පුරා ආයෝජකයින් සූදානමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි මහතා පැවසීය. 03 July 2023
යෝධ වැවේ ගිය ධීවරයන්ගේ සිරුරු හමුවේ මන්නාරම යෝධ වැවේ මාළු අල්ලන්නට ගිය ඔරුවක් පෙරළීමෙන් අතුරුදහන්ව සිටි ධීවරයන් දෙදෙනාගේ මළ සිරුරු දහවල් සොයාගත් බව මන්නාරම උයිලන්කුලම පොලිසිය පවසයි. 03 July 2023
ලක් කතුන් පළමු වරට නවසීලන්තයට එරෙහිව තරගාවලි ජයක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ලබමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක් ලැබීමට අද (3) සමත් විය. 03 July 2023
රා බලපත්‍ර අවභාවිතා කරලා? සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් රා එකතු කිරීමේ බලපත්‍ර භාවතා කරමින් ඇතැම් බලපත්‍රලාභින් නීතිවිරෝධී මත්පැන් ජාවාරමක නිරතවන බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. 03 July 2023
ශ්‍රී ලාංකීය දන්ත වෛද්‍ය පර්යේෂක කස්සපට අන්තර්ජාතික සම්මානයක් ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝහි ඉලිනොයි සරසවියේ සේවය කරන ශ්‍රී ලාංකීය පර්යේෂකයෙක් වන ආචාර්ය කස්සප ඇල්ලෙපොල මහතාට දන්ත වෛද්‍ය පර්යේෂණ නවෝත්පාදනය වෙනුවෙන් අන්තර්ජාතික දන්ත වෛද්‍ය පර්යේෂණ සංගමය සම්මාන පිරිනැමීය. 03 July 2023
ඉන්දියාවේ බෞද්ධ උරුමය ගංගාරාම විහාරස්ථානයේදී කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංවිධානයෙන් ඇසළ පෝය නිමිත්තෙන් ඉන්දියාවේ පොහොසත් බෞද්ධ උරුමයන් ප්‍රදර්ශනය කරන විශේෂ ප්‍රදර්ශනයක් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී අද (3) පැවැත්විණි. 03 July 2023
රාජගිරියේ ඉන්ධන පිරවුම්හලකට මුද්‍රා තබයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නීති රීති අනුව අවම තොග පවත්වාගෙන යෑමට අපොහොසත් වූ රාජගිරිය ප්‍රදේශයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලකට මුද්‍රා තැබූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 03 July 2023
දින පහකට පසු හෙට සිට බැංකු වැඩ දින පහක දීර්ඝ නිවාඩුවකින් පසුව කොටස් වෙළඳපොළ සාමාන්‍ය පරිදි හෙට (04) විවෘත කෙරේ. 03 July 2023
රේගුවෙන් කතානායකට වාර්තාවක් රුපියල් කෝටි අටක් පමණ වටිනා රත්රන් සහ ජංගම දුරකතන ඩුබායි රාජ්‍යයේ සිට නීති විරෝධීව රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරුවී දඩයක් නියම කෙරුණු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්රි රහීම් මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සම්පූර්ණ වාර්තාවක් ලබාදී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලංකාදීපයට පැවසීය. 03 July 2023
වැඩසිටි කන්දෙන් පහළට කැබ්රියක් පෙරළෙයි කතරගම වැඩසිටි කන්ද විහාරස්ථානය වෙත බැතිමතුන් ප්‍රවාහනය කරන කැබ් රථයක් කඳු මුදුනේ සිට පහත මාලය වෙත එමින් සිටියදී මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙන් එහි ගමන්ගත් බැතිමතුන් අට දෙනකු සුළු තුවාල ලබා කතරගම රෝහලට යොමුකොට ඇතැයි කතරගම පොලීසිය කියයි. 03 July 2023
පොලීසියට පාට් දැමූ දේශපාලන සහෝදරයා අත්අඩංගුවට වත්තල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපතිවරයෙකු ගේ සහෝදරයකු පොලිස් නිලධාරීන් තිදෙනෙකුට වායු පිස්තෝලයක් එල්ල කර තර්ජනය කර කොස්තාපල්වරයෙකුට පොල්ලකින් පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව වත්තල පොලීසිය කියයි. 03 July 2023
පැරණි වාහන පාරට දාන්න සහනයක් වසර ගණනාවක් ආදායම් බලපත්‍රය නොගැනීම නිසා පාවිච්චි නොකර ගාල්කර ඇති පැරණි වාහනවලට සහන ක්‍රමයට ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට යෝජනා කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය. 03 July 2023
උපන් රටට ගිය මූතූට බඩගිනි වැඩිලු තායිලන්තයට ගිය ‘‘මුතු රාජා හෙවත් ‘‘සක් සුරින්‘‘ ඇත් ගොව්වන් කැටුව ලම්පාන්ග් පළාතේ අලි ඇතුන් රැක බලා ගන්නා මධ්‍යස්ථානය වෙත ගිය ගමනේදී විනාඩි 5 - 10 කට වරක් කෑම ඉල්ලා හඬා වැටුණු බව තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ. 03 July 2023
ජපුර රෝහලේ ගිලන් රථ රියැදුරන් 3 කට වැඩ වරදී ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රය තුළ විනය විරෝධීව හැසිරුණේ යැයි චෝදනා එල්ල වී සිටින එම රෝහලේ ගිලන් රථ රියැදුරන් තිදෙනක්ට තාවකාලික වැඩ තහනම් පැනවූ බව එම රෝහලේ උසස් නිලධාරියෙක් පැවසීය. 03 July 2023
කතරගම නිලමේට මැරයෝ ලවා ගස්සලා කතරගම වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ ගිනි පෑගීමේ චාරිත්‍රය කිරීමට ස්ථානය තෝරා ගැනීමේදී කතරගම බස්නායක නිලමේවරයා ඇතුළු පාර්ශ්වය සහ කපු මහත්වරුන්ගේ පාර්ශ්වය අතර ඉකුත් 30 වැනිදා හටගත් මත ගැටුමක් හේතුවෙන් එහි දැඩි උණුසුම්කාරී සහ ගැටුම්කාරී තත්ත්වයක් හටගත් බව කතරගම පොලීසිය පවසයි. 03 July 2023
බයිලා ගායක සමන් හෝටලයට 25,000ක් ගෙවයි පානදුර හෝටලයක ඊයේ (01) රාත්‍රි ආහාර පාන ලබාගෙන එහිදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් ලද පැමිණිල්ලක් මත චෝදනා එල්ලවී සිටී ජනප්‍රිය ගායක සමන් ද සිල්වා මහතා අගතියට පත් පාර්ශවය වෙනුවෙන් රුපියල් 25,000 ක මුදලක් ලබාදී සිද්ධිය සමතයකට පත්කර ගැනිමට අද දහවල් එකගවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි . 03 July 2023
සෙල්ෆි ගන්න ගිය තරුණිය අත්තනගළු ඔයේ සැඟවෙයි අත්තනගළු ඔයේ දුනමලේ ජල මාපකය අසල දිය නෑමට ගිය විසි හැවිරිදි තරුණියක සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේ ලිස්සා වැටී දියේ ගිළී අතුරුදහන් වී ඇතැයි නිට්ටඹු පොලිසිය කියයි . 03 July 2023
බොරලැස්ගමුව කෝටි එකහමාරේ කොල්ලයට 3ක් අත්අඩංගුවට වරාය අධිකාරියේ අධ්‍යක්ෂක මානව සම්පත් කළමනාකරු ගේ බොරලැස්ගමුව කටුවාවල නිවසට උල් පිහියක් රැගෙන ඇතුළු වි මෙහෙකාරිය බියගන්වා රුපියල් කෝටි 1 1/2 ආසන්න වටිනා රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි . 03 July 2023
විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න යෝජනාවක් විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමේ අමාත්‍ය මන්ඩල සංදේශය මෙම සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පැවසීය. 03 July 2023
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනකට නායයෑමේ අවදානම් වැසි සහිත කාලගුණය හේතුවෙන් මහනුවර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශ තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය පවසයි. 03 July 2023
තරුණියකට පහර දුන් කොස්තාපල්ගේ වැඩ තහනම් තණමල්විල රණවරා ව ප්‍රදේශයේ පදිංචි තරුණියකගෙ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී , ඇයට අතින් පයින් පහර දී තුවාල සිදු කොට , සාපරාධී බිය ගැන්වීමක් සිදු කළ පොලිස් කොස්තාපල්වරයෙකු වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය පවසයි. 03 July 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026