
මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගයට ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නම යෝජනා වී ඇත. ට්‍රම්ප්ගේ නම නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා කර ඇත්තේ ඔහුගේ රිපබ්ලිකන් පක්ෂ සාමාජිකා ක්ලෝඩියා ටෙනී ය.
ඒ, ට්‍රම්ප් ජනාධිපති ධුරයේ සිටිද්දී, මැදපෙරදිග කලාපයේ සාමය ස්ථාපිත කිරීමට සකස් කළ ප්‍රතිපත්ති මුල්කොට ගනිමිනි.
ට්‍රම්ප්ගේ එම ප්‍රතිපත්ති මාලාව නම් කර ඇත්තේ ඒබ්‍රහම් ගිවිසුම යනුවෙනි. මැදපෙරදිග කලාපයේ සාමය ස්ථාපිත කරමින්, ආරක්ෂාව තහවුරු කිරීමට ට්‍රම්ප්, ඒබ්‍රහම් ගිවිසුම හරහා යෝජනා කර තිබේ.
2020 වසරේ දී, ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ධුරය හොබවද්දී, මෙම ඒබ්‍රහම් ගිවිසුම යටතේ පසමිතුරන් වී සිටි එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, බහරේනය සහ ඊශ්‍රායල අතරේ යහපත් සබඳතා ඇති කිරීමට කටයුතු කළේය. ඇමෙරිකන් ජනාධිපතිවරයකු මැදපෙරදිග කලාපයේ අර්බුද විසඳීමට මැදිහත් වූ පළමු අවස්ථාව මෙය යැයි ක්ලෝඩියා ටෙනී වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නොබෙල් සාම තෑග්ගට ට්‍රම්ප්ගේ නම
Perera Thursday, 01 February 2024 04:23 AM
අපේ පිනාගේ නමත් යවන්න මුන්ට ලැබෙන්න පුළුවන් ජනතාවට සනීප දැනෙන්න වැඩ කරනවා නේ