IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඩයනා කඳුළු ගෑස් ගහපු හේතුව කියයි

(සුජිත් හේවාජුලිගේ)

සමග ජන බලවේගයේ පෙළපාළියට  කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේ නොහික්මුණු මිනිසුන් හික්මීමක් ඇති පිරිසක් බවට පත්කර ගැනීමට  යැයි  සංචාරක රාජ්‍ය ඇමතිනී  ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

ජනාධිපතිවරයා ඡන්දයක්  දෙන බව ප්‍රකාශ කර තිබියදී  ඡන්දයක් දෙන්නැයි කියමින් පාරට බසිමින් අනවශ්‍ය කලබල ඇති කරමින්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කරන්නේ සැලසුම් සහගතව රට  අකර්මණ්‍ය කර  ආර්ථිකයට හානි කිරීම බවද  ගමගේ මහත්මිය සඳහන් කළාය.

රාජ්‍ය අමාත්‍යවරිය මෙසේ පැවසුවේ එම අමාත්‍යාංශයේදී ඊයේ (31)පෙරවරුවේ  පැවැති මාධ්‍ය හමුවකදීය.

පියාගේ ගමන් මග ගැන මෙනෙහි කර ජනාධිපතිවරයාට චෝදනා කිරීම හෝ ඇඟිල්ල දිගු කිරීම කරන ලෙස කඳුළු ගෑස් ප්‍රහාරයක් ගැන මහ ලොකුවට කතා කරන සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටින බවද  ඇය කීවාය.

රාජ්‍ය බලය අයුතු ලෙස ලබා ගැනීම සඳහා මහජනතාව කොළඹ අග නගරයට එක්රැස් කිරීමෙන් සිදුවන්නේ රටට ආර්ථික වශයෙන් දැඩි හානියක් බව පැවසූ ඩයනා ගමගේ මහත්මිය  මේ වසරේදී ජනාධිපතිවරණයක් වගේම පාර්ලිමේන්තු මැතිවරණයක් දෙන බව ජනාධිපතිවරයා පැහැදිලිවම ප්‍රකාශ කර ඇතැයිද සඳහන් කළාය

ජනතාව උසිගන්වා මෙවැනි නොසන්ඩාල වැඩ කිරීමෙන් සංචාරකයන් මේ රටට පැමිණීම අඩපණ වන බවද ඇය  කීවාය.

කඳුළු ගෑස් ප්‍රහාරයේදී මුජබර් රහුමාන් මන්ත්‍රීවරයා රෝහල් ගත කිරීම  සිනහව  ගෙන දෙන කාරණයක් බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය  තමාගේ මන්ත්‍රී ධූරය උදුරා ගැනීමට සජිත් ප්‍රේමදාස සහ මුජිබර් රහුමාන්  අසීමිත උත්සාහයක් දරන බවද ප්‍රකාශ කළාය.

සජිත් ප්‍රේමදාස මහතාගේ පියා රාජ්‍ය ත්‍රස්තවාදයේ නියමුවා බවත්  ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදය 88,89කාලයේදී අපි හොඳින් අත්විඳි බවත් ගමගේ මහත්මිය සඳහන් කළාය.



අදහස් (7)

ඩයනා කඳුළු ගෑස් ගහපු හේතුව කියයි

සමගි ජනයා Wednesday, 31 January 2024 02:39 PM

පුතාණෝව ගලි බව්සරේ බැන්දුවා නම් කොහොම තියෙයිද?

:       21       22

Deepal Nirosh Wednesday, 31 January 2024 02:53 PM

ඔබතුමියට ඡන්දය අවශ්‍ය නැති බව ඇත්ත. ඒත් මේ රටේ පොදු මහජනතාවට මේ වසරට නියමිත ඡන්දය පවත්වා ගැනීමට අත්‍යාවශ්‍යයි. දැන් රටේ බලයේ ඉන්නෙ තමුන්ට දිනන්න බැරි මැතිවරණ නො පවත්වන ජනාධිපතිවරයෙක් බව කාටත් වඩා හොඳින් ඔබතුමිය දන්නවානේ...!

:       18       48

Pinjana Wednesday, 31 January 2024 03:16 PM

අපි මෙයාගේ හැසිරීම් හික්මීම දැක්කා... පාර්ලිමේන්තු ලොබියේ වීඩියෝ එකෙන්. කටේ හික්මීම ඇහුවා මාධ්‍ය වේදියෙකුට ආමන්ත්‍රණය කළ රෙකෝඩින් එකෙන්. මේ රටේ හුදී ජනයා මේ ගුරුතුමියගේ ඔවදන් පිළිපදින්න ඕනෑ හොඳද?

:       6       33

Kazi Shajahan Wednesday, 31 January 2024 03:19 PM

පිනටනේ ආවේ පාර්ලිමේන්තුවට... එයාලාට ඡන්දෙ ගැන ඕනෑ කමක් නෑ... නිකන් හාන්සි වෙලා ඉඳලා මේ පාරත් පාර්ලිමේන්තු එන්න වගේ හදන්නේ...!

:       11       33

Prabha Wednesday, 31 January 2024 03:51 PM

කරුණා අම්මාන්ද විස්තරේ කියලා දුන්නේ?

:       11       21

Perera Thursday, 01 February 2024 06:05 AM

අපොයි ඔව් .හික්මීමක් තියන ගෑනි නේ මේ

:       1       3

නිල්මිණි ජයවර්ධන Thursday, 01 February 2024 06:13 AM

මන්ත්‍රීතුමියගේ කංසා ව්‍යාපෘතියට මොකද වුනේ කියලා දැනගන්න කැමතියි .දැන් ඒවායින් ඩොලර් ගලනවද ඩයනා මැතිණියනි. මම අහන්නෙ කංසා වලින් ඩොලර් ගලල අපේ ගම්බිම් යටවේද කියලා බයට තමයි

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site