
(යොහාන් භාසුර)
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ (ආර්.එම්.වී.) නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් වාහන ලියාපදිංචිය මාරු කිරීම ඇතුළු සේවා ගැනීමට ජනතාව විශාල පිරිසක් හිටිහැටියේ පැමිණීමෙන් එම දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ තදබදයක් අද (31) පෙරවරුවේ නිර්මාණය වී තිබුණි.
පොලිස් සී.සී.ටී.වී. කොට්ඨාසය රථ වාහන වැරදි නිරීක්‍ෂණය කර වාහනයේ ලියාපදිංචි අයිතිකරුට දඩ යොමු කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමත් සමඟ මෙම තදබදය ඇති වූ බවත් වාහන ආනයනය අත්හිටුවීමෙන් පසුව මෙවැනි ජනතාවක් සේවා ගැනීමට පැමිණි පළමු අවසථාව මෙය බවත් එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම කාර්යාලයෙන් සේවා ගැනීමට එන සියලු දෙනාට ප්‍රමාදයකින් තොරව සේවා සැපයීමට කටයුතු කරන බව කී එම නිලධාරියා ලිපි පරීක්‍ෂාව ඇතුළු කටයුතු සඳහා කාර්ය මණ්ඩලයට ජනතාව කාලය දියයතු බවත් එම නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මිනිසුන්ට කරදර කරන ආණ්ඩුවක්. මෙවැනි දේ ප්‍රාදේශීය කාර්යාලවල සිදු කරන්නට පියවර ගන්නේ නැහැ...!
ඉතා හොඳයි. අධිවේගී මාර්ගවලත් වේගය ඉක්මවා යන රියැදුරන්ගේ ගෙදරට දඩ කොලේ යවන්න. ලංකාවේම වාහන නිවැරදි අයිතිකරු යටතේ ලියාපදිංචි වෙයි...
නියමයි. වාහන වැඩිමිලට විකුණාගන්න අයිතිකාරයින් සංක්‍යාව අඩුවෙන් පෙන්නන්න ඔය ඕපන් පේපර්ස් කියලා කරන මගඩිය දැන් නවතීවි. මීට පස්සේ වාහනයක් විකුණනකොට ගත්තු කෙනාගේ නමයි, දිනයයි දාල විකුණන්න. නැත්නම් ගන්න එකා ගිහිල්ලා මිනිමරුවෝත් අහුවෙන්න ආර්.එම්.වී එකේ නම තියෙන කෙනා...!
දැනට ලංකාවෙ තියෙන වාහන වලින් 20% විතර ඕපන් පේපර් යටතේ තියෙනවා කියලා හිතෙනවා ඔක්කොම නිවැරදි කලොත් රජයට විශාල ආදායමක් ගන්න පුළුවන් වේවි විශේෂයෙන් යතුරු පැදි එහෙම වාහන කියන්න පුළුවන්
බොහෝම හොඳයි
CCTV දඩකොලයක් ලැබුන කෙනෙක් ගැන දන්නවානම් කියන්නකෝ
හොදම ක්‍රමය තමයි වාහන අංකය පුද්ගලයාගේ නමට නිකුත් කිරීම.වාහනයක් විකුණන කොට නම්බර් ප්ලේට් එක ගලවල ගන්න ඕනි.මේක කැනඩාවේ ක්‍රියාත්මකයි. රථවාහන නඩු ගැනීමත් පහසු වේවි.
දත්ත අනුව අතිබහුතරයක් වැරදි කරන්නේ පුද්ගලිික බස් ඒ අය දැන්වත් නනිවැරැදි කල යුතුයි ,බස්රථයේ ඉදිරි පස හා පසුපස camera සවිකිරිමෙන් මෙි සිදුවෙමින් පවතින අපහසු තා මග හරවා ගන්න පුළුවන්
ඔය ඕපන් පේපර් , ඩේට් චෑක් වගේ තහනම් වැඩ තියෙන්නේ සිරි ලංකාවේ පමණයි.