
(යොහාන් භාසුර)
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ (ආර්.එම්.වී.) නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් වාහන ලියාපදිංචිය මාරු කිරීම ඇතුළු සේවා ගැනීමට ජනතාව විශාල පිරිසක් හිටිහැටියේ පැමිණීමෙන් එම දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ තදබදයක් අද (31) පෙරවරුවේ නිර්මාණය වී තිබුණි.
පොලිස් සී.සී.ටී.වී. කොට්ඨාසය රථ වාහන වැරදි නිරීක්‍ෂණය කර වාහනයේ ලියාපදිංචි අයිතිකරුට දඩ යොමු කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමත් සමඟ මෙම තදබදය ඇති වූ බවත් වාහන ආනයනය අත්හිටුවීමෙන් පසුව මෙවැනි ජනතාවක් සේවා ගැනීමට පැමිණි පළමු අවසථාව මෙය බවත් එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම කාර්යාලයෙන් සේවා ගැනීමට එන සියලු දෙනාට ප්‍රමාදයකින් තොරව සේවා සැපයීමට කටයුතු කරන බව කී එම නිලධාරියා ලිපි පරීක්‍ෂාව ඇතුළු කටයුතු සඳහා කාර්ය මණ්ඩලයට ජනතාව කාලය දියයතු බවත් එම නිලධාරියා කීය.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සී.සී.ටී.වී. දඩයට බිය වූ ජනතාව මෝටර් රථ කාර්යාලයේ පිරෙති
ajith Wednesday, 31 January 2024 02:36 PM
රටේ මිනිසුන්ට කරදර කරන ආණ්ඩුවක්. මෙවැනි දේ ප්‍රාදේශීය කාර්යාලවල සිදු කරන්නට පියවර ගන්නේ නැහැ...!
Lakmal Wednesday, 31 January 2024 03:36 PM
ඉතා හොඳයි. අධිවේගී මාර්ගවලත් වේගය ඉක්මවා යන රියැදුරන්ගේ ගෙදරට දඩ කොලේ යවන්න. ලංකාවේම වාහන නිවැරදි අයිතිකරු යටතේ ලියාපදිංචි වෙයි...
maddumaraala Wednesday, 31 January 2024 03:51 PM
නියමයි. වාහන වැඩිමිලට විකුණාගන්න අයිතිකාරයින් සංක්‍යාව අඩුවෙන් පෙන්නන්න ඔය ඕපන් පේපර්ස් කියලා කරන මගඩිය දැන් නවතීවි. මීට පස්සේ වාහනයක් විකුණනකොට ගත්තු කෙනාගේ නමයි, දිනයයි දාල විකුණන්න. නැත්නම් ගන්න එකා ගිහිල්ලා මිනිමරුවෝත් අහුවෙන්න ආර්.එම්.වී එකේ නම තියෙන කෙනා...!
චිරන්ත Wednesday, 31 January 2024 09:21 PM
දැනට ලංකාවෙ තියෙන වාහන වලින් 20% විතර ඕපන් පේපර් යටතේ තියෙනවා කියලා හිතෙනවා ඔක්කොම නිවැරදි කලොත් රජයට විශාල ආදායමක් ගන්න පුළුවන් වේවි විශේෂයෙන් යතුරු පැදි එහෙම වාහන කියන්න පුළුවන්
Up hingat Wednesday, 31 January 2024 09:31 PM
බොහෝම හොඳයි
Perera Thursday, 01 February 2024 04:36 AM
CCTV දඩකොලයක් ලැබුන කෙනෙක් ගැන දන්නවානම් කියන්නකෝ
MANAMPERI Thursday, 01 February 2024 05:41 AM
හොදම ක්‍රමය තමයි වාහන අංකය පුද්ගලයාගේ නමට නිකුත් කිරීම.වාහනයක් විකුණන කොට නම්බර් ප්ලේට් එක ගලවල ගන්න ඕනි.මේක කැනඩාවේ ක්‍රියාත්මකයි. රථවාහන නඩු ගැනීමත් පහසු වේවි.
Mangala RanasingheFriday, 02 February 2024 06:36 AM
ඔබ නිවැරදිය මමත් කැනඩාවෙ ජීවත් වන නිසා එම ක්‍රමය වාසි බව දන්නවා. අපි වාහන විකුණන කොට අපේ අංකය ගලවගන්නවා . වාහනය මිලදී ගන්න කෙනා ඔවුන්ගේ අංකය සවිකරගෙන වාහනේ පදවගෙන යනවා . අපිට ඕන නම් නැවත වරක් අපේ අංකය රජයට භාර දීලා ගෙවපු මුදල් ලබාගන්නත් පුළුවන්
Norman Senanayake Friday, 02 February 2024 10:36 AM
දත්ත අනුව අතිබහුතරයක් වැරදි කරන්නේ පුද්ගලිික බස් ඒ අය දැන්වත් නනිවැරැදි කල යුතුයි ,බස්රථයේ ඉදිරි පස හා පසුපස camera සවිකිරිමෙන් මෙි සිදුවෙමින් පවතින අපහසු තා මග හරවා ගන්න පුළුවන්
bandula Saturday, 17 February 2024 02:13 PM
ඔය ඕපන් පේපර් , ඩේට් චෑක් වගේ තහනම් වැඩ තියෙන්නේ සිරි ලංකාවේ පමණයි.