(යොහාන් භාසුර)
උදාවී ඇත්තේ රට බේරාගැනීමේ අවසන් අවස්ථාව යැයි මෙතක් බිහිවූ නායකයින් දිගින දිගටම පවසූ නමුත් සත්‍ය වශයෙන්ම උදාවී ඇත්තේ ජනතාව බේරා ගැනීමේ අවසන් අවස්ථාව බවත් ඒ සඳහා හැකියාව පවතින එකම නායකයා වර්ථමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
මීට වසර දෙකකට පෙර රටේ පැවති දරුණු ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමට හැකි වූයේ ජනතාව බේරාගැනීම උදෙසා ජනාධිපතිවරයා කටයුතු කළ නිසාවෙන් බව ද ඒ මහතා කීය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සංවිධානය කළ ‘ජයගමු ශ්‍රී ලංකා’ ජංගම සේවා වැඩසටහනේ සම්රම්භක උත්සවය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී අද (31) ආරම්භ වූ අවස්ථාවේදී අමාත්‍යවරයා එසේ පැවසීය.
මෙම වැඩසටහනේදී විදේශ රැකියා සඳහා වෘත්තීය පුහුණු අවස්ථා සම්බන්ධයෙන් ජනතාව දැණුවත් කිරීමේ වැඩසටහන්, ශ්‍රම බලකායේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරන ගරු සරු වැඩසටහන ද පැවැත්වේ.
ජනතාවට සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් සහ සේවක අර්ථ සාධක අරමුදල් සම්බන්ධයෙන් වූ ගැටලු සඳහා විසදුම් ගැනීම සඳහා විශේෂ සේවාවන් ද මෙහිදී සපයනු ලැබීය.
ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කරමින් අමාත්‍යවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පක්ෂ විපක්ෂ සියලුම මහජන නියෝජිතයින් එක් කරගනිමින් ජාතික ධජය එසවීය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන දුමින්ද දිසානායක, එස්. එම්. චන්ද්‍රසේන, ඉශාක් රහුමාන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන්, හිටපු පළාත් ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත්, හිටපු පළාත් අමාත්‍ය පී. එච්. සේමසිංහල හිටපු පළාත් විපක්ෂ නායක කස්තුරි අනුරාධනායක යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසි වෙන පැත්තට තමයි වැඩ කරන්නේ...!
හා හා ඔය කථා ඔතැනින් නවත්වලා රනිල්, තම්බි මුදියන්සේලාගේ සේනානායකලාගේ අතීතය ගැන පලවෙන යූ ටියුබ් කථා පෙළට සවන් දෙන්න. ඊටපසු සුදුහුණු බාල්දිය අතට ගන්න.
මිනිසුන්ගෙන් ගසාකන එක තමයි කරන්නේ...!
පැන්නා පැන්නා ඔන්න පැන්නා අනිත් පැත්තට
මූ වගේ රනිල්ට හෙළුවෙන් කඩේ යන අවස්ථාවාදී ප්‍රතිපත්තියක් නැති දිව දෙකේ සට්ටැබි අලුගුත්තේරුවන් ගෙන් තමයි රට ජාතිය බේරාගන්න ඕන
ඔව්.ඒ jvp යයි.අවසන් අවස්ථාවත් රටට නැති කලොත් ,දුප්පත් කියලා කිසිම උදව්වක්වත් ,හිගන්නෙකුට කියලා රුපියලක්වත් නොදී තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න ඕනේ.ලංකාවයි ,මිනිස්සුන් වයි හදන්න යන්නේ නැතුව