(යොහාන් භාසුර)
ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ලබන 2 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගයට සහභාගි වන 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කෝඩුකාරයන් වන චාමික ගුණසේකර සහ මිලාන් රත්නායක ඇතුළත්ව සිටිති.
දකුණතින් වේග පන්දු යවන 24 හැවිරිදි චාමික ගුණසේකර 2022 වසරේ ජනවාරි මස එක්දින වරම් ලැබුව ද ඉන් පසුව ස්ථානය හිමිනොවීය. කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙක් වන චාමික පළමු පෙළ තරග 16 කට ක්‍රීඩා කර තිබේ.
දකුණතින් වේග පන්දු යවන 27 හැවිරිදි මිලාන් රත්නායක පළමු පෙළ තරග 33 කට ක්‍රීඩා කර තිබේ. ගුවන් හමුදා කණ්ඩායම නියෝජනය කරන මිලාන් වාරියපොළ ශ්‍රී සුමංගල විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
මෙම තරගය ධනංජය ද සිල්වා නායකයා ලෙස කටයුතු කරන පළමු ටෙස්ට් තරගය ද වේ.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), දිමුත් කරුණාරත්න, නිෂාන් මධුෂ්ක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සදීර සමරවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, කමිඳු මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, ළහිරු උදාර, චාමික ගුණසේකර සහ මිලාන් රත්නායක
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝඬුකාර චාමික - මිලාන් ටෙස්ට් සංචිතයට කැඳවයි