
පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ බිරිඳ බුෂ්රා බිබීට වසර 14 ක සිරදඬුවමක් නියම විය. ඒ, ඉම්රාන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරද්දී, විදෙස් රාජ්‍ය නායකයන්ගෙන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ලැබුණු ත්‍යාග, අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූ අවස්ථාවේදී ආපසු බාර නොදීම සම්බන්ධයෙනි.
ඉම්රාන් සහ බිරිඳ ඔවුන්ට ලැබුණු ත්‍යාග භාණ්ඩ විකුණා ඇතැයි ද චෝදනා එල්ල වී ඇත. බුෂ්රා බිබී යනු අග්‍රාමාත්‍ය ඉම්රාන්ගේ තෙවැනි බිරිඳය.
මේ වනවිටත් බන්ධනාගාර ගත කර සිටින ඉම්රාන්ට ඊයේ (30) තවත් වසර 10 ක සිර දඬුවමක් හිමිවිය. ඒ, රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනාවකට වරදකරු වීමෙන් පසුවය.
ඉම්රාන් ඛාන්ට අග්‍රාමාත්‍ය ධුරය අහිවි වූයේ 2022 වසරේ විපක්ෂය එක් වී, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංගයකිනි. පසුගිය 2023 වසරේ දී දූෂණ චෝදනා මත ඉම්රාන්ට වසර 3 ක සිර දඬුවමක් නියම විය.
තවත් දූෂණ චෝදනා රැසක් ඉම්රාන්ට එල්ල වී ඇත. ඒ සියලු චෝදනා ඉම්රාන් ප්‍රතික්ෂේප කරන අතර, ඔහු පවසා ඇත්තේ ඔහු දේශපාලන පළිගැනීමකට ලක් වී සිටින බවය.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉම්රාන්ටත් බිරිදටත් සිරදඬුවම්
නිහාල් Wednesday, 31 January 2024 12:50 PM
මෙහෙනම් මනුෂ්‍ය ඝාතන සිදු කරලා ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම් විඳීන අයත් ජනාධිපති පොදු සමාව දීලා නිදහස් කරනවා. ඔහේ ඒ තරමට සංවර්ධනය වෙලා නැද්ද?
Prabha Wednesday, 31 January 2024 03:56 PM
අපේ නම් ජනාධිපති මන්දිරේ තියන දේවල් අයිති එයාලාට... ඒකනේ අර මුල්කිරිගල පින්තූරේ එංගලන්තයට විකුණුවේ...!
Perera Thursday, 01 February 2024 04:47 AM
පාකිස්තානේ එහෙම උනත් ලංකාවේ මයිනටයි හෙරලියාටයි එහෙම වෙන්නේ නැහැ