අර්ථසාධකේ ගැන හිටපු ජනපතිගෙන් සහතිකයක් ණය යෝජනාවෙන් අර්ථසාධක හා භාරකාර අරමුදල්වල සේවක මුදල් වලට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 03 July 2023
ලිට්රෝ මිල තවත් පහළට? ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 200 කින් පමණ අඩු කිරීමට නියමිත බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 03 July 2023
මධ්‍යම ගබඩාවේ ඖෂධ 190ක හිගයක් මධ්‍යම ඖෂධ ගබඩාවේ ඖෂධ වර්ග190ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 03 July 2023
පුතාගේ ශාන්ති කර්මයට නෙළුම් මල් කැඩූ පියා වැවේ ගිලෙයි නවගත්තේගම කොන්කඩවල වැවේ නෙළුම් මල් කැඩිමට ගිය එක් දරු පියකු දියෙ ගිලී මරණයට පත්වි ඇති බව නවගත්තේගම පොලිසිය කියයි. 03 July 2023
සීයා සහ මුනුපුරා දිය රකුසාට බිලි නොරෝච්චෝල ඉලන්තඩිය කසකැලේ මුහුදේ දිය වැලකට හසුවු සීයා හා මුනුපුරෙකු දියේ ගිලි මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි. 03 July 2023
ත්‍රිකුණාමලයේ වෙඩි තැබීමක් කුච්චවේලි සිට එරක්කන්ඩි දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනෙකුටලුණු ලේවායට ජලය සපයන ඇළ මාර්ගය අසල කැලෑ ප්‍රදේශයක සැඟව සිටි කිසියම් පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් එම තරුණයින් දෙදෙනා තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 03 July 2023
අන්තර්ජාලයෙන් ආ සමාගමක් ගෙවල් සිහිනය බොඳ කරලා නිවාස ඉදිකිරීම, ඉඩම් මිලදී ගැනීම, ඉතා සහන මිලට සිදු කර දෙන බව පවසමින් සමාජ මාධ්‍ය හරහා දැන්වීම් පළකර රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ පුද්ගලික සමාගමක් පවත්වාගෙන ගිය මාලබේ ප්‍රදේශයේ ස්ථානයක් ගනුදෙනුකරුවෝ පිරිසක් විසින් වටලනු ලැබූහ. 03 July 2023
අද මිලි මීටර් 150 ඉක්මවන තද වැසි දිවයිනේ නිරිත දිග දැනට පවතින වැසිබර තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 July 2023
මුජිබර්ගෙන් චෝදනාවක් රුපියල් කෝටි ගණනක ජනතා මුදලක් නිකරුනේ වැයකර පාර්ලිමේන්තුව රැස්කර මූල්‍ය බලය පිළිබඳ තීරණ සීමාවකින් තොරව ජනාධිපතිවරයාට ගැනීමට අවසර දී ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවසීය. 02 July 2023
මේ පියා අතරමං කළාද? කාන්තාවක් ලෙස පෙනෙන ලෙස දිග ගවුමක් අන්දවා නාත්තන්ඩිය වැලිපැන්නගහමුල්ල හන්දියේ අතහැර දමා ගොස් සිටි වයෝවෘද්ධ පුද්ගලයකු දුනකදෙණිය රෝහලට ඇතුළත් කර ඇත. 02 July 2023
ජනතාවට බොරු සිහින පෙන්වන්න එපා වත්මන් පාලකයන් රට පරිහානියට පත්කරමින් සිටින අතර රට හිඟාකන තත්වයට පත්වෙන නායකයො පිරිසක් පත්ව සිටින බවත් කොළඹ වරාය දික්ඕවිට දක්වා දික්කරන්නේ යැයි ජනාධිපතිතුමා පැවසුව ද ඒවා කළ නොහැකි සිහින පමණක් බවත් මැල්කම් කාදිනල් රංජීත් කොළඹ අගරදගුරු තුමෝ අද (2) පැවසූහ. 02 July 2023
පොලිස් නිලධාරියාට පොලු පහර දී සැඟවෙන්න බැරි වේ අච්චුවේලි ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකුට පොල්ලකින් පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අද (2) සවස අත්අඩංගුවට ගත් බවත් අච්චුවේලි පොලිසිය පවසයි. 02 July 2023
ජනප්‍රිය බයිලා ගායකයා හෝටලේ බිල වෙනුවට ගුටි දීලා ජනප්‍රිය ගායක බයිලා ගායකයකු ඇතුළු පිරිසක් පානදුර පාලම අසල ආපන ශාලාවක ආහාර ගැනීමෙන් අනතුරුව ඇති වූ බහින් බස් වීමකින් එහි සේවකයන් දෙදෙනකුට පහර දී දේපලවලට ද අලාභානි සිදු කළැයි පවසමින් පැමිණිල්ලක් ලැබී ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි. 02 July 2023
කතරගම ඇසළ මංගල්‍යයට ජන ගඟක් ඓතිහාසික රැහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට ලක්ෂ 03 ඉක්මවා බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණි බව කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සදහන් කරයි. 02 July 2023
මාලි ගිය අපේ විරුවෝ මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා තෝරාගත් යුද හමුදාවේ 170 දෙනෙක්ගෙන් සමන්විත භට කණ්ඩායමක් මෙරටින් පිටත් වුහ. 02 July 2023
විදෙස් නියෝජිතයෝ කන්දඋඩරට සිරිය නරඹති විදේශ රටවල් 18ක තානාපතිවරු ඇතුලු 49ක දූත පිරිසක් රැගත් විශේෂ දුම්රිය අද (2) පස්වරුවේ ඓතිහාසික දෙමෝදර දුම්රිය ස්ථානයට ළඟා වූහ . 02 July 2023
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ජනතා හිතවාදී නෑ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යෝජනාව ජනතාවාදී නොවීම නිසා එයට ඡන්දය පාවිච්චි කිරීමට පාර්ලිමේන්තුවට නොපැමිණි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 02 July 2023
ඖෂධ හිඟයක් තිත තියන්න වැඩ පිළිවෙලක් රටෙි ඖෂධ හිඟයක් ඇති නොවීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 02 July 2023
කඩුවෙලට 8 පසු ගමන් සීමා කරයි කඩුවෙල සංඛපිට්ටි පුරාණ විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර හේතුවෙන් අද (2) රාත්‍රී 8.00 සිට හෙට (3) අළුයම 3.00 දක්වා එම ප්‍රදේශයේ මාර්ග රැසක රථවාහන ගමනාගමනය සීමා කළ බව පොලිසිය පවසයි. 02 July 2023
අඟහරු ලොවේ පාෂාණත් සෙවනගල පාෂාණත් සමානද බලයි අඟහරු ග්‍රහයාගේ ඇති සර්පෙන්ටින් නැමැති පාෂාණයට සමාන ලංකාවෙන් සොයාගත් සර්පෙන්ටිල් පාෂාණයේ නියැදි ලබාගැනීමට ඇමරිකාවේ නාසා ආයතනය සමග කටයුතු කරන රටවල් කිහිපයක සහ ලංකාවේ විශ්ව විද්‍යාල කිහිපයක භූගර්භ සහ වාග් විද්‍යාඥයන් කණ්ඩායමක් මේ දිනවල සෙවනගල ගිනිගල්පැලැස්සේ පර්යේෂණ කටයුතු වල නිරතව සිටිති. 02 July 2023
සිංහ පැටව් ලෝක කුසලානයට සුදුසුකම් ලබති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාම එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට අද (2) සමත් විය. 02 July 2023
පොහොට්ටුවේ ප්‍රධානින් ණය ප්‍රතිව්‍යුහගත යෝජනාව මඟහැරියා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැපී පෙණන චරිත කීපයක් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තු සභා ගර්භයේදී නොසිටි බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව ඔවුන්ගේ අනන්‍යතාවයට සහ හෘදසාක්ෂියට නොගැපෙන බව ඒ ප්‍රධාන මන්ත්‍රීවරු විශ්වාස කළේ යැයි සිතිය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (2) පැවසීය. 02 July 2023
කොළඹ - යාපනය පැයකට ළං වේ රත්මලානේ සිට යාපනයට පැයයි විනාඩි දහයක ගුවන් ගමනකින් ළඟාවීමේ පසුව සලසා ඇතැයි රත්මලාන ගුවන්තොටුපොළ කළමනාකාර අරුණ රාජපක්ෂ මහතා පවසයි. 02 July 2023
ණය යෝජනා ඡන්ද විමසීමට මහින්ද-මෛත්‍රී නෑ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් සහභාගි නොවීම විශේෂත්වයකි. 02 July 2023
ශ්‍රී ලංකාවට ලකුණු 166 ක ඉලක්කයක් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය ලෙස සිම්බාබ්වේට එරෙහිව බුලවායෝහිදී දැන් පවැැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිල ඕවර 32.2 කදී සියලු දෙනා දැවී ලකුණු 165 ක් රැස් කළේය. 02 July 2023
මත්ද්‍රව්‍ය මැඩලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 02 July 2023
වෘත්තිය සමිති නායකයන් වත්කම් හා බැරකම් ප්‍රකාශ මඟහැරලා සියලුම වෘත්තීය සමිති නායකයන් මේ දක්වා වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරි නොමැති බවත් වත්කම් හා බැරකම් පනතේ ප්‍රතිපාදනවලට අනුව ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් කම්කරු අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 02 July 2023
නව ජල සම්බන්ධතා වාරික ගෙවීමේ ක්‍රමයට නව ජල සම්බන්ධතා ගැනීමට ජනතාවට පහසු කරමින් සම්බන්ධතා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 02 July 2023
වළකට වැටී දරු දෙදෙනෙක් මරුට පදවිය ,ශ්‍රී පුර ප්‍රදේශයේ වයස අවුරුදු 12 ක සහ 14 පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී මිය ගොස් ඇතැයි ශ්‍රීපුර පොලීසිය පවසයි. 02 July 2023
නිරිත දිගට දිගටම වැස්ස දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 July 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026