(අංජුල මහික වීරරත්න)
බිල් ඇන්ඩ් මිලින්ඩා ගේට්ස් පදනම මගින් ජනාධිපති කාර්යාලය වෙත ලබාදීමට යෝජිත ප්‍රතිපත්තිමය සහාය ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතිපත්තිමය කරුණු වලට මගපෙන්වීම සහ රජයේ වැඩසටහන් අධීක්ෂණය කිරීම යන කාර්යයන් ඉටු කරමින් දැනට ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහන තුළ වැදගත් කාර්යයක් ඉටු කරනු ලබන බව රජය පවසයි.
එහිදී විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම්, ලෝක බැංකුවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහන,ආසියා සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති ආධාර වැඩසටහන් ආදී බහු පාර්ශවික ආයතන ගණනාවක් සමග සම්බන්ධීකරණය පවත්වාගෙන යාම මෙන්ම විවිධ රාජ්‍ය සහ පෞද්ගලික අංශ පාර්ශව කරුවන් සමග සම්බන්ධ වී කටයුතු කරනු ලබන බව රජය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිල් ගේට් ප්‍රමුඛ කණ්ඩායම තමයි කියන්නේ ඔබට මේ ලෝකේ කිසිම දෙයක් අයිති නැත... ඒත් ඔබ සතුටින් ඉන්න අනාගතයක් හදනවා කියලා. එකට අඩිතාලම වශයෙන් ඉන්දියාවේ ගොවින්ගේ ඉඩම්වලට තට්ටු කරන්න ගිහිල්ලා ඉන්දියානු කෘෂිකර්ම ඇමැතිගෙන් ටොක්කක් කෑවා. ඔයා එන්නේ අපිට හොඳකට නොවෙයි පරිස්සමින්.... නොකිව්වා කියන්න එපා...
බිල්ගේට්ස්වත් හූරගෙන කන්න වගේ හදන්නේ... ඔය සල්ලි ටිකටත් අබ සරණයි.