නව ජල සම්බන්ධතා වාරික ගෙවීමේ ක්‍රමයට නව ජල සම්බන්ධතා ගැනීමට ජනතාවට පහසු කරමින් සම්බන්ධතා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 02 July 2023
වළකට වැටී දරු දෙදෙනෙක් මරුට පදවිය ,ශ්‍රී පුර ප්‍රදේශයේ වයස අවුරුදු 12 ක සහ 14 පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී මිය ගොස් ඇතැයි ශ්‍රීපුර පොලීසිය පවසයි. 02 July 2023
නිරිත දිගට දිගටම වැස්ස දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 July 2023
ඊශ්‍රායලයේ - කටුනායක ප්‍රථම සෘජු මගී ගුවන් සේවා ඇරඹෙයි ඊශ්‍රායලයේ සිට කටුනායක දක්වා ප්‍රථම වරට සෘජු මගී ගුවන් සේවා ආරම්භ කිරීමට දෙරටේ සිවිල් ගුවන්සේවා අංශ පියවර ගෙන තිබේ. 02 July 2023
ආබාධිත - වැඩිහිටි - රෝගී ප්රතිලාභ ලැයිස්තුව එයි ආබාධිත සහ වැඩිහිටි පුද්ගලයන් සහ රෝගීන් සඳහා වන සුබසාධන දීමනා ලැයිස්තුව මෙම සතියේ ලබන සතියේ ප්‍රසිද්ධ කරන බව සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පැවසීය. 02 July 2023
තේක්ක ගහෙන් මාරයා එයි හෝමාගම මාගම්මන ප්‍රදේශයේ උත්සව ශාලාවක තිබූ තේක්ක ගසක අතු කැපීමට ගිය පුද්ගලයකු එම ගසේ අඩි හතලිහක පමණ උඩක සිට බිමට ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට අද (02) දින ඇතුලත් කල පසු මියගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි. 02 July 2023
පැය පහක ගුවන් ගමනකින් පසු මුතු රාජා තායිලන්තයට ශ්‍රී ලංකාවෙන් තායිලන්තය වෙත රැගෙන ගිය ‘‘මුතු රාජා‘‘ හෙවත් ‘‘සක්සුරින්‘‘ ඇතා රැගත් ගුවන් යානය අද දින ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.33 ට තායිලන්තයේ ’’චියෑන් මායි’’ ( Chiang Mai ) ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ. 02 July 2023
කෝටි දෙකක බීඩිකොළ කරතිව් කළපුවෙන් අල්ලයි වනාතවිල්ලුව කරතිව් කළපු තිරයෙදි ධීවර යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබු රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් බිඩි කොළ තොගයක් 2 දින අලුයම විජය නාවික හමුදා කදවුරු නිළධාරින් විසින් අත් අඩංගුවට ගත් බව කියයි. 02 July 2023
සමූපකාර පාලනයෙන් රජය ඉවත්වීමේ සූදානමක් සමූපකාර ව්‍යාපාරයට රජයෙන් බලපෑම් වන්නේ නම් රජය එහි පාලනයෙන් ඉවත් වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 02 July 2023
හොර නෝට්ටු සමඟ අයෙක් අත්අඩංගුවට පූජාපිටිය බටගල්ල ප්‍රදේශයේ වෙළඳසැලකට ව්‍යාජ රුපියල් 5000 ක නෝට්ටුවක් දී භාණ්ඩ මිලට ගැනීමට සැරසුන පුද්ගලයකු එම වෙළඳ සලේ සේවකයන් සහ අවට සිටි ජනතාව එක්ව අල්ලා පූජාපිටිය පොලිසියට බාර දී ඇත. 02 July 2023
නිධන් ගන්න ගිය 6ක් පොලිස් දැලේ මැණික් එබ්බවූ වලළගම්බා රජුගේ රන් ඔටුන්නක් සහ මැණික් කුල්ලක් ඇති බව පවසමින් එය ලබා ගැනීම් සඳහා කැණීම් කරමින් සිටි පුද්ගලයන් 6 දෙනකු දඹුල්ල කපුවත්ත මොරගොල්ලවත්තෙ ඉඩමකදී සැක පිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීිසිය කියයි. 02 July 2023
බන්ධනාගාර නියාමකට පහරදුන් සිද්ධියේ ප්‍රධාන සැකකරු අල්ලයි නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ හෝටලයක සැඟවී සිටියදී ගිනි අවි තුනක් සහ ජීව උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් යුධ හමුදා කපිතාන්වරයා ගෙන් හා පාතාල සාමාජිකයාගේ සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව මිනුවන්ගොඩ බන්ධනාගාර නියාමකවරයා ට පහරදීමේ ප්‍රධාන සැකකරු ඇතුළු තවත් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය කියයි. 02 July 2023
ලංකාව-ඉන්දියාව අතර බෝට්ටු සේවය තවත් ප්‍රමාදයි අප්‍රේල් මාසයේ ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 02 July 2023
මොටර් රිය මාර ගසක වැදී අයෙක් මරුට:4ක් රෝහලට ඇල්ල සිට බදුල්ල නගරයේ දේවස්ථානයකට යමින් සිටි පිරිසක් රැගත් මෝටර්රථයක් බදුල්ල - බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල කෝව්ල අසලදී අද (2) උදෑසන මාර්ගයෙන් ඉවතට පැන මාරගසක ගැටීමෙන් පුද්ගලයකු මියගොස් කුඩා දරුවන් දෙදෙනකු ඇතුලු සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි . 02 July 2023
මස් වැද්දෝ වනජීවි නිලධාරීන්ට පහර දෙති දඩ මස් සොයා සිදු කළ මෙහෙයුමක නිරත වූ වනජීවි නිලධාරින් දෙදෙනකුට සෙවනගල නලසිරිගම ප්‍රදේශයේදී මැර ප්‍රහාරයකට ලක්වීමෙන් රෝහල් ගතකළ බව උඩවලව වනජීවී කාර්යාලය පවසයි. 02 July 2023
ව්‍යාජ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට වෘත්තියෙන් ලියාපදිංචි වෛද්‍යවරයකු බව හඟවමින් නීති විරෝධී වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 02 July 2023
ණය යෝජනාව සම්මත බව භාණ්ඩාගාර ලේකම්ට දන්වයි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මතවූ බව පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය භාණ්ඩාගාර ලේකම් වරයාට ඊයේ (1) රාත්‍රී ලිපියකින් දැනුම් දුන්නාය. 02 July 2023
හොර බඩු පෙන්නන්න ගිහින් ඉහළ මහලෙන් බිමට පැනලා අපරාධ හයකට සහ මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයකු අත් මන්තු දමා සිටියදී කොටහේන මහල් නිවාසයක පස්වැනි මහලේ සිට බිමට පැනීම නිසා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. 02 July 2023
හන්තාන නැග්ග සරසවි සිසුන් 42 රෝහලට හන්තාන කන්ද තරණය කිරීමට පැමිණි ජවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ මීපේ විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් සිසු සිසුවියන් 42 දෙනකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ . 02 July 2023
තංගල්ලේ ධීවරයන් දෙදෙනා මුහුද මැද පැය පහක සටනක් තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය එක්දින ධීවර යාත්‍රාවක් මුහුදු රළකට හසුව පෙරලීයාමෙන් මුහුදට වැටුණු තංගල්ලේ ධීවරයන් දෙදෙනකු පැය පහකට අධික කාලයක් ජීවිතය හා මරණය සමඟ මහ මුහුදේ පොර බදද්දී මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් පිරිසක් විසින් බේරා ගැනීමේ පුවතක් වාර්තා වෙයි. 02 July 2023
විදුලි සැර වැදී අයෙක් මරුට: දෙදෙනකු රෝහලට මිගොඩ පුවක්හේන පාර ප්‍රදේශයේ අළුත්වැඩියා කරමින් තිබූ දෙමහල් නිවසක උඩු මහලේදී තාවකාලිකව ඇද තිබූ විදුලි රැහැනක් මතට පලංචියක් කඩා වැටීමෙන් විදුලි සැර වැදුනු තිදෙනකුගෙන් එක් පුද්ගලයකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගොඩ පොලිසිය පවසයි . 02 July 2023
ගිනි අවියක් සමග අයෙක් මාට්ටු පුද්ගලයකු පැහැරගෙන ගොස් තියුණු ආයුධවලින් කපා කොටා වෙඩි තබා බරපතල තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයකට තැත්කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය ව සිටි ප්‍රධාන සැකකරු රාජගිරිය මාදින්නාගොඩ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 02 July 2023
නිධන් හෑරු අඹුසැමි යුවළක් මාට්ටු පොලොන්නරුව ලක්ෂ උයන ගම්මානයේ ගෙවත්තක වගා ළිඳක් තුළ නිදන්වස්තු කැණීම් කරමින් සිටි, අඹුසැමි ඇතුළු සිව්දෙනකු පළවෙනිදා සවස අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි. 02 July 2023
‘‘මුතු රාජා‘‘ උපන් බිමට යාමට සූදානමින් තායිලන්තය විසින් මීට වසර 22 කට පමණ පෙර ශ්‍රී ලංකාවට ලබා දුන් ’’මුතු රාජා ’’ නොහොත් ’’ සක්සුරින් ’’ හස්තියා යළි තායිලන්තය වෙත රැගෙන යාම සදහා දින අලුයම 03.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළට රැගෙන විත් තිබේ. 02 July 2023
‘යුක්ලිඩ්’ අඳුරු පදාර්ථ සොයන්න යයි තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබූ විශ්වයේ ඇති අඳුරු ශක්තිය සහ අඳුරු පදාර්ථ ගවේෂණය කිරීමේ අරමුණින්, යුරෝපා අභ්‍යවකාශ ආයතනය නිපදවූ දුරේක්ෂය අභ්‍යවකාශයට යැවීම සාර්ථකව සිදුවිය. 02 July 2023
තේ මිල පහත වැටී කර්මාන්ත ශාලා කඩා වැටේ තේ මිල අනපේක්ෂිත ලෙස, විශාල වශයෙන් අඩු වී ඇතැයි තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා පවසයි. 01 July 2023
පොහොට්ටු තරුණ මැති ඇමැතිවරු අලුත් පාරක් කපති ආණ්ඩුවේ තනතුරු දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් නව දේශපාලන බලවේගයක් ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 01 July 2023
දේශීය ණය යෝජනාව සම්මතයි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (1) පස්වරුවේ වැඩි ඡන්ද 60කින් සංශෝධන සහිතව සම්මත විය. 01 July 2023
නිර්වින්දන වෛද්‍යවරු 167කට ලංකාව එපාවෙලා ශ්‍රී ලංකාවේ නිර්වින්දන වෛද්‍යවරුන් 167 දෙනකු මෙරට සේවය අතහැර එංගලන්තයේ සේවයට ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ. 01 July 2023
ගාල්ලේ තැන් කීපයක පොළොව සෙලවේ ගාල්ල , නෙළුව අකුරැස්ස ඇතුළු ආදි ප්‍රදේශවල භූ චලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය කියයි. 01 July 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026