
(නිමල කොඩිතුවක්ක, යොහාන් භාසුර සහ තිලිනි මධුෂානි)
රනිල් - රාජපක්‍ෂ දුර්දාන්ත ආණ්ඩුව කඳුඵ ගෑස් සහ ජල ප්‍රහාරවලින් සැළකුව ද සමඟි ජනබලවේගය ඔවුන්ට ඡන්දයෙන් පාඩමක් උගන්වන බවත් මැතිවරණයක් පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (30) පස්වරුවේ පැවසීය.
ආණ්ඩුවට විරෝධය දක්වමින් සමඟ ජන බලවේගය කොළඹදී අද (30) පැවැත්වූ විරෝධතාවට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව පාක්‍ෂිකයන් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා එසේ පැවසීය.
රාජ්‍ය ත්‍රස්තවාදයෙන් සහ රාජ්‍ය භිෂණයෙන් ජනතාව තලා පෙළා තිබෙන වර්තමාන ආණ්ඩුව මූනිස්සන්වලින්, කඩුවෙන් හෝ බෝම්බයෙන් නොව ජන බලයෙන් සහ ජන ශක්තියෙන් මැතිවරණයකදී ගෙදර යවන බව කී ප්‍රේමදාස මහතා 2022 වසරේ රට විනාශ කළ ගෝඨාභය රාජපක්‍ෂ ඉවත්කර ප්‍රජාත්‍රවාදයේ මහා විප්ලවාදියා යැයි කියාගන්නා රනිල් ඇතුළු ආණ්ඩුවට වැඩි කලක් පාලනයේ සිටීමට අවස්ථාව නොදෙන බව ද සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුව රටේ ජනතාව නොමරා මරා ජනතාවට කළ හැකි අමානුෂිම පීඩනයට ඇඳදමා ඇති බවත් ලක්‍ෂ 220 ක් ජනතාව හාමතේ සහ කුසගින්නේ තබන තුච්ච ආණ්ඩුවක් බවත් ඒ මහතා කීය.
මෙම විරෝධතාව ආණ්ඩුව ගෙදර යැවීමේ ආරම්භයක් පමණක් බවත් කී සජිත් ප්‍රේමදාස මහතා හැකි ඉක්මණින් මැතිවරණයක් දෙන ලෙස රාජපක්‍ෂලාගේ රූකඩ ජනාධිපතිවරයාට බල කරන බව ද සදඟන් කළේය.
ඔලු ගෙඩි සෙල්ලම් වෙලින් හෝ රට විනාශ කළ රාජපක්‍ෂලා සමඟ ඩීල් දමා නොව සමඟ ජනබලවේගය ජනතා ආශීර්වාදයෙන් බලයට එන බවත් පිට කොන්දක් නැති රනිල් - රාජපක්‍ෂ ආණ්ඩුව කොළඹට පැමිණි ජන ගංගාවට බය වී ඇති බවත් ඒ මහතා කීය.
ආණ්ඩුවේ අත කොකුවන් පෙරවරුවේ අධිකරණ ගොස් තහනම් නියෝගයක් ගෙන ඇති බව කී ප්‍රේමදාස මහතා එවැනි නියෝග තිබුණත් පෙළපාලියෙන් පාරේ ඇවිද්දේ නීති කඩකිරීමට නොවන බව ද සඳන් කළේය.
කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් රනිල් - රාජපක්‍ෂ ආණ්ඩුව පෙළපාලියට පැමිණි දසදහස් ගණනක ජනතාවගේ මානව අයිතිය අමු අමුවේ උල්ලඝණය කළ බවත් රනිල්ට - රාජපක්‍ෂ ආණ්ඩවට කොන්දක් තිබේ නම් මැතිවරණයකින් ජනතාවට අතර එන ලෙස අභියෝග කරන බවත් කීය.
සමඟි ජනබලවේගය රාජපක්‍ෂලා සමඟ ඩීල් දමා නොමැති බවත් වේදිකාවේ මහ දවල් විවේචනය කර රාත්‍රී කාලයේ ඩීල් දාන දෙබිඩි කණ්ඩායමක් නොවන බවත් ද ඔහු පැවසීය.
සමඟි ජන බලවේගය තුළ දවල් මිගෙල් රෑ දනියල් චරිත නොමැති බව කී සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ රට බංකොළෛාත් කළ පුද්ගලයන් එම පක්‍ෂයේ ආණ්ඩුවක් තුළ අනිවාර්යෙන් නීතිය හමුවට ඉදිරිපත් කර ලක්‍ෂ 220 ක් වන ජනතාවට සාධාරණය ඉටු කරන බවත්ය.
සමඟි ජන බලවේගයේ ජයසූරිය මැතිතුමා ඇතුළු පිරිස ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් රට බංකොළොත් කළ ගෝඨභය, මහින්ද සහ බැසිල් යන රාජපක්‍ෂලාගේ ඇතුළු පිරිසගේ දුර්වල ආර්ථික කළමනාකරණය පිළිබඳව අධිකරණ තීන්දුවක් ගැනීම පිළිබඳව සතුටු වන බවත් සමඟි ජන බලවේගය ආණ්ඩු බලය ගැනීමට පෙර එය කළ බව ද අමතක නොකළ යුතු බවත් ඒ මහතා කීය.




2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘දුර්දාන්ත ආණ්ඩුව ජනතා ඡන්දයෙන් පිළිතුරු දෙනවා‘‘
Rata Perata Tuesday, 30 January 2024 08:35 PM
අනිවාර්යයෙන්ම එය විය යුතුයි
Bamunuarachchi Tuesday, 30 January 2024 08:46 PM
කැහි ගැහැණි දීලා, කුෂ්ඨ ගැහැණි ගත්තා වගේ හිටීවී. අපිට හොරිත් මොකද සජියා නේ ආවේ කියලා කස කස ඉන්න පුළුවන්...!
abaran Wednesday, 31 January 2024 01:13 AM
වැස්සට තෙමෙන්න ආස එකේ මෙහෙම තෙමාගන්න කොහොමත් ආස ඇතිනේ...
Deepal Nirosh Wednesday, 31 January 2024 05:28 AM
ඡන්දයෙන් ආණ්ඩුව එළවන්න ඡන්දයක් තියෙන්න එපායෑ? ඔය බොරු විරෝධතා පෙන්නන්න ගිහින් ආණ්ඩුව බයකරලා මේ වසරේ ජනතාවට හිමිවිය යුතු ජාතික මැතිවරණය අහිමි නොකර පළමුවෙන් මැතිවරණය දිනාගන්න වැඩ පිළිවෙලක් යොදන්න...
Balasuriya Wednesday, 31 January 2024 07:19 AM
රටේ සාමාන්‍ය ජනතාවට කරදර අවහිර වන පරිදි කරන උද්ඝොෂණ හෝ රැලි කිසිම තේරුමක් නැත... ජනතාවට කරදරයක් නොවී උද්ඝෝෂණ කිරීම නායකයෙකුගේ වගකීමක්....!
Bamunuarachchi Wednesday, 31 January 2024 09:56 AM
සජබේ නා ගත්තා කියලා පත්තරේ තිබුනේ. අපි දැක්කේ නාවනවා. මිනිස්සු කිව්වේ සජබේ ඇදගෙන නෑවා කියලා...!