IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විදුලි බිලෙන් වංචා කළ උසාවි තැපැල් නිලධාරියා රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

විදුලි බිල්පතක් සඳහා ගෙවූ රුපියල් අනූනමදහස සහ පරිගණක රිසිට්පත බෑගයේ දමා ගෙදරගෙන ගොස් මුදල් වංචා කළේ යැයි කියන උසාවි තැපැල් කාර්යාලයේ තැපැල් සේවා නිලධාරීවරයා   ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය.

 මෙසේ රක්ෂිත බන්ධනාගාරගතකරනු ලැබුයේ රොෂාන් වසන්ත කුමාර නැමැති උසාවි තැපැල් කාර්යාලයේ තැපැල් සේවා නිලධාරීවරයාය.  

කෙසෙල් වත්ත පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
උසාවි තැපැල්කාර්‍යාලයේ තැපැල් ස්ථානාධිපතිවරිය කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවත්  අත්අඩංගුවට පත්වන මොහොතේ සැකකරුගේ බෑගයේ මුදල් ගෙවූ තවත් රිසිට්පත් තුනක් තිබූ බවත් උප පොලිස් පරීක්ෂක ආර්.එම් කරුණාරත්න මහතා කරුණු දක්වමින් පැවසීය.
රජයේ සේවකයෙකු ව සිටිමින් මුදල් වංචා කිරීම ඇතුළු දණ්ඩ නීති සංග්‍රහයේ දඬුවම් ලැබිය යුතු වරදවල් සිදුකිරීමට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
සිලෝන් නිවාස සංකීර්ණයේ විදුලි බිල වූ රුපියල් 99350 මුදලක් තැපැල් කාර්යාලයේ බිල්පත් ගෙවීම් අංශයට යොමු කර ඇති අතර සැකකරු විසින් අදාළ මුදල ගෙවූ බවට රිසිට් පතක් ද නිකුත් කර ඇත.
තැපැල් කාර්යාලයට මුදල් ගෙව්වද විදුලි බිල අඩුවී නොමැති බැවින් අදාල රිසිත් පත ද රැගෙනවිත් තැපැල් ස්ථානාධිපතිවරියට පැමිණිලි කර ඇති අතර,සුභාෂිනි අතුකෝරල නම් ස්ථානාධිපතිවරිය අදාළ පැමිණිල්ල නියෝජ්‍ය තැපැල්පතිවරයා වෙත යොමු කර ඇත.



අදහස් (0)

විදුලි බිලෙන් වංචා කළ උසාවි තැපැල් නිලධාරියා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site