
(යොහාන් භාසුර)
ජනතා ජීවිත බිල්ලට දුන්, ප්‍රශ්න සහගත ඉමියුනොගොලොබියුන් ගනුදෙනුවට සම්බන්ධ හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සාක්ෂි තිබියදීත් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද (31) පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා සාමකාමී සත්‍යග්‍රහයක් පැවැත්වීය.
අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සහ පරිසර, සිවිල්, මහජන සංවිධාන එකමුතුව මෙම සත්‍යග්‍රහ සංවිධානය කළේය.
‘සාක්ෂි තිබියදීත්, ජනතා ජිවිත බිල්ලට දුන් කෙහෙළිය රකින්නේ කවුද? වහා අත්අඩංගුවට ගනු’ යන සටන් පාඨය යටතේ මෙම සත්‍යග්‍රහය සංවිධානය කර තිබුණි.
එහිදී සිවිල් සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන් පොල් ගසා දේව කන්නලව්වක් ද පැවැත්වීය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් හා මහින්දලා තමයි. ඕක දන්නේ නැත්තේ කවුද?
දූෂිත දේශපාලුවන් රජකරන රටක් දේශපාලනීකරණය වෙලා. ශිෂ්ඨ සම්පන්න රටක නම් මෙළහකටත් ඇමැතියා අස්වෙලා...!
එක අතකට ලංකාවේ මිනිස්සුන්ට හොඳ වැඩේ. දැන දැනම 2019 දී හොරු මදාවි මිනී රැලක් බලයට පත්කරගත්තට
කෙහෙළියට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාවට මුදල් ඉතිරි කර ගැනීමටයි, ඒ නිසාම ඔහු Humanimmunoglobin වැනි නියම ඖෂධ පිටරටින් ගෙන්වීමට අවශ්‍ය නොවී ශ්‍රී ලංකාවේ තාවකාලික කර්මාන්ත ශාලාවක ඒවා නිෂ්පාදනය කළේය.