IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වහළය මත සූර්ය පැනලවලින් විදුලි ඒකක කෝටි 63ක් දෙයි

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන වහළය මත සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය යටතේ 2023 වසරේ පමණක් විදුලි ඒකක කෝටි 63 ක් ජාතික පද්ධතියට එක්කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රමෝපාය) ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසීය.

රට පුරා විසිරී සිටින පාරිභෝගිකයන් මෙම  සුවිශේෂී ජාතික කාර්ය සඳහා සහයෝගය දුන් බවත් මෙහිදී සාම්ප්‍රදායික විදුලිය පාවිච්චි කිරීමේ ක්‍රමයෙන් බැහැරව නව තාක්ෂණික අත්දැකීමක් ගනිමින් ජාතික පද්ධතියට විදුලිය විකිණීමට  පාරිභෝගිකයින් යොමුවීම අගය කළ යුතු බවත් ඒ මහතා කීය.

මෙහිදී විවිධ ඉංජිනේරුමය සහ තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් දෙමින් හැකි උපරිම ආකාරයෙන් සූර්ය පැනල පද්ධති ජාතික පද්ධතියට එකතු කිරීමට කටයුතු කර විශේෂයෙන් බෙදාහැරීම් අංශවල කාර්ය මණ්ඩලයේ මෙහෙවර ද අගය කරන බවත් පාරිභෝගිකයන් ලංවිම සමග එක්ව කරන මෙම පරිසර හිතකාමී ව්‍යාපෘති රටේ පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය වී ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (2)

වහළය මත සූර්ය පැනලවලින් විදුලි ඒකක කෝටි 63ක් දෙයි

රංබොඩ Wednesday, 31 January 2024 11:25 AM

මාධ්‍යයට ඔහොම කිව්වාට ඒ වැඩවලට හරියට බාධා කරනවා. දැන් පැනල වලට VAT එකත් ගහලා...

:       0       12

සෙනෙවිරත්න Wednesday, 31 January 2024 11:52 AM

හැබැයි හැඳි දෙකෙන් බෙදනවා, නොබියව ⁣තම මුදල් මුලදීම ආයෝජනය කළ 2023ට පෙර අයට ඒකකයට රු 22 යි ගෙවන්නේ වසර හතයි... දැන් අයට 33 යි.. සදහටම, මේක බලවත් අසාධාරණයක්, සමහරු ඕකේ ලාබ පාඩු හොයහොයා හිටියා, එහෙම නොකර නොබියව පළමුව සවිකළ අයටත් ඒකකයට රු 33 ගනනේ හැමදාට ගෙවලා සාධාරණයක් කරන්න..!

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site