(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය ලබන 7 වැනිදා උදේ 10.30 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව අද (1) නිවේදනය කළේය.
පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කෙරෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
එම ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය ලබන 8 සහ 9 උදෑසන 9.30 සිට සවස 5.30 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (1) තීරණය කළේය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (1) රැස්විය.
පාර්ලිමේන්තුව විවෘත කෙරෙන ලබන 7 වැනිදා එහි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ ප්‍රධානීන් තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd