(රංජන් කස්තුරි සහ යොහාන් භාසුර)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ගුරුවරු අද සිට ඉවත් වූහ.
උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දිනකට ලබා දෙන රුපියල් 2000 දීමනාව මේවර ලබා නොදීම හේතුවෙන් පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලින් ඉවත් වූ බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.
උසස් පෙළ පිළිතුර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා ඉකුත් වසරේදී දිනකට රුපියල් 2000ක විශේෂ දීමනාවක් ලබා දුන් බවත් මෙවර එම දීමනාව කප්පාදු කිරීම නිසා උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ඉවත්වූ බවත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය
ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශක යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසුවේ දීමනාවෙන් අත්තිකාරම් මුදලක් දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය ද එය ඉටුනොකළ බවත් අද දහවල් වන තෙක් එම අත්තිකාරම් මුදල නොලැබීම නිසා ගුරුවරු උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ඉවත් වූ බවත් උන්වහන්සේ කීහ.
ගුරුවරු ස්යෙච්ඡාවෙන්ම උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ඉවත්ව ඇති බව කී යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ මෙය දරුවන්ගේ අධ්‍යාපනයට දැඩි පහරක් බව ද සඳහන් කළහ.
මේ අතර අධ්‍යාපන අමාත්‍ය ආචාර්යය සුසිල් ප්‍රේමිජයන්ත මහතා සඳහන් කළේ උසස් පෙළ පිළිතුරු පත්‍ර හා හැඟීමේ කටයුතුවල යෙදෙන පරීක්ෂකවරුන්ට දිනකට ලබා දෙන රුපියල් 2000 දීමනාව කප්පාදුවකින් තොරව එලෙසම ලබාදීමට පියවර ගන්නා බවය ලබන සදුදා කැබිනට් මණ්ඩලය රැස්වූ පසු ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවද සුසිල් ප්‍රේම ජයන්ත මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලබල වෙන්ට එපා. ලබන සැරේ "සහෝදරවරු" පත් වුනාම රටේ ප්‍රශ්න සියල්ල විසඳෙනවා
ඕං පටන් ගත්තා සුපුරුදු සෙල්ලම. දරුවන් ගෙ අනාගතය එක්කයි මේ කොටු පණින්නෙ
ගුරුවරු කිව්වට ඒ ඔක්කොමලා ගුරුහොරු වෙලා තියෙන්නෙ. රුසියන් කාරයා සහ ජෙපි මහින්ද කොහොම හරි දරුවන්ට අධ්‍යාපනය නැති කරන්න තමයි පුළුවන් තරමින් උත්සාහ කරන්නෙ .උන්දැලා හිතාගෙන ඉන්නවා ඇත්තෙ ජින්පින් (චීනා) වගේ උන්ගෙ නායක තැනගෙ පම්පෝරි ඉගැන්වීම වෙන්න ඇති ගුරුවරු ආදායම් ලබන්නෙ දරුවො නිසා එහෙම තියෙද්දි දරුවන්ට අසාධාරණ වැඩ කලාම එහෙම කරන එවුන්ට මෙලොව පමණක් නොවෙයි පරලොවදීත් සුගතියක් නම් ලබන්න බැහැ. ධම්ම පදයේ කියන්නෙ කරන පව්කාරකම් කරත්තෙ අදින ගොනා පසුපස රෝදය කැරකෙමින් එනවා වගේ පස්සෙන් එනවා කියලා තමයි. කූඩැල්ලා කොට්ටෙ උඩ තියන්න බැහැ වගේ පව්කාරයො යහමගට ගන්න අමාරුයි .මෙහෙම ජනතාව පීඩාවට පත්කරන වෘත්තීය සමිති කාරයින්ට ජාතික ලැයිස්තු මගින් මංත්‍රී තනතුරු දීම වහාම අහෝසි කරන්න ඕන
දැන් ද 2000 ඇමතිතුමාට මතක් වුනේ . ලබන සඳුදා වෙනකං හිටියේ ඇයි. පිළිවෙළකට වැඩක් කරනව නම් මේ වෙනකොට අවශ්‍යතා සම්පුර්ණ කර තියෙන්න ඕන .ගුරුවරුන් ට වැරදි පටවන්න බැහැ . පඩිය ට අමතරව ජීවිතය ගැට ගහගන්න තියෙන නීත්‍යනුකූල ක්‍රම ඒව.