(රෝෂන් තුෂාර)
පිරමීඩ ආකාරයෙන් මුදල් රැස්කළ ඔන්මැක්ස් මූල්‍ය ආයතනයේ සැකකරුවකුට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලට සහාය නොදැක්වූ බේරුවල මැණික් ව්‍යාපාරිකයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ හා මුල්‍ය අපරාධ විමර්ශන අංශය මගින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීය.
පොලිසිය නිකුත් කළ නොතිසිය නොසලකා හරිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට සහය නොදැක්වූ මොහොමඩ් සිරාස් මොහොමඩ් සප්රාස් නමැති මැණික් ව්‍යාපාරිකයාට එරෙහිව මෙම නඩුව පවරා ඇති අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවීය.
ඔන්මැක්ස් පිරමීඩ ජාවාරමට එරෙහිව පවරා ඇති නඩුවේ සිව්වන විත්තිකරු ලෙස නම් කළ සාරංග රන්දික සමග ව්‍යාපාර කටයුතු කළ මෙම මැණික් ව්‍යාපාරිකයා ට විමර්ශන සඳහා සහය දක්වන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ හා මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දංගල්ල මහතා මගින් නොතීසියක් නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd