(යොහාන් භාසුර)
හැත්තෑහය වැනි නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් පෙන්වීමේ වැඩසටහනක් මේ මස 4 වැනිදා (ඉරිදා) ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසීය.
බන්ධනාගාර නිතිරිති හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් එදින දිවයිනේ සියලු බන්ධනාගාරවල එම වැඩසටහන ක්‍රියාත්මක වන බවත් එක් රැදවියකු වෙනුවෙන් ඥති හිතමිතුරන් තිදෙනෙකුට පැමිණීමට අවස්ථාව ලැබෙන බවත් ඒ මහතා කීය.
සිරකරුගේ ඥාතීන් රැගෙන එන ආහාර සහ වෙවනත් පාර්සලයක් එක් අයෙකුට සරිලන ප්‍රමාණයට පමණක් ගෙනවිත් එම සිරකරුට දියයුතු බවත් තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර පරිශ්‍රවලට රැගෙන ඒම තහනම් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද මේ මෙහෙයුම භාරව ලොහාන් රත්වත්තේ කරන්නේ? පසුගිය කාලයේ ඔහු රැඳවියන්ට ආගන්තුකයන් පෙන්වීමේදී ඉතා හොඳින් කටයුතු කර ඇත.