(යොහාන් භාසුර)
මෙරට ජාතික ආදායමෙන් සියයට 64 ක් ඉහළම ධනවතුන් සියයට 10 ක් භුක්ති විඳින බවත් පහළම ස්තරය වන සියයට 50 ක පිරිස ජාතික ආදායමෙන් සියයට 4 ක් පමණ ඉතා සුළු ප්‍රතිශතයක් බුක්ති විදින බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වාර්තාවකින් හෙළි කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
රටේ බදු ප්‍රතිපත්තිය සැකසිය යුත්තේ ඉහත කී බරපතළ විෂමතාවට සරිලන ආකාරයට බවත් එම විෂමතාව පිළිබඳව කිසිත් නොසිතා වක්‍ර බදු තොග පිටින් පැටවීමෙන් පහළම සිටින සියයට 50 ක ස්තරය ජාතික ආදායමෙන් භුක්ති විඳින සියයට 4 ක ප්‍රමාණය ද අහිමි වියහැකි බවත් ඒ මහතා කීය.
වත්මන් පාලකයන් පාලනතන්ත්‍රය මෙහෙයවන්නේ රටේ සැබෑ තත්ත්වය පිළිබඳව නිවැරදි කිරාමැන බැලීමකින් තොරව බව කී ඒ මහතා ආනඩුව හැසිරෙන ආකාරයට අවබෝදයක් නොමැති යැයි පැහැදිළි බව ද වීරවංශ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී වීරවංශ මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් කොහොමද ඔබ තුමා එක පරම ධනවතෙක් උනේ කියල කියන්න බැරිද? කගේ සල්ලිද ඒවා?
ඉස්සර නම් මේ කියන කෙනාටත් ගියා.
මෙයා එන්නේ අර 4% අතරේ වෙන්න ඇති
ඔයත් දේශපාලනයෙන් ධනවතෙක් වෙච්ච හැටි අපටත් කියල දෙන්නකො. අපි ඕනනම් වැඩිපුර පින් ටිකක් අනුමෝදන් කරන්නම් දෙමාපියන්ටත් එක්ක !!!
ඔය කියන ධනවතුන් සමුර්ධිය, අස්වැසුමේ ලබාගන්න ධනයද? නැතිනම් කෝටි ගණන් වියදම් කර ව්‍යාපාර කරලා තවත් රටේ දහස් ගණනකට රැකියා සපයලා හොයන මුදල්ද? ඒ ්ධනවත්තු රජයේ වැඩවලට ගෙනා සිමෙන්ති තමන්ගේ ගෙවල් හදන්න ගෙනියන අය නොවයි නේද?
එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ විදේශ කුමන්ත්රණකරුවන් කියන දේවල්, හරියි කියලා කියන දවසකුත් ආවා එහෙනම් ! LOL
තමුනුත් ඒ 64% ඉන්නවා නේ
පහලම ස්ථරයේ ඉඳලා ඉහලම ස්ථරයට ආපු අයත් ඉන්නවා තමුන්නැහේ වගේ .කටයි ...කයි විතරයි ඕනේ
වක්‍ර බදු නැතිව ඍජු බදු ගෙවන්න සිද්ධ කලොත් රටේ මැදි සහ ඉහල ආදායම ගන්න වෘත්තීය වේදීන් තාක්ෂණවේදීන් හිඟමණටම වැටෙනව. අවසාන ඵලය සියල්ලෝම රට හැර යාම... දුප්පත්කම කියන්නේ කාරනා දෙකයි... නූගත්කම හෝ වෘත්තීය දක්ෂතාවය දියුණුකර නොගැනීම සහ කිසිම රැකියාවක් නොකර නිකම් සිටීම. ගම්වල ජනතාව බහුතරයක් නිකම්ම කාලය කා දමන එක සුලබ දෙයක්. සහනාධාර දීම අත්හිටුවීම අත්‍යාවශ්‍යයි. විකල්ප නෑ..
ඕවා ගැන නොවෙයි දැන් විමල් හොයන්න ඕනෑ... ඊළඟ ඡන්දයෙන් පාර්ලිමේන්තු එන විදිහක්...
මෙයත් ඒ ගණයට අයිති වෙනවා. පා පැදියක්වත් තිබුණාද..?