
(සිතුම් චතුරංග )
දඩයක්කරුවකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් කිලිනොච්චිය,ධර්මපුරම් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා ඇති බව කිලිනොච්චිය,ධර්මපුරම් පොලිසිය පවසයි.
නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් කිලිනොච්චිය වැටලීමකට ගිය අවස්ථාවේ මත්පැන් නිශ්පාදනය කළ ස්ථානය අසල අටවා තිබූ බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පොලිස් කොස්තාපල්වරයාගේදණ හිසට තුවාල සිදුව ඇතැයි කියයි. කොස්තාපල්වරයා කිලිනොච්චිය රෝහලට ඇතුළු කර තිබේ.
එලෙස තුවාල ලබා අැත්තේ ධර්මපුරම් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ 37 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd