(සුජිත් හේවාජුලිගේ )
ලංකාවේ නව තෙත් බිම් තුනක් රැම්සාර් සම්මුතිය යටතේ ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇතිබව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
ඒ අනුව මන්නාරම දිස්ත්‍රික්කයට අයත් වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය, ආදම්ගේ පාලම ජාතික උද්‍යානය, සහ යාපනය දිස්ත්‍රික්කයට අයත් චුන්ඩිකුලම් ජාතික උද්‍යානය නව තෙත් බිම් කලාප ලෙස 2024 වසර ඇතුළත නම් කිරීමට වනජීවි දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත
මෙහිදී වාන්කලෙයි අභයභූමිය, වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය දක්වා පුළුල් කිරීමටද පියවර ගෙන ඇතිබව අමාත්‍යවරිය පැවැසුවාය.
මේ අතර මිරිස්ස සමුද්‍රීය අභයභූමිය ද මේ වසර ඇතුළත ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දසේන ගේ ගෝලයෙක් නේද මෙයා ?
කොච්චර ප්‍රකාශයට පත් කලත් වැඩක් නැහැ, ඒවා රැක ගන්න බැරිනම්. දේසපාලුවෝ සහ හෙන්චයියන් ඒවා වනසමින් ඔවුන්ගේ නොයෙකුත් ව්‍යාපාර නීති විරෝධී අන්දමින් කරගෙන යනවා. තවත් අතකින්, රටේ ජනතාවත් කැලි-කසල සහ අනෙකුත් අපද්‍රව්‍ය කිසිකමකට නැතිව එවැනි තැන් වලට මුදාහරිනවා. නිලධාරීන් ඒවා බල බල පුටු රත් කරනවා. උනුත් එකයි, මුනුත් එකයි, අපිත් එකයි !!!