(යොහාන් භාසුර)
මාතර බන්ධනාගාරයේ ප්‍රධාන තාප්පයට පිටතින් මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය විසිකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසීය.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මාර්ගයේ සිට බන්ධනාගාර තුළට යම් පාර්සලගයක් විසිකළ ආකාර දැක ඇති රාජ්‍ය බුද්ධි අංශ කාර්යාලයේ නිලධාරින් එක පුද්ගලයෙක් භාරයට ගත් බවත් බන්ධනාගාරය තුළ විසිකළ පාර්සලයේ තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට්ටුව බැගින්, සිම්පතක්, ලයිටර් සහ ජංගම දුරකථන බැටරි දෙක බැගින් සහ දුම්කොළ 10 ක් සොයාගත් බවත් ඒ මහතා කීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ තහනම් ද්‍රව්‍ය ඉදිරි නීතීමය කටයුතු සඳහා මාතර මූලස්ථාන පොලිසියට භාරදුන් බවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය විමර්ෂණයක් ආරම්භ කර ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd