
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත (ඔන්ලයින් පනත ) අද (1) සිට බලාත්මක විය.
එම පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (1) සිය සහතිකය සටහන් කළේය. පනත් කෙටුම්පත බලාත්මක වූයේ ඒ අනුවය.
මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගිය මස 23 සහ 24 දිනවල විවාදයට ගැනිණ. පනත් කෙටුම්පත සම්මත වූයේ 24 වැනිදාය.
ඒ අනුව එම කෙටුම්පත 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ලෙස බලාත්මක වේ.
එමෙන්ම පාර්ලිමේන්තුවේ විවාද කර සංශෝධන සහිතව ජනවාරි 09 වැනිදා සම්මතවූ ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පතටද ජනවාරි මස 10 වැනි දින සම්මතවූ අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පතටද මෙහිදී කතානායකවරයාගේ සහතිකය හිමිවිය.
ඒ අනුව උක්ත පනත් කෙටුම්පත් 2024 අංක 7 දරන ජාතික ජලශාස්ත්‍රීය පනත සහ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත ලෙස බලාත්මක වනු ඇත.
මෙම පනත්වලට සහතිකය සටහන් කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණ දිර මහත්මියද නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානයේ නීතිඥ චමින්ද කුලරත්න, සහකාර මාලේකම් නීතිඥ හංස අබේරත්න සහ ව්‍යවස්ථා කටයුතු අධ්යක්ෂ ජනකාන්ත ද සිල්වා යන මහත්වරුද සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නහයට අහන්නේ නැති කෙනෙක්
අපේ ආන්ඩුව ක් ආවම ඔය පනත අහෝසි කරනවා= වෙන්න ජනපති සජී බබා අපේ ආන්ඩුව යටතේ ඔය පනතට අත උස්සපු ඔක්කොම හිරේ යවනවා= (දැනටමත් ජනාධිපති වෙලා ඉන්න දිසානායක මහතා) අපි වැඩ කරනේ අපිට ඕන ලෙස.පුලුවන් දෙයක් කරපල්ලා= (ආන්ඩුව ) ඕක තමා රටේ තත්වේ.පෙන්වන්නේ නාට්‍ය..
මේ ඊනියා පනත, වැරදි ගොඩක් ඇති ඉතාම බාල වර්ගයේ රාජ්‍ය ලේඛනයක්. අද රටේ තිබෙන පාර්ලිමේන්තුවේ සිටින දේශපාලකයින් රැල සහ ජනාධිපති වරයා දස බලද්දි මේ වැනි පනතක් රටේ උත්තරිතර ආයකනයේ සම්මත වීම පුදුම කාරණයක් නොවේ!
මෙය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වෙනු ඇත. 2/3 විශේෂ බහුතරයකින් සම්මත නොවූ නිසා නිතී විරෝධී බව ඔප්පු වනු ඇත.
කතානයකතුමා අයෙත් ඡන්දෙ ඉල්ලයි ද මන්ද....
මෙම පනතට විරුද්ධ ඉස්කෝලේ ගිය අය
පනතට පක්ෂ වුණු අටයත් ඒ සඳහා නන් අයුරින් දායකත්වය දැක්වූ සැමටත්, ඒ අයගේ පවුල්වල සියලු දෙනාටත් නිවන් සැප ලැබේවා...!
ඔය පනතට ඔන්ලයින් සුරක්ෂිතතා පනත නොකියා ‘ මාධ්‍යවල කට වැසීමේ පනත’ වශයෙන් සදහන් කලානම් වඩා නිවැරදියි.
කතානායකයා හෙවත් "..... ගමේ පොලි මුදලාලි " තම " ජිවිතන්තයටම සිරදඬුවම " අත්සන්කොට පිළිගත් ආකාරය.දැන් ඉතින් චන්දෙන් පැරදිලා,ගමේ මිනිස්සුන්ට ගිනි පොලියට සල්ලි දී දී ඉන්න වෙන්නේ නැහැ, චන්දෙන් පස්සේ කෙලින්ම හිරේ !!! දැන්ම ඉඳලා ජම්පර් කිහිපයක් මහලා තියාගත්තොත් හොඳයි...