
(නන්ද එස්. ඒකනායක)
වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් බිංගිරිය දිසා රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි
ජාතික අධ්‍යාපන පීඨයේ සියලුම සිසුන් , කණ්ඩායම හයකට බෙදී අධ්‍යයන චාරිකාවක නිරතව ඇති අතර ඒ සියලු සිසුන්ට අද (31) අලුයම් කාලයේ සිට පාචන හා අධික වමනය නිසා බිංගිරිය රෝහල වෙත රැගෙන ගොස් ඇත.
ගුරු සිසුවියන් 25 ක් පමණ රෝහල් ගතකොට ඇති අතර බොහෝ දෙනකු භාහිර ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.
මේ චාරිකාවේදී බොහෝ පිරිසක් පිටතින් ආහාර ගෙන ඇති බව පවසන අතර මේ සියලුම දෙනා වෙනුවෙන් පොදුවේ විද්‍යා පීඨය තුල සකසන ලද ආහාරයක් විෂ වීමෙන් මේ තත්වය උද්ගතවී ඇත්දැයි වෛද්‍යවරු පරීක්ෂා කරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd