(අංජුල මහික වීරරත්න)
5 ශ්‍රේණියට පහළ දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහල නැංවීම සඳහා දිවා ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන මෙම මාසයේ අරඹන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ලෝක ආහාර වැඩසටහන ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සහල්වලට යකඩ සහ ෆෝලික් අම්ලය මිශ්‍ර කර සකස් කරනු ලබන සබලකෘත සහල් සැකසීම (Fortified Rice) මේ වනවිට ආහාර ප්‍රවර්ධන මණ්ඩලය විසින් ආරම්භ කර ඇත.
එම මණ්ඩලයට අයත් කලංකුට්ටිය සහල් මෝලෙහි සබලකෘත සහල් නිෂ්පාදන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති පාලින්ද සාගර මහතා පැවසීය.
මෙම වැඩසටහන යටතේ පාසල් දරුවන් ලක්ෂ 5කට ඉදිරි මාස 8ක කාලයක් සඳහා මෙම සබලකෘත සහල් සහිත දිවා ආහාර වේලක් ලබා දීමට නියමිතය. මෙම වැඩසටහන සඳහා ලෝක ආහාර වැඩසටහන විසින් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා කෘෂිකර්ම අමාත්‍යාංශයට රුපියල් මිලියන 108ක මුදලක් ලබා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක වේලකට රුපියල් 27ක් වැඩි නැද්ද?
ඡන්දය ළංවෙනවිට සුරංගනා කතා කියල්ලා පටන්ගත්තාද? කෘෂිකර්ම ඇමැතියා නේද ඒ නිසා ඉස්සර වෙලා නොමිලේ දෙනවා කිව්වා පොහොර ටික දීලා ඉන්න...
ඔය පනතට ඔන්ලයින් සුරක්ෂිතතා පනත නොකියා ‘ මාධ්‍යවල කට වැසීමේ පනත’ වශයෙන් සඳහන් කලනම් වඩා නිවැරදියි.
කන්න බලාගෙන හැමදේම කරන්නේ අන්තර්ජාතික ප්‍රතිපත්තියක් හදලා කාටවත් වෙනස් කරන්න බැරිවෙන්න.මොනවා දුන්නත් මේ පාර වැඩක් වෙන්නේ නෑ