(නිමල කොඩිතුවක්කු)
අධිකරණ නියෝගය නොතකා සමගි ජන බලවේග විරෝධතාවයට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරිමට නියෝග දුන් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට, නීතියට සහ අධිකරණ තීන්දුවට ගරු නොකළ පොලිස් නිලධාරීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බව සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.
සමගි ජන බලවේග විරෝධතාවයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායම ඉලක්ක කර කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බවත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
රටේ විපක්ෂ නායකවරයාටවත් දේශපාලනය කිරිමේ අයිතිය වර්තමාන ආණ්ඩුව නැති කර තිබෙන බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදාවින් ,මිනී මරුවෝ අධිකරණයෙන් තීන්දු උන අපරාධකාරයෝ රට පාලනය කරනකොට ඔහොම තමයි