
(අංජුල මහික වීරරත්න)
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 76 වැනි නිදහස් දින පෙරහුරු අතරතුර තුවාල ලැබූ පැරෂුට් භටයින්ගේ සුවදුක් විමසීම සඳහා කොළඹ යුද හමුදා රෝහලට සහ ජාතික රෝහලට ගියේය.
පැරෂුට් භටයන්ගේ සුව දුක් විමසූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ හදිසි ප්‍රතිකාර සඳහා කැපවීම සම්බන්ධයෙන් රෝහල් කාර්ය මණ්ඩලය ස්තුතිය පළ කළේය.
නිදහස් දින උළෙලට පෙර පුහුණුවීම් වල නිරත වූ ගුවන් හමුදා භටයෝ දෙදෙනෙක් සහ යුද හමුදාවේ සෙබළු දෙදෙනෙක් උඩුගුවනේ සංදර්ශනයක් අතරතුරදී පැරිෂුටය හැකිලී බිම වැටී ඊයේ (30) තුවාල ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd