
(අංජුල මහික වීරරත්න)
දැනුම්වත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටක ආර්ථිකය ගොඩනැගිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ දී පැවසීය.
තාක්ෂණ යුගයට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ශක්තිමත් කිරීමට සැලසුම් කර ඇති බවද පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෑම විශ්වවිද්‍යාලයකම කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා ආරම්භ කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව කීවෙි කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (31) පෙරවරුවේ එක් වෙමිනි.
ජීවිත අරගලය ජය ගැනීම සඳහා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ඉතාම වැදගත් වන අතර එම ධර්මය වඩා ගැඹුරින් අධ්‍යයනය කර ලෝකයට ගෙන යාම සඳහා ථෙරවාදි බුදු දහමේ කේන්ද්‍රස්ථානය වන ශ්‍රී ලංකාවට මහඟු වගකීමක් පැවරී තිබෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ථෙරවාදි බුදු දහම පිළිබඳ පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත්, ථෙරවාදි බුදු දහම ලෝකයට ගෙන යාමට මෙන්ම බෞද්ධ රටවල් අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට මෙවැනි බෞද්ධ ආයතනවලට විශාල හැකියාවක් තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ සිසුන්ගේ කැමැත්ත අනුව එහි ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය ඉඩම සහ රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට සූදානම් බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා ආධාර ලබා දුන් විදේශීය පරිත්‍යාගශීලින්ට සමරු තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට කලියෙන් හාල් මුදලාලි කෙනෙකුත් දේශනයක් දීල අනාගත්ත කියල NEWS එකක් පලවෙලා තිබුණ මතකයි ...
විශාල ශබ්ධයක් එහෙම ඇහුනේ නැද්ද ?
මෙයත් පන්සල් කතා පටන් අරගෙන වගේ... ඕවාට අහුවෙන්න තරම් දැන් මිනිස්සු මෝඩ නැහැ.
හරිම වීර ක්‍රියාවක්... හැකි නම් ආරක්ෂක අංශ නැතිව පැමිණෙන්න. කොහොම වුණත් පිනට ලැබුණු ඔය තනතුරේ වැජඹෙන්න තව මාස කීයද?
ජනවරමක් නැතිව ජනාධිපති වෙච්චි මොහු ඡන්දේ කිට්ටුව ජනතා මුදලින් හදපු දේවල් විවෘත කිරීම ඉතා පිළිකුල් සහගතයි.
කෝ ඊයේ සද්දේ දාපු කට්ටිය...? කාගේ හරි දේශපාලන ඉත්තෝ වෙලා බොරුවට නටනවා. පොලිසියේ අයට වැඩ දෙනවා... රටක් ගොඩඑන්නේ කොහොමද? මොවුන්ට ඕනේ රට අරාජික කරලා මිනිස්සු පීඩාවට පත්කරන්න. ගමෙන් ඉගෙන ගන්න කැම්පස් එන ළමයින්ට ඉගෙන ගන්න දෙන්නේ නෑ. ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතිවල ඉත්තෝ වෙලා...
පින් ජනපතිට මොනවා කියන්න බැරිද? ජනතාව පිට බදුපිට බදුගහලා බොරු බේගල් කිව්වාට වැඩක් නැහැ...
මොනවා වුණත් විශිෂ්ඨ වැඩක්. කාලකන්නි ඡෙප්පෝයි, පෙරෙට්ටෝයි හිතන් ඉන්නේ විශ්ව විද්‍යාල අයගේ අම්මලාගේ, අප්පලාගේ බූදලයක් කියලා. මේ අය තමයි අර ස්ටාලීන් එක්ක රටේ අධ්‍යාපනය වනසන්නේ...!
ත්‍රස්තවාදී කඳවුරකට ඇතුළුවී ජෙප්පෝ සමතලා කල ජනාදිපති විරුවට අපේ ප්‍රණාමය
කෝ අර ගේට්ටු වහගෙන මහා සද්දයක් දාලා පිනාට එන්න දෙන්නේ නැහැ කියපු එවුන් බුදිද ,මූ ඇවිල්ලා කතාවකුත් කරලා යනකම් ?
ඕක එයාට කජ්ජක්ද ?රට ගිහිනුත් කතා පවත්වලා ආවේ.කතාව විතර තමයි .කතාව දෝලාවෙන් ගමන පයින්