(යොහාන් භාසුර)
නව විදුලිබල සබඳතා සඳහා එකවර මුදල් ගෙවීමට නොහැකි අයදුම්කරුවන්ට වාරික වශයෙන් ගෙවීම් කිරීමට පහසුකම් දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුලිබල මණ්ඩලයට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
විදුලිබල මණ්ඩලයේ සෙසු සේවා සඳහා ද වාරිකවලින් ගෙවීමේ පහසුකම් සලසන ලෙස ද උපදෙස් දුන් බවත් එම පහසුකම් කඩිනමින් ප්‍රකාශයට පත්කරන ලෙස දැනුම් දුන් බවත් අමාත්‍යවරයා කීය.
මෙම වසරේ විදුලිබල උත්පාදන සැළසුම, අයක්‍රමය, සේවාවන්වල වියදම්, විදුලිබල උත්පාදනය සඳහා අවශ්‍ය වන ඉන්ධනවල මිල, කාලගුණික අනාවැකි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් පද්ධති ඒකකය සමග සාකච්ඡාවක් විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවැත්වූ බව ද අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.