(යොහාන් භාසුර)
බස් සංගම්වල ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණ හොත් ලබන සති දෙක තුළ බස් ගාස්තු සියයට 10 කින් ඉහළ දමන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාාපති ගැමුණු විජේරත්න මහතා අද (1) පැවසීය.
ඩීසල් මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 5 කින් ඉහළ දැමීමත් සමඟ රුපියල් 22 ක බලපෑමක් ඇතිව තිබෙන බවත් සියයට 10 කින් ගාස්තු ඉහළ දැමුවහොත් අවම බස් ගාස්තුව රුපියල් 35 ක් වන බවත් ඒ මහතා කීය.
ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහෙලගේ ධෛර්යය වාට්ටුවල යනවාට මිනිස්සුන්ට කීයක් හරි ගෙවපල්ල, හැම බස් නැවතුම්පලකම නවත්වාගෙන ඉන්නවා. කන පැලෙන්න සින්දු දානවා. කොච්චර පැටෙව්වත් ඇතිවෙන්නේ නෑ. රටේ මිනිස්සුන්ගේ කරුමෙට දැම්ම ලෙඩේ තමයි පුද්ගලික බස් කර්මාන්තය...!
ගැමුණු ලොක්කා. නුඹලා නගරයක් පාසා සිටින කප්පම් කරුවන්ට නැත්නම් කේලම් කරුවන්ට කප්පම් ගෙවන්නෙ මගියාගෙන් ගන්න මුදල් වලින් නේද .ඊළඟට කිසිදාක ඉතිරි මුදල් දෙන්නෙ නැහැ.ඔය කප්පමුන්ට කප්පම් දෙන්නෙ නුඹලාට කේලම් කියන නිසා. නුඹලාගෙ අවශ්‍යතාව මත පමණයි ඉතින් .එහෙම කරන අනවශ්‍ය වියදම් නවතා මගීන්ට සෙතක් හදන්න මතක් කරන්න අවශ්‍ය නැහැ
මොකක්ද විසදුම බලාපොරොත්තු වෙන්නේ. කොරෝනා කාලේ මිනිස්සු අඩුවෙන් ගෙනයනවා කියලා වැඩි කල ගාස්තුව කොරෝනා ඉවර උනාම අඩු කලාද? අපිට තිබෙන විසදුම තමයි ලංගම බස් වැඩි කිරීම හා ඇවිද්ද පය දහස් වටී කියලා කෙටි දුර පයින් යාම.