2024 වසරේ ධන ආර්ථික වර්ධනයක් ආර්ථිකය සංකෝචනය වීම අවම කිරීමට පියවර ගැනීමත් සමග 2024 වසරේදී 1.8% හෝ 1.9% ක ධන ආර්ථික වර්ධන වේගයක් කරා ගමන් කිරීමට හැකි වනු ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. 05 October 2023
වැස්ස දිගටම බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 October 2023
දුම්රිය වැඩ වර්ජනයේ:සිසුහු - මගීහු අමාරුවේ ගුටි කෙලියක් හේතුවෙන් දුම්රිය උප නියාමකයන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනය තුළත් ක්‍රියාත්මක වීම නිසා දුම්රිය මගීහු සහ කාර්යාල සේවකයෝ දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 05 October 2023
දුම්රිය වර්ජකයන්ට එරෙහිව තදින්ම නීතිය දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේ නීති රීති තදින්ම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. 05 October 2023
බෙහෙතුත් අරන් දොස්තරගේ ෆෝන් එකටත් විදලා කොළඹ බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගී පුද්ගලයකු වෛද්‍යවරයා සතු රුපියල් ලක්ෂ හතරක් වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනය සොරාගෙන ගොස් ඇතැයි බ්ලූමැන්ඩල් පොලිසිය පවසයි. 05 October 2023
ගනේමුල්ලේ සංජීවගේ තවත් ගිනි අවි සොයාගනී දින 90 ක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබා දෙන වීරගුල පොලිස් ස්ථානය රඳවා තබා සිටින පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව නමැත්තාගෙන් ප්‍රශ්න කර හෙළිකරගත් තොරතුරු මත මුල්ලේරියාව ප්‍රදේශයේ ලදු කැලෑවක සඟවා තිබූ විදේශීය විදේශිය නිෂ්පාදිත පිස්තෝල අවි දෙකක් බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්සොයාගෙන ඇත. 05 October 2023
ජනපති ජර්මනියේ Deutsche Welle සමග කතා කරයි මානව හිමිකම් සම්බන්ධයෙන් හොඳම වාර්තාව තියෙන්නේ තමාට යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ Deutsche Welle මාධ්‍ය ආයතනය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. 04 October 2023
ආහාර හිඟයක් ගැන අනතුරු අඟවයි මේ වනවිට රටේ උද්ගතව ඇති හදිසි කාලගුණික වෙනස්කම් වල බලපෑම නිසා ආහාර හිඟයකට මුහුණ දීමේ අවදානමක් මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 04 October 2023
චීනාගේ පාස් පොත සමග ගමන් මල්ල උස්සලා හෙට දින නැවත මව් රටට යාමට බලාපොරොත්තුවෙන් සිටී චීන ජාතිකයෙකුගේ විදේශ ගමන් බලපත්රයද සහිත ගමන් මල්ල අද (04) පස්වරුවේ දුම්රියේ ගමන් ගනිමින් සිටියදී සොරකම් කර ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි. 04 October 2023
ඇඟ පෙන්නා මුදල් ගරලා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිය නිරුවත අළෙවි කළ 33 හැවිරිදි සුරූපී විවාහක කාන්තාවක මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය කියයි. 04 October 2023
විදුලිපංකාවෙන් ආ මාරයා සිසුවා බිලි ගනී ලෝක ළමා දිනයට සමගාමීව පුස්සැල්ලාවේ පාසලක පැවති උත්සවය වෙනුවෙන් පන්ති කාමරේ පැවති සාදයේදී ඩෙස් එකක් උඩ නැග සිසුන් දෙතුන් දෙනකු සමඟ නටමින් සින්දු කියමින් සිටි එක් සිසුවකු ගේ හිස සිවිලිමේ සවිකර ක්‍රියාත්මක වෙමින් තිබූ විදුලි පංකාවේ වැදීමෙන් බරපතළ තුවාල ලබා මියගොස් ඇතැයි පුස්සැල්ලාව පොලිසිය පවසයි. 04 October 2023
මාතර සියලු පාසල් හෙට අනිද්දා වසා තැබෙයි මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (05) සහ අනිද්දා (06) වසා තැබීමට තීරණය කළ බව මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඔමිනි මුදලිගේ මහතා පැවසීය. 04 October 2023
ශ්‍රී ලංකාවට සහය දිවීමේ ලෝකඩ පදක්කමක් චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400X4 පිරිමි සහය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (4) පස්වරුවේ සමත් වූහ. ශ්‍රී ලංකා කණ්ඩායම මිනිත්තු 3:02.55 කින් තරගය අවසන් කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවීමට සමත් විය. 04 October 2023
උසස් පෙළට දින නියම වෙයි අපොස උසස් පෙළ විභාගය - 2023 ලබන වසරේ ජනවාරි මස 4 වැනිදා සිට 31 වැනිදා දක්වා පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 04 October 2023
දිසා හතකට නාය අනතුරු පවතින කාලගුණය හේතුවෙන් කොළඹ, ගාල්ල, හම්බන්තොට, කලුතර, කෑගල්ල, මාතර, රත්නපුර යන දිස්ත්‍රික්ක 07 ක් සඳහා අද(4) පස්වරුවේ සිට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. 04 October 2023
තරුෂි ලක් මෑණියන් රනින් සරසයි චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තරුෂි කරුණාරත්න අද (4) පස්වරුවේ සමත් වූවාය. 04 October 2023
මගීහු හා දුම්රිය සේවකයෝ ගැටුමක කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන ඇතුළුව රට පුරාම දුම්රිය ස්ථානවලට රැස්ව සිටි මගී ජනතාව දුම්රිය ස්ථානවල කාර්ය මණ්ඩල සමඟ ගැටීම හේතුවෙන් බොහෝ දුම්රිය ස්ථානවල උණුසුම් තත්වයන් ඇතිවිය. 04 October 2023
‘‘ජෙරම් ආගම්වලට අපහාස කරලා‘‘ මේ වන විට අධිකරණය මග හැර සිටීන දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිය ආගමික මතවාදයන් ප්‍රවර්ධනය කිරීම සඳහා බුද්ධාගම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසයක් සිදු කර ඇතැයි නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවින්ද්‍ර වික්‍රම මහතා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 04 October 2023
ලාෆ් ගෑස් මිලත් ඉහළට ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරය මිල අද (4) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 150 කින් ඉහළ දැමූ බවත් රුපියල් 3,835 ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරය මිල රුපියල් 3,985 ක් දක්වා ඉහළ ගිය බවත් ලාෆ් ගෑස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය. 04 October 2023
කෙහෙළියගෙන් සජිත්ට බිස්කට් පැක්ට්ටුවක් ත්‍රිපෝෂ සමාගම ළදරුවන් වෙනුවෙන් නිෂ්පාදනය කරන බිස්කට් පැකට් තුනක් පාර්ලිමේන්තු සභා ගර්භයට අද ( 4) රැගෙන ආ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එය තමා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දෙන බව පවසා සේවකයකු අත ඔහු වෙත යවනු දැකගත හැකිවිය. 04 October 2023
වත්කම් ප්‍රසිද්ධ කර ඇත්තේ 225න් 12යි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැන වූ කොන්දේසියක් අනුව වත්කම් බැරකම් ප්‍රකාශය ප්‍රසිද්ධ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් දොළොස් දෙනෙක් පමණක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (4)පැවසීය. 04 October 2023
කබ්රාල් - ලලිත් නිදොස් කොට නිදහස් ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක (රුපියල් කෝටි 211) මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (04) නියෝග කළේය. 04 October 2023
දුම්වැටියේ පළහිලව්වට දුම්රිය ගමන් අඩාලයි දුම්වැටියක් පානය කරමින් දෙමටගොඩ ප්‍රධාන ඉංජිනේරු ධාවනාගාර මූලස්ථානයට ඇතුළු වී සිටි බව කියන දුම්රිය උප නියාමකවරයෙකු සහ දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන්වරයෙකු අතර ඇති වූ බහින් බස් වීමකින් පසුඇතිවූ ගැටුමකදී දෙදෙනාම තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසයි. 04 October 2023
දුම්රිය ගමන් වාර 20 ක් නවතී දුම්රිය නියාමක සංගමයේ වර්ජනය හේතුවෙන් මේ වන විට දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති බවත් පස්වරුවේ ක්‍රියාත්මක කිරීමට නියමිත ගමන් වාර රැසක් ද අවලංගු වීමේ අවදානමක් ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. 04 October 2023
නාය යාමේ අවදානමක් තෙලිජ්ජවිල මැදි විදුහල පන්ති 15 වහයි මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වයක් සමග අද උදෑසන මාතර තෙලිජ්ජවිල මධ්‍ය මහ විද්‍යාලයට පස් කන්දක් නාය යාමෙන් එම පාසලේ ගොඩනැගිල්ලක් දැඩි අලාභ හානී සිදු විය. 04 October 2023
රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකුට මෙම වසරේ රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය, විද්‍යාඥයන් තිදෙනකු අතරේ බෙදී යන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය. 04 October 2023
දරුවන්ගේ දවසේ කිරිබත්ගොඩ දරුවන්ට අත පිරෙන්න තෑගි ලෝක ළමා දිනය නිමිත්තෙන් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 200 දෙනකුට පොත් පත් ඇතුළු පාසල් උපකරණ කට්ටලයක් බැගින් නොමිලේ ලබාදීමේ පින්කමක් කිරිබත්ගොඩ ස්කයිලයින් බ්‍රිටිෂ් පෙර පාසලේදී ( ආර්පිකෝ අසල) පසුගිය 3 වැනිදා ඉරිදා පැවැත්විණ. 04 October 2023
බොරු අංක යෙදූ ජිප් රියක් අල්ලයි වසර තිස් නවයකට පෙර පොලිසියට ගෙන්වා තිබු ජිප් රථයක් වෙන්දේසියෙන් ලබාගෙන එහි අංක සහ වැසි අංක යොදා නීති විරෝධීව සකස් කර ධාවනයට යොදා තිබියදී සුඛෝපභෝගි ජිප් රථයක් සමග කෝටිපති ව්‍යාපාරිකයකු පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකක විසින් රිදීමාලියැද්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. 04 October 2023
රේගුවට අයි.එම්.එෆ් අප්‍රසාදය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රේගුව පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කර තිබෙන බව පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 04 October 2023
ලිට්රෝ ගෑස් රුපියල් 343 කින් වැඩි කරයි ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 343 කින් වැඩි කිරීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පෙරවරුවේ පැවසීය. 04 October 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026