(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඡන්ද කටේ පළාත් පාලන ආයතන වලට බෙදන්නට වෙන් කළ රුපියල් ලක්ෂ සීයක මුදල ස්මාර්ට් පන්ති කාමර ඉදිකිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එම මුදල් වලින් ස්මාර්ට් පන්ති කාමර දහයක් හදන්නට හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද පිළිගත් බව විපක්ෂ නායකවරයා කීය.
"අධ්‍යාපන අමාත්‍යතුමාට කොහෙන් වත් ආරාධනාවක් ලැබුණේ නෑ. ඒ උනත් මගෙන් නම් ආරාධනාවක් තිබෙනවා. යාලු හිතවත් කමට නෙමෙයි, ඔබතුමාගේ දැනුම කේන්ද්‍ර කරගෙනයි මා ඒ ආරාධනාව කරන්නේ" යනුවෙන්ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ඡන්ද කටේ තබාගෙන වැරදි වැඩ කරන්න එපා යැයි කී විපක්ෂ නායකවරයා අනිවාර්යයෙන්ම එවැනි ක්‍රියා අභියෝගයට ලක් කරන බවද සඳහන් කළේය. බංකොලොත් රටක කිසිම වග වීමක් නැතිව මෙලෙස කටයුතු කරන්නේ ඇයි දැයි සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනුම කේන්ද්‍ර කරගෙන ආරාධනා කරනවා කියන්නේ එතකොට ඔයාට වඩා දැනුම තියෙන තවත් අය ඉන්නවා කියලා පිළිගන්නවද? අනික ඔයා හිතන්නේ මේ ස්මාර්ට් කාමර වලින් විතරක් අධ්‍යාපනය දියුණු වෙනවා කියලාද? එහෙන් ගන්නවා මෙහෙන් බෙදනවා. හැබැයි ඒවා දෙන්නේ කවු ද කියලා අහන්න කවුරුත් නෑ, කියන්න කෙනෙකුත් නෑ.
මෙයාගේ දැනුම කොතරම් හොදට කේන්ද්‍රීය වෙලා තියෙනවාද කිව්වොත් පුරවැසියෙක් නොවන හොර වැසියෙක්ව පක්ෂයේ උප ලේකම් කරගෙන, නාමයෝජනා පවා අත්සන් කරවා ගෙන දැන්, පාර්ලිමේන්තු මන්ත්‍රීධූර පමණක් නොවෙයි, පක්ෂයේ පැවැත්ම පවා අභියෝගයට ලක්වෙන තරමට මෝරලා තියෙන්නේ.
ස්මාර්ට් කාමර දාල රෑ ඉස්කෝල දැම්මනම් මේ වගේ උගතුන් විශාල පිරිසක් රටට බිහි කරන්න තිබුන .
"උස නම් සිකියුරිටි, මිටි නම් කම්කරු" කියලා රැකියාවලට තෝරනකොට මෙයාගේ දැනුම කේන්ද්‍ර වෙලා තිබුණේ කොහේද?
ඇමැති තුමෝ ඔහෙත් මෝඩ තමයි ,ඒත් මෙච්චර නැහැ, ඒක නිසා මෙයා කියන ස්මාට් කතා නැතිව වහලවල් තෙමෙන ඉස්කෝල හදන්න, වැසිකිලි නැති ඒවට වැසිකිළි දෙන්න, ළමයින්ගෙ බඩ පුරවන්න. මෙයාට ස්මාට් ලෙඩේ, හිඟන්නන්ට පව්ඩර් දාල මොකටද මුල හිටන්ම නාවල අලුත් ඇඳුම් අන්දනව මිස.