(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩුබායි සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්නා රමේෂ් නමැත්තාගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ යතුරුපැදියක් සොයා ගැනීමට හැකිවූ බව බස්නාහිර පළාතේ දකුණු දිශාව අපරාධ කොට්ඨාසය කියයි.
එම දේපළ සොයාගැනීමට හැකි වී ඇත්තේ අවිස්සාවේල්ල යාලගම නාපාවෙල ඔහුගේ නිවසේ සඟවා තිබියදීය.
අත් බෝම්බය නිවස තුළ වළ දමා තිබියදී සොයාගෙන ඇති අතර යතුරුපැදිය සොයාගෙන ඇත්තේ නිවස පිටුපස සඟවා තිබියදීය.
බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ජනක කුමාර මහතාගේ අත්සනින් යුතුව ත්‍රස්තවාදය වැළැක්වීමේ 7/1 පනත යටතේ පැය 72 ක කාලයක් සැකකරු අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා කටයුතු කරන බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පල්ලියක පොලිසියට සැක සහිත බඩු හැටියට හම්බ උනේ සුවඳ කූරු, ගිනි පෙට්ටි, සෙලෝටේප් වගේ දේවල්
මේ තරම් අපරාධ කරපු එකේක්ගේ ගෙදරින් එච්චරයි ද හොයා ගත්තා කියලා දැන් අපිට කියන්නේ