IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


අවුරුදු තුනට රතු බිල් කෝටි තුනක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විදුලිය නිසි වේලාවට නොගෙවීම හේතුවෙන් 2022 සිට 2024 දක්වා   රතු බිල් තුන් කෝටියකට ආසන්න ප්‍රමාණයක්  නිකුත් කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විදුලිය බිල් කලට වේලාවට නොගෙවීම හේතුවෙන් දහතුන් ලක්ෂ අටදහස් අටසිය හැත්තෑ  එක් දෙනකුගේ   විදුලිය විසන්ධි කර ඇතැයිද  ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පත් කළ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එක් ලක්ෂ විසි හය දහස් අට දෙනකුගේ ගිණුම් අවසන් කර ඇති බවත්  දහනව ලක්ෂයක් නව විදුලි සබඳතා ලබාගෙන ඇති බවත්  ඔහු ප්‍රකාශ කළේය. රටේ විදුලිය පාරිභෝගිකයන්   හැත්තෑ  දෙලක්ෂයක් සිටින බවද කංචන විජේසේකර මහතා   ප්‍රකාශ කළේය.

 



අදහස් (6)

අවුරුදු තුනට රතු බිල් කෝටි තුනක්

ලුම්බිණි Wednesday, 08 May 2024 10:56 AM

ඔය එක් ලක්ෂ විසි හය දහස් අට දෙනා අතර හිටපු සහ හිටින මැති ඇමති කීයක් දෙනෙක් ඉන්නවද කියලත් කියනවද?

:       2       5

ravin Wednesday, 08 May 2024 12:23 PM

පොදු ජනතාව ගැන ඔය කතා ඔක්කෝම? කියන්නකෝ බලන්න දේශපාලුවන් කිදෙනෙකුට රතු නිවේදන යැව්වද කීදෙනෙකුගේ විදුලි විසන්ධි කළාද කියලා?

:       2       8

Prabha Wednesday, 08 May 2024 12:24 PM

රතු බිල් එනකල් නොගෙවා ඉන්නේ ආසාවට කියලාද දන්නේ නැ හිතන් ඉන්නේ

:       1       12

sam Wednesday, 08 May 2024 12:26 PM

කාටද ආඩම්බර...? රට හොරාකාපු දේශපාලුවන්ට තමයි මේකේ ලොකුම ගෞරවය යන්න ඕනේ. ඊට පස්සේ දැන් ඉන්න විදුලි ඇමැතිට...

:       1       13

H.M.Withanachchi Wednesday, 08 May 2024 02:26 PM

පව් අසරණ මිනිස්සු. මුං මේවා කියන්නේ හරි උජාරුවෙන්..ආසියාවේ වැඩිම විදුලි ගාස්තු.. ඇටේට වෙච්ච දෙයක්..

:       1       11

Srinath priyantha Wednesday, 08 May 2024 10:27 PM

ඔයාලාගේ කෙරුවාව දැන් පේනවානේ... මිනිස්සුන්ට කන්නවක් විදියක් නැ.. ඒ වුනාට කියන්නේ අපි තමයිි හොදටම කොලේ කියලා.. කොරලා තියන හරිය පේනවා..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බන්ධනාගාර නිලධාරීන්ට 15000ක් දෙන්න කැබිනට් සංදේශයක්
2024 මැයි මස 20 57 0

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.


මුලින්ම එන මැතිවරණය ගැන එජාපයෙන් ප්‍රකාශයක්
2024 මැයි මස 20 466 1

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුලින් ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිත


ජනපති ඉරානයට ශෝකය පළ කරයි
2024 මැයි මස 20 445 2

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන්ගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශ


කෝටි හතක හෙරොයින් ගෙනා පකිස්තාන කත ගුවන්තොටේදී මාට්ටු
2024 මැයි මස 20 491 0

හෙරොයින් තොගයක් සිය ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සඟවා ගෙන පැමිණි විදේශීය කාන්තාවක් අද (20) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුව


’’මං සන්ධාන ගත වුනේ ජාතික නායකයන් එක්ක’’
2024 මැයි මස 20 1407 4

තමා සන්ධානගත වූයේ ජාතික නායකයන් සමඟ හෙයින් දිස්ත්‍රික් නායකයන් කියන කතා ගණන් නොගන්නා බව මහනුවර දිසික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ප


දිස්ත්‍රික්ක 9 කට නාය අනතුරු ඇඟවීම්
2024 මැයි මස 20 124 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 825 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2375 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2036 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site