(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලිය නිසි වේලාවට නොගෙවීම හේතුවෙන් 2022 සිට 2024 දක්වා රතු බිල් තුන් කෝටියකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විදුලිය බිල් කලට වේලාවට නොගෙවීම හේතුවෙන් දහතුන් ලක්ෂ අටදහස් අටසිය හැත්තෑ එක් දෙනකුගේ විදුලිය විසන්ධි කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පත් කළ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එක් ලක්ෂ විසි හය දහස් අට දෙනකුගේ ගිණුම් අවසන් කර ඇති බවත් දහනව ලක්ෂයක් නව විදුලි සබඳතා ලබාගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. රටේ විදුලිය පාරිභෝගිකයන් හැත්තෑ දෙලක්ෂයක් සිටින බවද කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එක් ලක්ෂ විසි හය දහස් අට දෙනා අතර හිටපු සහ හිටින මැති ඇමති කීයක් දෙනෙක් ඉන්නවද කියලත් කියනවද?
පොදු ජනතාව ගැන ඔය කතා ඔක්කෝම? කියන්නකෝ බලන්න දේශපාලුවන් කිදෙනෙකුට රතු නිවේදන යැව්වද කීදෙනෙකුගේ විදුලි විසන්ධි කළාද කියලා?
රතු බිල් එනකල් නොගෙවා ඉන්නේ ආසාවට කියලාද දන්නේ නැ හිතන් ඉන්නේ
කාටද ආඩම්බර...? රට හොරාකාපු දේශපාලුවන්ට තමයි මේකේ ලොකුම ගෞරවය යන්න ඕනේ. ඊට පස්සේ දැන් ඉන්න විදුලි ඇමැතිට...
පව් අසරණ මිනිස්සු. මුං මේවා කියන්නේ හරි උජාරුවෙන්..ආසියාවේ වැඩිම විදුලි ගාස්තු.. ඇටේට වෙච්ච දෙයක්..
ඔයාලාගේ කෙරුවාව දැන් පේනවානේ... මිනිස්සුන්ට කන්නවක් විදියක් නැ.. ඒ වුනාට කියන්නේ අපි තමයිි හොදටම කොලේ කියලා.. කොරලා තියන හරිය පේනවා..