නෙළුම් පොකුණ අසලින් මාර්ගය වහයි නෙළුම් පොකුණ අසලින් ටවුන්හෝල් දක්වා දිවෙන සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මාවත තාවකාලිකව වසා දැමුණු බව කුරුදුවත්ත පොලීසිය කියයි. 05 October 2023
යාළුවා බේරන්න ගිහින් කූඩුවේ ලගී අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මුදා හැරීම සඳහා රුපියල් 5000ක අල්ලසක් ලබා දීමට තැත් කළ පුද්ගලයෙකු පොලිසිය තුළ දීම අඩංගුවට ගත් බව මහව මුලස්ථාන මුලස්ථාන පොලිසිය කියයි. 05 October 2023
ලක්මව රනින් සැරසූ තරුෂිට මැතිසබයෙනුත් මල් මිටක් ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දින ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් එක් කළ මහනුවර වලල මධ්‍ය මහ විදුහලේ තරුෂි දිල්සරා කරුණාරත්න සිසුවියට පාර්ලිමේන්තුවේ උණුසුම් සුබපැතුම් අද (5) පිරිනැමිණ. 05 October 2023
සාධාරණය ඉල්ලා නීතීඥයෝ පාරට ‘මුලතිව් විනිසුරුට සාධාරණය ඉටුකරනු, අධිකරණ විනිසුරුවන්ට බලපෑම් කිරීම නවතනු’ යන ඉල්ලීම් මුලිකරගෙන නීතිඥයෝ පිරිසක් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපිට අද (5) දහවල් විරෝධතාවක් දැක්වූහ. 05 October 2023
ජනපති තරුෂිට කතා කරයි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න සිසුවියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථන ඇමතුමක් ලබාදී සුබ පැතුම් පළ කළේය. 05 October 2023
සැක සහිත මළ සිරුරක් හංවැල්ලේ නිවසක නිර්වස්ත්‍රව ලේ පැල්ලම් කිහිපයක් සහිතව කාමරයක් තුල උඩුකුරුව වැටී සිටි කාන්තාවකගේ මළ සිරුරක් හංවැල්ල වැලිකන්න ඉහලවත්ත ප්‍රදේශයේ නිවසක තිබී අද (05) දින සොයා ගත් බව හංවැල්ල පොලිසිය පවසයි. 05 October 2023
වාහන සමාගමකට ලොකු බදු තෑග්ගක් දුන් කෙනා අනුර හෙළි කරයි රටට සෑම ඩොලරයක්ම වටිනා මොහොතක විදුලිය වාහන දෙමුහුන් වාහන එකලස් කරන සමාගමකට සම්පූර්ණ බදු සහන දුන්නේ කාගේ වුවමනාවට දැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (5) ප්‍රශ්න කළේය. 05 October 2023
මාතරට කඩිනම් සහන දෙන්න නියෝග අධික වර්ෂාව සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා සොයා බලා ඔවුන්ට සහන සැලසීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාතර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 05 October 2023
’’ජනතාව දුකේ: ආණ්ඩුව ඔහේ බලාගෙන ඉන්නවා’’ වතුර බිල,විදුලි බිල, ගෑස් මිල වැඩිවී ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටියත් ආණ්ඩුව ඒ ප්‍රශ්න විසඳනවා වෙනුවට වගේ වගක් නැතුව ඔහේ බලාගෙන සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 October 2023
ලෝකයේ සත්ව විශේෂ සියයට 22ක් වඳවීමේ තර්ජනයට හඳුනාගෙන ඇති සත්ව විශේෂවලින් 8% ක් දැනට ලෝකයට අහිමි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 05 October 2023
’’කාලය ආවම ගනු දෙනුව ගන්නවා’’ දේශපාලන අත පෙවීම් මත පාර්ලිමේන්තුවේ යම් යම් නිලධාරීන් මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න අහන්න තියෙන අවස්ථාව නැති කර ඇතැයිද ’’කාලය ආවම එයාලා එක්ක ගනුදෙනුව ගන්නවා’’ යැයිද සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ දී අද (5)පැවසීය. 05 October 2023
නිවසට ගලක් පෙරැළි තිදරු පියා මරුට ගාල්ල ඉහළ ඩික්සන් පාරේ බෑවුමේ පිහිිටි ගලක් වැලිවත්තේ නිවසකට පෙරැළී යාමෙන් අද (05 ) එක් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 05 October 2023
රන් පදක්කමක් දිනූ තරුෂිට ක්‍රිකට් ආයතනෙන් කෝටියක් ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්නට රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළ බව එහි සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය. 05 October 2023
වයඹ පාසල්වලට වන අලි තර්ජන වයඹ පළාත තුළ වන අලින්ගේ තර්ජනයට ලක්ව තිබෙන පාසල් 240 ක් මේවනවිට හඳුනාගෙන ඇති බව වයඹ පළාත් අධ්‍යාපන අධ්යක්ෂ කාර්යාලය මගින් නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛනයකින් පෙන්වාදී තිබේ . 05 October 2023
කොත්තු - රයිස් - ප්ලේන්ටි මිල ඉහළට ගෑස් මිල ඉහළ දැමීම හේතුවෙන් කොත්තු, රයිස් සහ ප්ලේන්ටි මිල ඉහළ දැමූ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. 05 October 2023
අපරාධ කල්ලි සහායිකාවක් අල්ලයි ගනේමුල්ල සංජිවගේ ගෝලයෙකු බව කියන දැනට ඩුබායි රාජ්‍යයේ සැගව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන කලන නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන 27 වියැති තරුණිය (ඉමා) අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 05 October 2023
දුම්රිය වර්ජනය අවසන් දුම්රිය නියාමක සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවීමට එම සංගමය තීරණය කර තිබේ. 05 October 2023
ලංකාවේ රිලව් ගන්න තවත් රටවල් පෝලිමේ මේ රටේ රිලවුන් මිලදී ගැනීමට චීනයට අමතරව තවත් රටවල් ගණනාවකින් ඉල්ලීම් ඉදිරිපත්වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 October 2023
අයවැය කතාව කරන තුරු දෙවෙනි වාරිකය නෑ අයවැය කථාව ඉදිරිපත් කරන තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැන වාරිකය ලැබෙන්නේ නැතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (5)පැවසීය. 05 October 2023
’’රංජිත් මට බැල්ලි කිව්වා’’ පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දක්වද්දී සමගි ජනබලවේගයේ රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා තමාට ’’ බැල්ලී’’යනුවෙන් අමතමින් අපහාසයක් කළ බව පත් කළ මන්ත්රීනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවට අද (5) වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළාය. 05 October 2023
කාරයේ දොර පෙදරේරුවාට මරු කැඳවයි යාපනය යාපනය චුන්නාකම් පොලිස් වසමේ උප්පුමඩම් මංසන්ධියේදී කාරයක දොරක යතුරුපැදිකරුවෙකු ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගිය බවට පොලීසිය පවසයි. 05 October 2023
ලොක්කන් තවත් හතක් පත් කිරීමට මැතිසබේ අනුමැතිය තනාපතිවරුන් ඇතුළු තවත් ප්‍රධානීන් හත් දෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය. 05 October 2023
සිඟිත්තාගේ මරණයට නාගරික සංවර්ධන ලොක්කෙක් අත්අඩංගුවට මෝටර් රථ අනතුරකින් වයස අවුරුද්දක දරුවෙකු තුවාල ලබා මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය පවසයි. 05 October 2023
දුම්රිය වර්ජනය අවසන් කරන්න සාකච්ඡාවක් ප්‍රවාහන රාජ්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාගේ සහභාගිත්වයෙන් දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් දුම්රිය මුලස්ථානයේදී මේ වන විට පැවැත්වේ. 05 October 2023
ළමා ආරක්ෂණය පිළිබඳ කමිටු වාර්තාව ජනපතිට මෙරට දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමේ අරමුණින් ළමා ආරක්ෂාව පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේ දී බාර දුන්නේය. 05 October 2023
ගැටුමට මුල්වු දුම්රිය ආරක්ෂක සැරයන්ගේ වැඩ තහනම් දුම්රිය උප නියාමකවරයකු හා දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන්වරයකු අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක හමුදා සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය. 05 October 2023
2024 වසරේ ධන ආර්ථික වර්ධනයක් ආර්ථිකය සංකෝචනය වීම අවම කිරීමට පියවර ගැනීමත් සමග 2024 වසරේදී 1.8% හෝ 1.9% ක ධන ආර්ථික වර්ධන වේගයක් කරා ගමන් කිරීමට හැකි වනු ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. 05 October 2023
වැස්ස දිගටම බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 October 2023
දුම්රිය වැඩ වර්ජනයේ:සිසුහු - මගීහු අමාරුවේ ගුටි කෙලියක් හේතුවෙන් දුම්රිය උප නියාමකයන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනය තුළත් ක්‍රියාත්මක වීම නිසා දුම්රිය මගීහු සහ කාර්යාල සේවකයෝ දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 05 October 2023
දුම්රිය වර්ජකයන්ට එරෙහිව තදින්ම නීතිය දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේ නීති රීති තදින්ම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. 05 October 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026