IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාව ඉන්දියාව අස්ථාවර කරන්න හදනවා

ඉන්දීය මහ මැතිවරණය අතරතුරේ, ඉන්දියාව අස්ථාවර කිරීමට ඇමෙරිකාව සූදානම් වෙනවා යැයි රුසියාව චෝදනා කරයි. 

රුසියාව, මෙසේ චෝදනා කළේ, ඉන්දියාවේ නවදිල්ලියේ ආගමික නිදහස උල්ලංඝනය වෙනවා යැයි ජාත්‍යන්තර ආගමික නිදහස සම්බන්ධ ඇමෙරිකන් කොමිසම වාර්තාවක් නිකුත් කරමින් ඉන්දීය රජය විවේචනය කිරීමත් සමඟය.

රුසියන් රජය වෙනුවෙන් මෙසේ චෝදනාව කර ඇත්තේ එරට විදේශ අමත්‍යාංශයයි. රුසියන් විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මරීයා සකරෝවා පෙන්වා දී ඇත්තේ, ඉන්දියාවේ හින්දු වැසියන්ගේ ජාතිකවාදී මානසිනත්වය සහ ඉන්දියාවේ ඉතිහාසය සම්බන්ධයෙන් ඇමෙරිකාවට කිසිදු අවබෝධයක් නැති බවත්, ජාත්‍යන්තර ආගමික නිදහස සම්බන්ධ ඇමෙරිකන් කොමිසම ආගමික නිදහස සම්බන්ධයෙන් ඇමෙරිකන් රජයට පදනම් විරහිතව චෝදනා එල්ල කරන බවත්ය.

ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ආරම්භ වී ඇත. එය අදියර හතකින් පැවැත්වෙයි. මැතිවරණය අවසන් වන්නේත් ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවන්නේත් එලැඹෙන ජූනි මාසයේය. මැතිවරණය ආරම්භ වූයේ පසුගිය අප්‍රේල් මාසයේය. 

අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය හින්දු ජාතිකවාදී පක්ෂයක් වන අතර, ඔවුන් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාර කටයුතු සිදු කරන්නේ හන්දු වැසියන්ගේ ජාතිකවාදී හැඟීම් ඉස්මතු කරමින් යැයි විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානය ද චෝදනා නගා ඇත. 

මැතිවරණය පැවැත්වෙන අතරතුරේ, ජාත්‍යන්තර ආගමික නිදහස සම්බන්ධ ඇමෙරිකන් කොමිසම අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂ රජය විවේචනය කිරීම, ඉන්දියාව අස්ථාවර කිරීමට හේතුවක් යැයි රුසියාව චෝදනා කර ඇත්තේ මේ නිසාය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (5)

ඇමෙරිකාව ඉන්දියාව අස්ථාවර කරන්න හදනවා

BITTER TRUTH Thursday, 09 May 2024 12:59 PM

ආණ්ඩුව සහ බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRA , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)

:       27       26

Prabha Thursday, 09 May 2024 02:27 PM

මේ බයිඩන් ගොයියා නම් ලෝකය නැතිකරන්න ආපු සාපයක්...

:       3       20

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 09 May 2024 03:10 PM

අපොයි අපට පූටින් කියන කතා අහලා දෙපැත්තෙන්ම හිනා යනවා !!! පුටින් උන්මත්තකයා අස්ථාවර කරපු රටවල් ගැන මෝදි කාලය නාස්ති කරන්නේ නෑ. ඉන්දියාව අස්ථාවර වෙනවා කියා පූටින් කාරයා බය වෙන්නේ, යුක්රේන ආක්‍රමණය නිසා රුසියාවට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව පනවා තිබෙන සම්බාධක කඩමින්, හොරෙන් ඉන්දියාව හරහා ලෝක වෙළඳ පළට අලෙවි කරන ඉන්ධන, ගෑස් අලෙවියට කෙල වෙනවාට බයවෙලා මිස ඉන්දියාවට "ලව්" නිසා නොවෙයි..

:       29       15

සමන් විමල් Thursday, 09 May 2024 09:25 PM

කවුරුද මේ සූකරයා මැව්වෙ...

:       0       0

liyanna Friday, 10 May 2024 08:47 AM

මේ ඔබ දකින්නේ සැබෑ මිතුදමක් ද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 84 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 881 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site