
(සමන් පාලිත නානායක්කාර )
ධාවන කාලසටහනක් මුල් කරගෙන ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ලංගම හා පෞද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තරවරු අතර ඇති වූ ගැටුමකින් අද (08) බණ්ඩාරවෙල ඩිපෝවේ සියලු බස්රථ ධාවනයෙන් ඉවත් වී ඇති බව බණ්ඩාරවල ඩිපෝව පැවසීය.
ගැටුමෙන් පසු දෙපාර්ශවයේම කොන්දොස්තරවරු හා රියදුරුවරු ඇතුළු හතර දෙනකු බණ්ඩාරවෙල දිසාරෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවද පොලිසිය පැවසීය.
ලංගම බස් රථ සේවකයින් දෙදෙනා සහ පෞද්ගලික බස් රථ සේවකයින් දෙදෙනා මෙලෙස රෝහල් ගත කර තිබේ. මේ හේතුවෙන් මගීහු දැඩි අපහසුතාවයකට පත් වී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපි මොන තරම් කාලකන්නි රටක් ද ? මගී ප්‍රවාහනයේ යෙදෙන මේ දොගොල්ලෝම නයි මුගටි වගේ . ආයතන නම් හැට හුට හමාරක් තියෙනවා එත් මේ දෙගොල්ලන්ගෙන් කාර්යක්ෂම හා විනීත සේවයක් ලබාගන්න බැරි වෙලා තියෙනවා කියන්නේ මේ හැමෝම ලජ්ජා .වෙන්න ඕන . අද බණ්ඩාරවෙල , ආයෙත් හෙට තව තැනක . ලැජ්ජයි
ආයතන කියන්නෙ ඉතින් දෙපැත්තක් ගහ ගත්තාම රෝහලයි, පොලිසියයි, උසාවියයි තමයි.
බස් අයිතිය තනි පුද්ගලයින්ට දීමට තීරණය කරපු ඇමැතිතුමා, නිලධාරි සියලුම දෙනා මතක් කළා කියන්න. සිංගප්පූරුවේ නම් තනි අයිතිය දෙන්නේ නැහැ.