(ගයාන් සූරිය ආරච්චි)
ත්‍රිවිධ හමුදාවන් තුළ සේවය කර විශ්‍රාමලත් හමුදා නිලධාරීන් සංචාරක වීසා මත රුසියාව සහ යුක්‍රේනය වෙත රැගෙන ගොස් කුලී හේවායන් ලෙස යෙදවීමේ මිනිස් ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි නාවික හමුදාව පවසයි.
යුද්ධ භූමියේදී බරපතල තුවාල ලබා ඉතාමත් අසරණව සහ කිසිදු හව්හරණක් නොමැතිව ඉන් සමහරක් එහිදී මිය යන බවටද තොරතුරු වාර්තා වී ඇත.
මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හෝ ඊට අනුබල දෙන සක්‍රීය සේවයේ නියුතු හමුදා පුද්ගලයින් හෝ වෙනත් අයවළුන් සම්බන්ධ තොරතුරු තිබේනම්, නාවික හමුදා මූලස්ථානයේ දුරකථන අංක 0117192142 හෝ 0117192250 යන අංකයන් වෙත තොරතුරු ලබාදෙන මෙන් නාවික හමුදාව ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තණ්හාව ශෝකයට මුල වේ
රට යවන්නන් ගැන හොයනවාට වඩා විශ්‍රාමික හමුදා සාමාජිකයින් මෙවනි රුසියා හෝ යුක්‍රේන් ඉදිරි අරක්ශක වලල්ලට යන්න හේතු සොයා බලන්න ඕනෑ. පවතින අර්තික තත්වේ අනුව ඔව්න්ට ලැබෙන සොච්චම් පෙන්ශන් එක මදි නිසාත් හමුදාවල සිටියදී කිසිම රැකියා පුහුනුවක් නොදි එළියට දැමීමේ පල විපාක නිසා අද ඒ අය ජීවිතේ ගැනවත් තකන්නේ නැතිව අඹු දරුවන්ගේ අනාගතේ වෙනුවෙන් දුක්විඳිනවා. කෙලෙහි ගුණ දන්නේ නැති රටක් මේක. කිසිම සැලැස්මක් නැතිව හමුදාවලට බඳවාගෙන අවුරුදු 22 න් එළියට දානවා. එක්කෝ security, එක්කො පාතාලය, එක්කෝ රටවල කුලී හමුදාවල රැකියා තෝරා ගන්නවා. හරිම ඛේදජනකයි.
රට යවන්නන් ගැන හොයනවට වඩා විශාමික හමුද සමජිකයන් මෙවැනි රුසියා හො යුක්‍රේන් ඉදිරි ආරක්ශක වලල්ලට යන්න හේතු සොය බලන්න ඕනි. පවතින ආර්ථික තත්වෙ අනුව ඔවුන්ට ලෑබෙන සොච්චම් පෙන්ශන් එක මදි නිසාත්, හමුදාවල සිටියදි කිසිම රෑකියා පුහුනුවක් නොදී එලියට දැම්ම පල විපාක නිසා, අද ඒ අය ජීවිතෙ ගැනවත් තකන්නෙ නැතිව තමුන්ගේ දරුවන්ගෙ අනාගතේ වෙනුවෙන් දුක්විඳිනවා . කෙලෙහි ගුණ දන්නෙ නැති රටක් මේක . කිසිම සැලැස්මක් නැතිව හමුදා වලට බඳවාගෙන අරුදු 22 න් එලියට දානවා . එක්කො security, එක්කො පාතාලය ,එක්කො රටවල කුලී හමුදාවල රැකියා තෝරා ගන්නවා. හරිම ඛේදජනකයක්.