
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දෙමළ මාධ්‍යයෙන් උසස් පෙළ කරන සිසුන් සඳහා රත්නපුර ප්‍රදේශයේ සුදුසුකම් සහිත පාසලක් නොමැති වීමෙන් සිසුන්ට හැටන් ප්‍රදේශයේ පාසල් වලට යාමට සිදුවී ඇතැයි පොදු ජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රත්නපුර සහ බලංගොඩ යන නගර දෙකේම දෙමළ මාධ්‍ය සිසුන් මේ හේතුව නිසා දැඩි අසීරුතාවයකට පත්ව තිබෙන බව කී වලේබොඩ මහතා අඩු ගණනේ රත්නපුර සහ බලංගොඩ දෙමළ මාධ්‍ය පාසල් සඳහා පුරප්පාඩු ගුරුවරුන් ලබාදිය යුතුව තිබෙන බව සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කීවෙි අදාල ගැටලුව සබරගමු පළාත් ආණ්ඩුකාරවරයාට යොමු කර සති දෙකක් ඇතුලත තොරතුරු ලබාගන්නා බවයි.
උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සිදු කරමින් සිටින අතර ඒ අනුව දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු ඉදිරියේදී පිරවීමට හැකියාව ලැබෙන බවද සඳහන් කළේය.
නව පාසලක් අවශ්‍ය නම් ඒ සඳහාද යෝජනා ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ ලං වෙනකොට මෙයාලට මතක් වෙන දේවල් ... හරියට ගිය සතියේ මන්ත්‍රී වුණා වගේ..