
(රන්ජන් කටුගම්පල)
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය රීට් ආඥාවක් අද (08) නිකුත් කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ඇතුළු විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශ කළේය.

(රන්ජන් කටුගම්පල)
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය රීට් ආඥාවක් අද (08) නිකුත් කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ඇතුළු විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසානයේ ජය ලැබුවා.
පාර්ලිමේන්තු සභා ගර්භයේ තිබුණ එක කුණු ගොඩක් එහෙම නම් අයින් කෙරුණා.
චන්දෙ ගොඩක් ලං වෙලා.
විශිෂ්ඨයි...!
මේ වැඩේ කරන්න පුදුම ප්‍රමාදයක්නේ තිබුණේ...!
අවසාන කාලය අද ඉඳන් උදාවුණා...
හෙට අනිද්දාම කොහොමත් පාර්ලිමේන්තුව විසුරුවා හිරේට පස්සේ ඔක්කොගේම මන්ත්‍රී ධූරය අහෝසි... කොහොමද නීතියේ නැමිල්ල..
නියමයි ඔහොම යන් . ගලි බවුසර් ස්ලියට
ඇය එක්සත් රාජධානියේ පුරවැසියෙකි. ඇය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණියේ කෙසේද? මගේ දැනුමට අනුව ඇය විපක්ෂයේ සජිත් ප්‍රේමදාසගේ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණ ආණ්ඩු පක්ෂයට ගොස් රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබා ගත්තාය.
කක්කුස්සි කටට විරාමයක්
ඇයගේ පාර්ලිමේන්තු තනතුර සඳහා මහජන මුදලින් දරන ලද වියදම පාර්ලිමේන්තුව විසින් අයකර ගත යුතුය.
රතිඤ්ඤා නැද්ද අරන් තියපු. පන්සලෙ ඝාන්ටාරෙ කැඩුනා වගේ තියෙයි ඉස්සරහට
ස්වාධීන අධිකරණ තීන්දුවට අපගේ උත්තමාචාරය...!!! ඒ ලෙස නිවේදන නිකුත්වනු ඇත...
ඉතාමත්ම ශ්‍රේෂ්ඨ තීන්දුවක්...! අළුත් ආණ්ඩුවකදී බොහෝ වෙනස්කම් සිදුවේ යැයි බලාපොරොත්තු වෙමි. සියල්ල එකතු වී මගඩි කාරයින් එලවා යහපත් රටක් තැනීමට හරි තැන පෙල ගැසෙමු.
අම්මෝ යන්තම් ඇති. මේක පොලිසියට චූ යන වැඩක් වෙලා තිබුණේ. බලන්න රටෙන් පිටුවහල් කරන්න පුළුවන්ද කියලත්...!
එතකොට මෙච්චරකල් ගත්තු මුදල් සහ වරප්‍රසාද...?
බොහොම වැඩි උඩ පැන්නා .අපි නම් හිතුවා ඔයාට ස්විප් එකක් ඇදෙයි කියලා
අපි බැලුවා මොකද මේ පරක්කු කියලා... ගරු අධිකරණය ඉතා හොඳ තීන්දුවක් ප්‍රකාශ කරලා. ඔය වගේම කොයි පැත්තට වුණත් පනින අය ගැනත් හිතා බැලුවොත් ඉතා හොඳයි.
ගරු අධිකරණය වෙත ප්‍රශංසා වේවා .. !!! පිළිකුල් දේශපාලනයේ සැබෑ නිරුවත රටට පෙන්වන අවස්ථාවකි මෙය. නීතිය රජවේවා. රටට ජනතාවට ජයවේවා..!!!
අපරාදේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ චරිතයක්...
කෙළින් කතාකරපු, කෙළින් තීන්දු තීරණ ගත්තු යකඩ ගැහැණියක්... මේ වගේ අය තමයි අද කාලේ ඉන්න ඕනේ...
ඇති යාන්තම් . පාර්ලිමේන්තුවේ එතෙක් මෙතෙක් හිටපු අප්‍රසන්න පුද්ගලයා
ඉබ්බා නැසුණේ කට නිසාය
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අතිවිශිෂ්ඨයි... එයාට හිස නමා ආචාර කරමි.. මේ කාන්තාව පාර්ලිමේන්තුවටත් ස්ත්‍රීවර්ගයාටත් අපකීර්තියක්
උත්තම අධිකරණයට අපේ ප්‍රණාමය...!
රජයට මහජනතාවට අසත්‍ය කීම, මහජන මුදල්, රාජ්‍ය දේපල දැන දැනම අයුතු ලෙස පාවිච්චි කරමින් වංචාකිරීම යටතේ වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට යොමු කල යුතුයි.
අධිකරණය රටේ උතුම් ආයතනයක්. රට හරි පාරට යන්නේ ගරු අධිකරණය නිසා.අනීතික විදියට වරප්‍රසාද භුක්ති විඳිමින්, රටේ සංස්කෘතිය විනාශ කරන්න නොයෙක් යෝජනා ගෙන ඒමයි ,තමන්ට පාර්ලිමේන්තුවට එන්න ඉඩ සලසා දුන් පක්ෂයටත් පිටුපාපු මනුස්සයෙක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76(1) යවස්ථාවෙහි “පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාධයක බලය අත් නොහළ යුත්තේ ය. කිසිම ආකාරයකින් අන්සතු නොකළ යුත්තේ ය. කවර වූ හෝ ව්‍යවස්ථාදායක බලයක් ඇති කිසිම අධිකාරියක් පාර්ලිමේන්තුව විසින් නොපිහිටවිය යුත්තේ ය.” යනුවෙන් පනවා ඇත. ඩයනා ගමගේ රටේ ජනතාව සතු පරමාධිපත්‍යයයේ බලය වංචනික ලෙස භුක්ති විදීම පිළිබඳවත් සහ පාර්ලිමේන්තු වරප්‍රසාද වංචනික ලෙස භුක්ති විදීම පිළිබදවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මේ තැනැත්තිය පිළිබඳව ක්‍රියා කිරීම ඇවැසි ය. මෙතෙක් කල් ජනතාවගේ බඳු මුදලින් පාර්ලිමේන්තු වරප්‍රසාද භුක්ති විදීමට වැය කළ සියලු පිරිවැය ඇයගෙන් අය කර ගත යුතු ය. එසේ නැතිව මේ තැනැත්තුයට රටින් පිට වීමට ඉඩ නොදී ජනතාවගේ පරමාධිපත්‍යය බලය (සහ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය) අත් නොහැර ක්‍රියා කිරීම ද සැමගේ හිමිකම ය. වගකීමය. මේ තැනැත්තිය විසින් ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය මෙතරම් කලයක් කෙලෙසා දැමීම අතිශයින් ම කණගාටුවට කරුණකි.
ඇති යාන්තම්. ඔය එක්කෙනා පාර්ලිමේන්තුවේ ඉන්නකොට මුළු පාර්ලිමේන්තුවම කෝලම් මඩුවක් වෙලා තිබ්බෙ.
අධිකරණය ස්වාධීනව කටයුතු කිරීම ගැන අපගේ ගෞරවනීය ප්‍රණාමය පුදකරනවා ..යුක්තිය නීතිය සාධාරණය කාටත් පොදුයි .එවන් රටක් බිහිවේවා!
දැන් තමන්ගේ පුරවැසිභාවය තියන රටට ගිහින් ගංජා වවාගෙන නයිට් ක්ලබ් දාගෙන ඉන්න පාර්ලිමේන්තුවේ
ඉතින්, ඇගේ නමින් ලියාපදිංචි පක්ෂය ගැන කුමක් කිව හැකිද? එය නීත්‍යානුකූලද?
අම්මෝ ලොකු දෙයක් .පාර්ලිමේන්තුවම නිහඬයි
මන්ත්‍රී ධූරය අහෝසි උනානම් අනිත් දේවලුත් ඔප්පු වෙනවා , දැන් ඇයට විරුද්දව නීති මගින් කට යුතු කරන්නේ නැත්ද ?
ස්වාධීන අධිකරණ තීන්දුවට අපගේ උත්තමාචාරය...!!!
මෙච්චර කල් ගත්ත වැටුප.හොරකම් ,වරප්‍රසාද .ඒවාට මොනවද වෙන්නේ
ඕනෙවට වඩා නැටුවා ,උඩපැන්නොත් බිම වැටෙනවා
හොද වැඩේ - පාර්ලිමේන්තුවට මේ වගේ චරිත ගෙනාපු එකට සජිත් වග කිව යුතුයි.
මේ වගේ චරිත වලට රාජ්‍ය ඇමතිකම් දීපු අයත් වගකියන්න ඕනේ
එයා ගෙනාවේ රංජිත් මද්දුමබණ්ඩාර .
රනිල්ගේ කෙනෙක් යන්තම් එළියට විසිකරා...
පෙරේරා කියපුදේ ඉතාමත් වැදගත් එකක් කියන්න පුළුවන්.... ඒක වැරැදියි නම් එම පක්ෂයේ මංත්‍රීලා සියලු දෙනාම හරි වෙන්න බැහැ. ඒ වගේම බැසිල්ගේ නායකත්වය දරණ පොහොට්ටුවත් වැරැදියි කියන්න පුළුවන්. බැසිල් ලංකාවට ආවොත් තමයි පක්ෂයේ ක්‍රියාත්මක වෙන්නේ... එයින් පේනවා ඔහු පක්ෂයේ නායකයා කියලා. එය හරි නම් එම පක්ෂයෙන් මන්ත්‍රී තනතුර ගත් සියලු දෙනාටම අයින්වෙලා යන්න වෙනවා...!
මිනිස්සු කොච්චර අකමැති පිරිස් ද මේ රට පාලනය කරන තැන ඉන්නේ. මේකද ප්‍රජාතන්ත්‍රවාදය. මේ දැන් ඉන්න කිසිම කෙනෙකුට මිනිස්සු කැමැති නෑ. ඡන්දෙන් පස්සේ අනිත් අය ගැනත් බලාගන්න පුළුවන්... අපක්ෂපති අධිකරණ තීන්දුවට අපගේ ගෞරවය.
දැන් නෝනේ ගෙදර ගිහින් නිවාඩුවේ ගංජා ටිකක් වවාගෙන ජීවත් වෙන්න පුළුවන්. රටේ මිනිස්සුන්ගේ ලොකු බලාපොරොත්තු වක් ඉටු උනා... අධිකරණ තීන්දුවට අපගේ ගෞරවය.
මේ දැනට ආණ්ඩු කරන රාජපක්ෂලා සහ වික්‍රමසිංහලා යන දෙපිරිසම තමන්ගේ පැත්තේ කෙනෙක් මොන තරම් වරදක් කළත් ඊට විරුද්ධව නීතිය ක්‍රියා කිරීම, මගහැරීම සම්බන්ධයෙන් නම් දරාපු, කප්ගහපු උදවිය. මතකනේ මර්වින් සිල්වා අයි.ටී.එන් එකේ යකා නැටුව එකට උසාවියට ඉදිරිපත් කරලා තිබුනේ ඊයේ පෙරේදා 17 වසරකට පස්සේ. අර්ජුන මහේන්ද්‍රන්ව ශේප් කරලා මොකද්ද එකකට යන්න කියලා පැන්නුවා. පැන්නුවාම තමයි, මිනිහා මුහුදට වැටුණු ඉඳිකට්ටක් වගේ අතුරුදන් වුණා. ඒ වගේම තමයි මේ ලෝකල් ඩයනාට විරුද්ධව ආණ්ඩුව ඉදිරි කටයුතු කරලා නීති විරෝධීව ලබාගත් මහා ධනස්ඛන්ධය නැවත ලබා ගනීවි කියලා ජනතාව නිකම් බලන් හිටියොත් ඔය මනුස්සයා පැදුරටත් හොරෙන් එංගලන්තෙට පැනගෙන වහාම අන්ත්‍රස්ධාන වෙනවා. ඒ නිසා සමාජ ක්‍රියාකාරීන් ඉන්නවා නම් මේ මොහොතේම ඔවු හෙට අනිද්දා නෙමෙයි දැන් දැන්ම නීතිමය කටයුතු කරලා ඇයට රටින් පැනගන්න බැරි විදියට කටයුතු කළ යුතුයි. ඔය වගේ හොරට ඉන්න අනිත් අයටත් පාඩමක් වෙන්න. නැතිනම් සිද්ධ වෙන්නේ අශ්ව වෙළඹ පැන්නට පස්සේ ඉස්තාලේ වහනවා වගේ අනාගන්න.
ගැහැණු සීමාව ඉක්මවලා පිරිමි වෙන්න ගියාම ඔය දේ වෙනවා. ඒක පාර්ලමේන්තුවටත් එකයි. එළියටත් එකයි.
ඔහොම වෙයි කියලා බොහෝ අය සිතුවා. ලැයිස්තුවෙන් සජබේ මන්ත්‍රීකම අරගෙන වාසියට ආණ්ඩු පක්ෂයට පැන්නා. මහා කන්කරච්චලයක් ඉවරවීම ගැන සතුටුයි.
මේ සියල්ල දැනගෙන මෙයාට මන්ත්‍රී ධුරයක් දුන්නු සජිත් මීට වගකිව යුතුයි.
මේකට දුන්න පඩි, වරප්‍රසාද, වාහන බලපත් අයකර ගන්න ඕනේ. කාදිනල් තුමාට බැනලා 14 දවසකින් පිල්ලියට යන්න වුණ. අර වඩේ කාරයට ළඟදීම දෙවියෝ සළකයි.
මේ වගේ අය පාර්ලිමේන්තුවේ වාඩි කරපු අයටත් දඬුවම් දෙන්න ඕනෑ. මේ සේරම එකම බෝට්ටුවේ ඉන්නේ...!
රට කන්න ආව කටක්. නිවරැදි මිනිස්සුන්ට මඩ ගැහුවාම ඔහොම වෙනවා
ටටා බායි, මම යනවෝ. රජ කාලෙන් පස්සේ මම තමයි එංගලන්තෙන් ලංකාව පාලනයට ආවෙ..
අන්තිමට ඉහළ උසාවිය තින්දු කරනකම්ම එයාව එළවා ගන්න බැරි වුණු සෙට් එක ගැන නම් හරිම මිහිරි හැඟීමක් තියෙන්නේ...
කොහොම වුණත් ඇය ඉතා දක්ෂ කෙනෙක්, ඇයට වඩා දැනුම අඩු අය මොනතරම් පාර්ලිමේන්තුවේ ඉන්නවද?
ඔක්තෝබර් වලට පස්සේ ඉතින් එංගලන්තයේ චාර්ල්ස්ගේ පිහිට තමයි.
හරි.. එක අසාධාරණ බලයක් පෙන්නපු එක බැලුමක හුළං ගියා.. තව බැලුම් පොකුරක් තියනවා... හැබැයි මෙයාව අනීතිකව පාර්ලිමේන්තු ගෙනාපු පුතාණෝ ගැනත් කියන්න ඕනෑ නැද්ද?
සමාජ ක්‍රියාකාරික වෙනම ඕෂල හේරත් මහතා විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකමින් මෙම තීන්දුව අද දිනයේ ප‍්‍රකාශ කළේය. දැන් ඕෂලගේ නමත් අමතක වෙලා වගෙයි මාධ්‍යයට...
හපොයි මම ගංජා වවන්න කියල ණය වෙලා තන මල්විලෙන් ගත්ත අක්කර දහය..!
නීති හදන උන් නීතිවිරෝධී වැඩ කරනවා. මෙයා දිවුරුම් දෙනකොට දැනගෙන හිටියේ නැද්ද මේ ගැන කව්රුවත්. පුදුමයි අපේ රට.. මෙයා කරලා තියෙන්නේ බරපතල වරදවල් ගොඩක් දඬුවම් ලැබෙයි.
ඔබ වැන්නවුන් දහ දොළොස් දෙනෙක් පාර්ලිමේන්තුවට අවශ්‍යයි.