කෝටි හයහමාරක මත්ද්‍රව්‍ය රේගුවෙන් අල්ලයි රුපියල් හය කෝටි හැට නව ලක්ෂ හතලිස් දහසක් වටිනා කොකේන් සහ මරිජුවානා මත්ද්‍රව්‍ය තොගයක් ඇමෙරිකාවේ සිට ගුවන් පාර්සල් තැපැල් ඔස්සේ කොළඹ පිහිටි මගී භාණ්ඩ නිශ්කාශන ආයතනය වෙත එවා තිබියදී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (21) දින අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ රේගු අධ්යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය . 21 November 2023
අයවැය වැඩි ඡන්ද 45 කින් සම්මතයි අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2024) දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 45 කින් පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සම්මත විය. 21 November 2023
මැතිවරණයකට බිලියන 10 ක් වෙන්වෙයි ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10 ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 21 November 2023
හමුදාව අධිවේගී රාජකාරියට බහියි අධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකකරණය කිරීමට පිඹුරුපත් සැකසීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් අද (22) මාර්ග සංවර්ධන අධිකාරියේ සියලුම ශ්‍රේණි වලට අයත් සේවකයන් අසනීප නිවාඩු වාර්තා කර සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමට තීරණය කිරීමත් සමගම එම රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා හමුදා නිලධාරීන් යෙදීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත 21 November 2023
මව් තුරුලෙන් පාසලට දැදුරුඔය පිටාරගැලීමෙන් රස්නායකපුර , පොළොන්තලාව සහ දිගිලිය යන ගම්මාන වල ජනතව තම එදිනෙදා අත්‍යාවශ්‍ය කටයුතු පවා ඉටුකර ගැනීමට නොහැකිව මහත් පීඩාවට පත්ව සිටිති. 21 November 2023
ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලට ලෝක කුසලාන වරම් දකුණු අප්‍රිකාවට සත්කාරත්ව අද (21) හිමිවූ වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමට දීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව එකඟ වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා පැවසීය. 21 November 2023
කලා වැවෙන් එතෙර වෙන්න ගිහින් අතරමං වූ අලියා බේරාගනී කලාවැව ජාතික උද්‍යා නය තුළ පිහිටි කලාවැවේ ජල මට්ටම ඉතා ඉහළ මට්ටමක පවතිද්දී කලාවැව තරණය කිරීමට ගිය දෙනෙත් අන්ධ වන අලියකු කලාවැව් දිය මත දී යායුතු මග සොයා ගත නොහැකිව අතරමංව සිටියදී බේරා ගැනීමට ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීහු සමත්වූහ. 21 November 2023
කොටුව රෙජිස්ට්‍රාර්ගේ සිද්ධියට තවත් අයකු රිමාන්ඩ් කොටුව මහේසත්රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියගේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් තවත් සැකකරුවකු හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන තෙක් හෙට (22) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(21) නියෝග කළේය. 21 November 2023
ප්‍රමෝද්‍ය සඳුදා නැවත කැඳවයි ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගෙන් අද (21) පැය 5 ක ප්‍රකාශයක් සටහන් කරගත් බවත් ප්‍රකාශය වැඩිදුර ගැනීමට ලබන සඳුදා (27) වික්‍රමසිංහ මහතා නැවත කැඳවන බවත් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයේ උස්ස නිලධාරියෙක් අද පස්වරුවේ පැවසීය. 21 November 2023
සීනි පාලන මිල ගැසට්ටුව අදින් අවසන් සීනිවලට උපරිම මිල නියම කරමින් ඉනිකුත් කළ ගැසට් නිවේදනය අද (21) රාත්‍රී ඉවත් කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 21 November 2023
නවීන හරිත බලශක්තිය උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නවා දේශගුණික විපර්යාස වලට මුහුණදීමේදී සහ තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී අති නවීන හරිත බලශක්තිය උපරිමයෙන් දායක කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 21 November 2023
19න් පහළ ක්‍රිකට් සත්කාරත්වය අහිමිවෙයි ශ්‍රී ලංකවේදී ලබන ජනවාරි මස පැවැත්වීමට නියමිතව තිබූ වයස 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (යොවුන් ලෝක කුසලානය) සත්කාරත්වය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර දකුණු අප්‍රිකාවට පිරිනැමීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද (21) පස්වරුවේ තීරණය කළේය. 21 November 2023
කඳුළු ගෑස් සල්ලි සරසවි සිසුන්ට දෙන්න කඳුළු ගෑස් වලට වියදම් කරන සල්ලි විශ්ව විශ්වවිද්‍යාල සිසුන්ගේ සුබසාධනයට වැඩ සඳහා යොදා ගන්නැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 November 2023
ඉන්ධන බෙදන්න ඇමරිකන් සමාගමක් කරළියට එක්සත් ජනපදයේ ආර්.එම්. පාර්ක්ස් සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර ඛනිජ තෙල් නිෂ්පාදන සම්බන්ධයෙන් ගිවිසුමක් අස්සන් කළේය. 21 November 2023
උදුරාගත් ලිපිගොනුව නැවත බාර ගැනීම විපක්ෂ නායක ප්‍රතික්ෂේප කරයි පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත මහතා තමාගෙන් උදුරාගත් ලිපි ගොනුවේ තිබූ වටිනා ලියකියවිලි අස්ථානගත වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 November 2023
ඉගිනිමිටියේ වාන් දොරටු හයම විවෘත කරයි ඉගිනිමිටිය ජලාශයෙ වාන් දොරටු හය අද (21 ) විවෘත කිරීම සිදුකළ බව ඉගිනිමිටිය වාරි මාර්ග ඉංජීනේරු එයි.එම්.එස්.ඩී.සුමනදාස මහතා පවසයි. 21 November 2023
රට හදන්න බැරි විදෙස් ආයෝජනවලට එරෙහි වීමයි මෙරට ආර්ථිකය හදන්න බැරි ප්‍රධානතම කාරණය විදේශ ආයෝජන වලට එරෙහි වීම බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 November 2023
ආර්ථිකය ගැන චෝදනා ප්‍රතික්ෂේප කරනවා ආර්ථිකය සම්බන්ධයෙන් කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද 21) පැවසීය. 21 November 2023
අලුත්ගම රෝහලට අලි පනිති කරුවලගස්වැව අලුත්ගම ප්‍රාදේශීය රෝහලට කඩා වැදුණු ඇතකුගෙන් බේරීමට දිව ගිය රෝහල් උපස්ථාවකවරයා රෝහල් කෝරිඩෝවේදි වැටුණු අවස්ථාවේ ඇතා වැටි සිටි උපස්ථායකයා ඇදගෙන යාමට කළ උත්සහාය හෙදියක නිසා වැළකී ඇතැයි සැලිය වැව පොලිසිය කියයි. 21 November 2023
ඇල්බේනියානු පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇල්බේනියාවේ පර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේදී, මන්ත්‍රීවරුන් පිරිසක් ඊට විරෝධය පළ කරමින්, පාර්ලිමේන්තුවේ කලහ කරන්න වූ බවත්, ඔවුන් දුම් බෝම්බ යොදා ගනිමින් පාර්ලිමේන්තුවට පහර දුන් බවත් විදෙස් මාධ්‍ය පවසයි. 21 November 2023
’’ බත බෙරි වුණා කියා නෝනා දික්කසාද කරන්න බෑ’’ හොද්දට ලුණු වැඩි වුණා කියා, බත බෙරි වුණා කියලා නෝනා දික්කසාද කරන්න හැකියාවක් නැතැයි පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 November 2023
නව මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම ලන්ඩන් විහාරයේ මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නව මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතා සිය රාජකාරි ආරම්භ කිරීමෙන් පසු ලන්ඩන් නුවර බෞද්ධ විහාරස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගත්තේය. 21 November 2023
ත්‍රිපෝෂ ගැන කැබිනට් තීරණයක් මාස හයේ සිට අවුරුදු 3 දක්වා ළමුන් සඳහා ත්‍රිපෝෂ ඇතුළු ආහාර අතිරේක වැඩසටහන් සඳහා වන ඇෆ්ලාටොක්සින් කඩයිම් මට්ටම සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 21 November 2023
සා.පෙළ ප්‍රතිඵල අද හෙටම අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි දින කිහිපයේදී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේ අද (21) පැවසීය. 21 November 2023
ලාංකිකයන්ට ඊශ්‍රායලයේ රැකියාවලට යන්න දොරක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායෙල් රාජ්‍යය නිශ්චිත ශ්‍රම වෙළෙඳපොළ අංශවල තාවකාලිකව සේවයේ නියුක්ත කරවීම සඳහා ඊශ්‍රායල් රජය සමඟ ගිවිසුමකට එළඹීමටත් ඒ සඳහා දෙපාර්ශවය අතර මූල ලේඛනයකට අත්සන් තැබීමට 2020.2.5 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇතැයි රජය පවසයි . 21 November 2023
ප්‍රමෝද්‍ය ක්‍රීඩා වැරදි වැලැක්වීමේ ඒකකට ප්‍රකාශයක් දෙයි ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිටිහි ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයට අද (21) පෙරවරුවේ පැමිණි බවත් ඒ මහතාගෙන් මේ වන විට ප්‍රකාශය සටහන්කරගනිමින් සිටින බවත් එම ඒකකයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 21 November 2023
ලංකා-ඉන්දියා පුවත්පත් මණ්ඩල අලුත් ගිවිසුමක ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සහ ඉන්දියා පුවත්පත් මණ්ඩලය අතර සහයෝගිතාව පිළිබඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 21 November 2023
මල්ලී මරන්න අයියා කොන්ත්‍රාත්තුවක් දීලා රුපියල් හැට දහසක කොන්ත්‍රාත්තුවක් දී පුද්ගලයින් දෙදෙනෙකු කපා කොටා බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පිය පුතු දෙපලක් අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි. 21 November 2023
විද්‍යුත් මාධ්‍ය සඳහා නියාමන කොමිසමක් විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනත හඳුන්වා දීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 21 November 2023
ශෙහාන්ගෙන් සජිත්ට චෝදනා රැසක් විපක්ෂනායකවරයා අද මේ සභාව භාවිත කරන්නේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න වෙනුවෙන් නොව ජනප්‍රිය දේශපාලන කාරණා වෙනුවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. 21 November 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026