
(යොහාන් භාසුර)
බස් ගාස්තු අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 5.07 කින් පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.
රාජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ශෂී වෙල්ගම මහතා එසේ පැවසීය.
රුපියල් 30 ක්ව පවතින අවම බස් ගාස්තුව මෙම ගාස්තු අඩු කිරීමත් සමඟ රුපියල් දෙකකින් පහළ යන බවත් ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 28 ක් බවට පත්වන බවත් ඒ මහතා කීය.
ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව බස් ගාස්තු සංශෝධනය කරන බව ද ශෂී වෙල්ගම මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පට්ටයි, රුපියල් දෙකක්ම අඩු කරලා.
බොහෝම කලාතුරකින් අයෙක් තමයි රුපියල් 28ක් මාරු සල්ලි වලින් ගෙනියන්නේ. දැන් හැමෝම ගාව තියෙන්නේ රුපියල් 20 නෝට්ටු. ඉතින් රුපියල් 20 නෝට්ටු දෙක කොන්දොස්තරට දුන්නාම රුපියල් 10 කාසියක් ඉතුරු සල්ලි කියලා දේවි. බොහෝම කලාතුරකින් කොන්දොස්තර කෙනෙක් රුපියල් 12ක් දෙන්නේ. අන්තිමට මේ බස් ගාස්තු අඩුවේ රුපියල් 2 වාසිය යන්නේ කොන්දොස්තරටමයි. මගීන්ට ඇති කෙහෙම්මලක් නැහැ.