
(දමිත් වික්‍රමසේකර)
චීන අපනයන සහ ආනයන බැංකුව සමඟ මෙරට ණය සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමත් සමඟ ණය අර්බුදය හේතුවෙන් අතරමග නවතා දමා තිබූ ව්‍යාපෘතිවලට වෙන්වී තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය.
මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීන අපනයන - ආනයන බැංකුව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගිවිසුම්වලට එළඹීමත් සමඟ මෙම මුදල ශ්‍රී ලංකාවට භාවිතයට ගැනීමට හැකියාව ලැබී තිබෙන බව එම නිලධාරියා පැවැසුවේය.
එලෙස භාවිතයට ගැනීමට නිදහස් වුණ මුදල් අතර වසර තුනකට අධික කාලයක් ප්‍රමදවූ කඩවත - මීරිගම අධිවේගී මාර්ගය සඳහා වෙන්වුණු මුදල්ද තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය.
මුදල් නිදහස්වීමත් සමඟ ප්‍රමාදවී තිබූ බොහෝ මාර්ග ව්‍යාපෘති ආරම්භ වනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසුවේය.
එම ව්‍යාපෘති ආරම්භ කිරීමට චීන අපනයන - ආනයන බැංකුව සමඟ නව කොන්දේසි සාකච්ඡා කරන බවද එම නිලධාරියා ප්‍රකාශ කළේය.
ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක මුදල නිදහස් කරගැනීමට හැකිවීමේ ප්‍රතිඵලයක් ලෙස ලබන වසරේ ප්‍රමාදවූ මාර්ග ව්‍යාපෘතිවලින් බහුතරයක් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන සන්ඩේ ටයිම්ස් පුවත්පතට පැවැසුවේය.
එම මුදල නිදහස් කර ගැනීම සඳහා ලබන මාසයේදී චීන අපනයන - ආනයන බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කරන බවත් එම මුදලේ පළමු වාරිකය සාකච්ඡා ආරම්භ කර මාස 2 ක් තුළ ලබා ගැනීමට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ මේ බිලියන් ගාණත් අරගෙන ගෙවන්නේ නැතුව කල්දාපු ගොඩට එකතු වෙනවාද? ඒවායෙන් ලබන කොමිස් අරගෙනම රට පනින්න පුළුවන්
අද හෙටම කරණමක් ගහනවා ෂුවර්. සජිත් අනාථ වන්නට නියමිතයි.
දැන්ම ඉදන් කෙල හලනවා ඇති ව්‍යාපෘතිය මතක් වෙලා. දැනෙනවා මේ පාර හන්දි ගෙවිලා යන්නම
හොඳ වැඩක් .ඒ වගේම මගෙන් යෝජනවාක් .දැනට දෙහිවල දක්වා ඉදිකොට ඇති මුහුදු බඩ මාර්ගයත් පානදුර දක්වා ඉක්මනින් හදන්න පටන් ගන්න.දවස පුරාම මොරටුවේ කොල්ලුපිටිය දක්වා පවතින වාහන තදබදයටත් විසඳුමක් වේවි.එම මාර්ගයේ වැඩ ළඟදීම පටන් ගන්නවාද
අධිවේගී මාර්ගය හදන එක ගොඩක් හොදයි. නමුත් පිටරටින් ඩොලර් ණයට අරන් ඒවා නොගෙවා අපේ ඉදිරි පරම්පරාව නයාකාරයෝ කරන එකට දැන් ඉන්න දේශපාලකයෝ වග කියනවද. අනෙක ඡන්දයක් ළග එද්දී තමන්ගේ ගෝල බාලයන්ට වරදාන දෙන්න මෙහෙම කරනවානම් ඒක ලොකු අපරාධයක්.
රනිල් නැවතිලා තිබුණ සංවර්ධන කටයුතු යළි අරඹනවා. රට හදන නියම සැළසුම් ඇත්තේ ඔහුටම පමණයි....
ප්‍රමාදවීම් ගාස්තුත් ගෙවන්න වෙලැද මන්දා. සම-හරක් රටට හොදක් වෙනකොට කිඹුල්ලූ හොයනවා