
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොටස් වෙළඳපොළ ආයෝජයනය 6 ශ්‍රේණියේ සිට පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (19) වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ප්‍රධානීහු එදින එම කාරක සභාව හමුවට කැඳවනු ලැබ සිටියහ. කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රගතිය වර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී කාරක සභාවේ අවධානය යොමුවිය.
කොටස් වෙළඳපොළ ආයෝජනයන් හා ක්‍රියාකාරීව සම්බන්ධවන ආයෝජකයන් සංඛ්‍යාව පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බව ඊට සහභාගිවූ නිලධාරීහු පෙන්වා දුන්හ. මෙහිදී නිලධාරීන් අමතමින් කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ රටේ දළජාතික නිෂ්පාදනයට වැඩි බලපෑමක් ඇති ක්ෂේත්‍ර හඳුනාගෙන ඒවායෙන් වැඩි දායකත්වයක් රටේ ආර්ථිකයට ලැබෙන ආකාරයෙන් උපාය මාර්ගික සැලසුමක් සකස් කිරීම ඉතා වැදගත් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හාමුදුරුවනේ, ලිංගික අධ්‍යාපනයට විරුද්ධ වුණා වගේ මේකටත් විරුද්ධ වෙන්න. කොටස් වෙළඳපොළ කියන්නේ සූදුවක්...!
ඉතාම හොඳ තීරණයක්, මේවාගේ දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන එක හොඳයි පොඩි වයසේ ඉදලාම
මේ මිනිහත් ප්‍රසිද්ධ වෙන්න ලොකු දැඟලිල්ලක් තියෙන කෙනෙක් . කොටස්වෙළඳපොළ ගැන උගන්වන්න ඕනේ පාසලේ උසස්පෙළ පන්තිවලදී . ඊට වැඩිය නරකද උන්නැහේ ළමයින්ට සාමාන්‍ය නිතිය ගැන එහෙම නැත්නම් විනය ගරුකව හැසිරීමේ වැදගත්කම. සහකම්පනය වගේ දේවල් ඔයවගේ පොඩි පන්තිවල ළමුන්ට ඉගැන්නුවොත් ?
මෙහෙමත් පිස්සො ටිකක්. 6 වසරේ ළමයින්ට දරාගන්න පුළුවන් ප්‍රමාණයක් විෂය නිර්දේශයට ඇතුළු කළොත් ඔවුන් හොඳින් ඉගෙන ගනියි. කොටස් වෙළඳපලට විතරක් නෙවෙයි. ව්‍යාපාර කරන්නවත් මිනිස්සු නොඑන්නේ ඒ සඳහා සුදුසු පරිසරයක් නැති නිසා. අනවශ්‍ය බදු, දේශපාලුවන්ගේ පගා, කප්පම් කරුවන්ගේ කප්පම්, රේගු නිලධාරින්ගේ පගා ආදිය නැනැත්තුවොත් ඔය සේරම හරි..., මේ බූරු වැඩ නොකර...
මම 1982දී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නේ. අපි 9 හරි 10 ශ්‍රේණියේ ඉගෙන ගන්න කාලේ කොටස් සහ ව්‍යාපාර වස්තු ගැන ගණිතයේදී ඉගෙන ගත්තා. අපිට අංක ගණිතය, වීජ ගණිතය සහ ජ්‍යාමිතිය යන ගණිත වර්ග තුනම පාසලේ උගැන්වුවා වගේම සාමාන්‍ය පෙළ විභාගයට ඔය තුන් අංශයෙන්ම ගණිතය ප්‍රශ්න පත්‍රය සමන්විත වුණා. මට හොඳට මතකයි කොටස් සහ ව්‍යාපාර වස්තු සම්බන්ධ ප්‍රශ්නයක් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තිබුණා කියලා.එතකොට මේ ඒ දේවල් උගන්වන පළවන වතාව නෙවෙයි.