
(මනෝප්රිය ගුණසේකර)
ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බව දනිමින්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය අමාත්‍යවරියක වශයෙන් වසර 04කට ආසන්න කාලයක් කටයුතු කිරීමෙන් රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විමර්ශන ආරම්භ කර ඇත.
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය අමාත්‍යවරියක වශයෙන් කටයුතු කරමින් රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිත කර අල්ලස් පනතේ සඳහන් දුෂණය නමැති වරද කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
ලංකාවේ පුරවැසියකු නොවන බව දනිමින්ම ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය අමාත්‍යවරියක වශයෙන් කටයුතු කිරීමෙන් රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඇය අවභාවිත කළ මුදල් ආපසු අය කරගන්නා ලෙසත් ඇයට එරෙහිව නඩු පවරන ලෙසත් ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා කළ පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එවැනි කොමිසමක් ලංකාවේ තිබෙනවද ?
ඇයට ආරක්ෂක හා ආරක්ෂක අමාත්‍යාංශය ලෙස සම්පූර්ණ පහසුකම් සැලසීමේ වගකීම ජනාධිපතිවරයා සතුය නමුත් ඔහු ඔවුන්ට මේ රටට වැඩ කරන බව පෙන්වමින් මේ රට කොල්ලකෑමට ඉඩ දුන්නේය දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරලා අලුත් බදු බර පැටවෙන්නේ මෙහෙමයි
ඇය ද්විත්ව පුරවැසිභාවයක් නැති නමුත් අපේ රට මංකොල්ලකෑවා ඒකට වගකියන්න ඕන ජනාධිපතිතුමා, එයා තමයි ඇයව ඇමතිකමට පත් කළේ නමුත් ඇයගේ පදිංචිය පරීක්ෂා කිරීම තම රාජකාරිය නොවන බව ඔහු පවසනු ඇත බැඳුම්කර මගඩියට ද ඔහු කළේ අර්ජුන් මහේන්ද්‍ර මෙන්ම අශෝභන ලෙස එය මංකොල්ල කෑමටද වගකිව යුතු බවත්ය. රනිල් වගකිවයුතු පුද්ගලයෙක් නොවේ.
සාමාන්‍ය කෙනෙක් නම් දැන් ඇය හිරේ දාන්න ඇති. ඇයට දේශපාලන පිටුබලයක් ඇති නිසා ඇය තවමත් වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව රට තුළ සිටී ඇය රාජ්‍ය අමාත්‍යවරියක් ලෙස පත්කිරීම ගැන රනිල් ජනාධිපතිවරයකු වශයෙන් ලැජ්ජා විය යුතුයි, ඇය සියලු ප්‍රාන්තවල සුබසාධන මුදල් ආදිය යෙදුවාය. රනිල් ලැජ්ජා නැති මිනිහෙක්
අනේ කොමිසමේ මහත්තුරුනේ... ඕගොල්ලෝ නඩු දාලා නඩු කියල කියලා අන්තිමට අර කබ්රාල්ගේ නඩුව වගේ නිකම්ම නිකම් අහක දාන්න වෙයි. නඩු දාන්න ඉස්සෙල්ලා නඩු දාන හරි විදිය ඉගෙනගෙන ඉන්න. හරියට අත්සන් කරන තැන බලාගන්න. මොකද දැන් කබ්රාල්ට නඩුව ආයෙත් දානවාද?
අපි ඉන්න රටේ අගමැති පසුගියදා මාර්ග නීති කඩකරල දඩ ගැහුව. සිරි ලංකාවෙ එහෙමද? සියලුම නීති නැති බැරි මිනිහට. මෙයාට අවනීතික කටයුතු කරන්න ඉඩ සලසපු සියලු රාජ්‍ය නිලධාරීන් දෙශපාලුවන් සියල්ලටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුය. අවභාවිත කල රාජ්‍ය සම්පත් අයකරගතයුතුය. වෙන රටක නම් මෙයා අද ඉන්නෙ හිර ගෙදර.
විගණකාධිපති තුමා කිව්වා වගේ, ජනතා වාදී රජයකින් හැර සියලු හොරකම් හොයන්න බෑ.... නමුත් මේ කේස් එක මුළු දියවන්නාවම සලිත කරවනවා.....
ශිෂ්ට සම්පන්න රටවල නීතිය කාටත් පොදුයි .ලංකාවේ එහෙම වෙයි කියා විස්වාස කරනවා.
මේ ගෑනුන්ට රට ඉන්න දුන්නට විලිලැජ්ජා නැති ආගමන විගමන ප්‍රධානියාට විරුද්ධව නඩු දාන්න ඕන. මේ දඟ නැති විහිළුකාරයා තවමත් මෙම තනතුර දරන්නේ මන්දැයි පුරවැසියන් වශයෙන් අපට තේරුම් ගත නොහැක. ඔහු සමස්ත ශ්‍රී ලංකා රජයටම අපකීර්තියකි.
ශ්‍රී ලාංකික පුරවැසියන් නොවන කී දෙනෙක් නම් අපේ රටේ ඉහල තනතුරු දැරුවද? ඔවුන්ටත් මේ නීතියම ක්‍රියාත්මක කරමුකෝ. මින් අදහස් වන්නේ ඩයනා නිවැරදියි කියා කියන එක නොවන බව සළකන්න.
එතකොට... ඇය විදේශිකයෙක් බව දැන දැනම ඇයව පත්කළ කෙනාව ගන්න ඔබ අදහස් කරන ක්‍රියාමාර්ගය මොකක්ද?
අනිවාර්යයෙන් වැටුප් හා වියදම් අය කර ගත යුතුයි
ආගමන විගමනයේ වගකිව යුතු පාර්ශවයන්ගේ වැඩ තහනම් කළ යුතුය
මෙයා තාම ජනතා මුදලින් වාහන දේපල පාවිච්චි කරනවා .ඒවා ගැන මොකෙකුටවත් ගානක් නැහැ
අල්ලස් කොමිසමෙන් කබ්රාල්ට දාපු නඩුවේදී මොකද වුනේ? කොමිසම නිසි පරිදි නඩුව ඉදිරිපත් කර නොතිබූ නිසා විශාල මුදලක් වැය කළත් නඩුව නිෂ්ප්රභා වුනා. මෙතනත් එහෙම සිදු නොවෙයි කියලා දෙන සහතිකය කුමක්ද?