
(සුජිත් හේවාජුලිගේ )
ලබන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණෙන් වෙනම අපේක්ෂකයකු අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන බව එම පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා බලයට ගෙනාවේ ඒ මොහොතේ තිබුණු ප්‍රශ්න ටික විසඳීමට බව පැවසූ තිස්ස කුට්ටිආරච්චි මහතා රනිල් වික්‍රමසිංහ නැතිව රෝහිත අබේගුණවර්ධන සිටියත් කාංචනලා ෂෙහාන්ලා ඒ වැඩේ හරියට කරන බවද ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අගලවත්ත ආසන සම්මේලනයේදීය.
පෝලිම නතර කළා කියලවත් දෙකයි පනහට කන්න දුන්නා කියලවත් කිරිපිටි පැකට් එකේ මිල අඩු කළා කියලවත් මිනී මැරුවා කියලවත් නායකයන් පත් කිරීමට නොහැකි යැයිද ඔහු සඳහන් කළේය.
"නාමල් ගේන්න හදන විට ඒකා තවම ලපටි වැඩියි කියනවා. මම දන්නෙ නැහැ මේකේ කොහෙන්ද ලපටි කියලා" යැයිද තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.
අනුර කුමාරට කිසිම ආර්ථික ප්‍රතිපත්තියක් නැතැයිද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවේ උන්ට තවම හරිහමන් එකෙක් හොයා ගන්ඩ බැරි ,ඉන්න උන් වැඩිහරියක් හොර දූෂිතයෝ .අලිබබා සහ හොරු හතළිහ කියලා කිව්වේ නිකම්ද?
බලාපල්ලකො පොහොට්ටුව වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන එකාව. නන්නත්තාරයි…!
අනුරට ආර්ථික ප්‍රතිපත්ති නැහැ කියන්නේ තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති තිබිලා රටට කිරි උතුරලා නේද? අනේ යන්න තමන්ලාට ආයේම ඡන්දේ දෙන්නේ නැහැ... මොලේ ඇති කෙනෙක්..!
හරියට හරි මචං. මමත් ඉන්නේ ඔයාගේ මතයේමයි. රත්තරං ජනාධිපති කරලා ඔයා අගමැති වෙන්න. බයවෙන්න එපා. ගෝඨාභයට ඡන්දේ දුන්නු අය මැරිලා නැත්තම් ඔයාලාටත් දෙයි. අරූ ලපටි වැඩියි තමයි. උගේ ඇඟ වැඩුණාට මොලේ වැඩිලා නැහැ. එයාට මොලයක් උපතින්ම පිහිටලා නැහැ කියලාත් කියනවා. ඒ කොහොම වෙතත් එයා වාඩිවෙන්නේ එයාගේ මොලය උඩ කියලත් කියනවා..
පරාජය නියතයි..!
රනිල් ගෙනාවේ හිරේ යන්න වෙන බයට දැන් කියන පදේට නටන්නේ නැති නිසා මේ දුකට කියන කතා
පොහොට්ටුවෙන් ගේන්නේ වෙන කවුරුවත් නෙමෙයි ඡන්ද කඩන්න දාන ඩමියක් නැත්නම් පඹයෙක් විදියට ක්‍රියා කරන අපේක්ෂකයෙක්. ඔවුන්ගේ බලාපොරොත්තුව කලින් පොහොට්ටුවට ඡන්දේ දීපු ඡන්ද දායකයින්ව මුලා කරලා ඒ ඡන්ද මෙකී ඩමියන්ට දම්මාගෙන මිනිසුන් නන්නත්තාර කරලා දැනට මේ යන ක්‍රමය දිගටම තියාගෙන තමන් විසින් කළ සියලු වංචා දූෂණ කාලයේ වැලිතලාවට වසා දැමීමයි. මක්නිසාද යත් ඔවුන් කර ඇති දේවල් හැටියට වෙන රජයක් පත් වුණොත් ඔවුන් සැමටම නීතිය ඉදිරියේ විශාල ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙන බව ඔවුන් හොඳාකාරවම දන්නා නිසායි. ඒ සඳහා බොහෝවිට පොහොට්ටුවේ සැමගේම අරමුණ වත්මන් ජනපති වරයාම බලයට ගෙන ඒම. හැබැයි පොහොට්ටුවේ තාත්තලා පුත්තු මාමලා ඒ බව වසන්කර මිනිසුන් ඉදිරියේ ලොකු බොරු ව්‍යාජ රංගනයක යෙදෙනවා...
මෙයා කියන දේවල් කවුද ගණන් ගන්නේ...?
රනිල් වික්‍රමසිංහ මහතා ගෙනාවේ ඒ වෙලාවේ තිබුණු ප්‍රශ්න ටික විසඳීමට නම් බරපතල අවස්ථාවේ ප්‍රශ්න විසඳූ රනිල් මැතිතුමා ඉදිරියේ තවත් කාලයක් බලයේ සිටීම සුදුසුයි කියලා නොතේරෙන මෙයාට ඡන්දය දෙන්න තරම් මෝඩයෝ ඉන්නේ කොහේද කියලා හිතාගන්න බැහැ. ඒ නිසා රටේ අනාගතය සාර්ථක වීමට අකැමැති කෙනෙක් පමණක් ඊළඟ මැතිවරණ අවස්ථාවල පොහොට්ටුව වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරනවා ඇති...
මේ හදන්නේ පොහොට්ටුවේ මළගම ඉක්මන් කරන්න තමයි. කොහොම වුණත් ජනාධිපති තේරුවාට පස්සේ පොහොට්ටුව නන්නත්තාරයි. රාජපක්ෂ පරපුර රට හැරයාම වළක්වන්න බෑ...!
පොහොට්ටුවටත්, UNP එකටත් ඡන්දය?දෙන අයනම් මිනිස්සු වෙන්න බෑ.
දැන් පොහොට්ටුව දුටුගැමුණු රජතුමා, පරාක්‍රමබාහු රජතුමා වලෙන් ගොඩ ඇවිල්ලා පක්ෂ නායකකම දුන්නත් මේ පාර ජනපති වෙන්න බෑ බෑමයි.
මේ පාර ජනපතිවරණයේ අපිට බලාගන්න පුළුවන් රටට ඇත්තටම ආදරය කරන මිනිස්සු ටික. පොහොට්ටුවට, UNP එකට ඡන්දේ දෙන අයව පිටුවහල් කරන්න ඕනේ උගන්ඩාවට
" අනුර කුමාරට කිසිම ආර්ථික ප්‍රතිපත්තියක් නැතැයිද ඔහු සඳහන් කළේය...." ආර්ථික ප්‍රතිපත්ති කියන ඒවා ගැන කොහොමද මේ ගස් බඩගාපු ,අය දන්නේ ?
ඔබතුමාලගේ ආර්ථික ප්‍රතිපත්තිය නිසා රටට වෙච්ච යහපත, සංවර්දනය කොච්චර ද කියනවනම් රටේ ජනතාව ඔබතුමාලට ස්තුති කරන්න පාරවල්වල හිටියා මතකද. ඒවගෙන් බේරෙන්න මිනී වෑන් වල හැංගිලා ගියා මතකද. ඒ මිනිස්සු තමයි මේපාර චන්ද දායකයෝ . දැන් ඒ පොහොට්ටුවේ ප්රතිපත්තියද ආයෙත් ඔය ක්‍රියාත්මක කරන්න ජනාධිපති අපේක්ෂකයෙක් පොහොට්ටුවෙන් දාන්නේ......... මිනිස්සු මැරිලා ඉපදුනේ නෑ. බත්කන එකෙක්නම් ආයේ දන්නා කාලෙකට ඕකට ඡන්දෙ දෙන්නේ නම් නෑ. කුජීතම වෙලා යනවා චන්දෙන් පස්සේ ඕක.... දැනටත් එහෙම තමයි මේ පේන්නේ නැද්ද පොහොට්ටුව වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන්න හරිහමන් කෙනෙක් නෑ. තව කොහේද අපේක්ෂකයෝ..
මෙන්න මේ රිලවන්ට කටකලියාවක් දාලාපල්ලා
ස්ථිර කරන්න පෙර යෝජනා කරන්න එපායෑ, කෝ මොකද්ද යෝජනාව? හොරාට ඉස්සරවෙලා කෙහෙල් කරන වැට පැන්නාට තනියම යන්න බැහැනේ..!
රනිල් නැතුව රෝහිත හිටියත් කියන්නේ ඒ පක්ෂයේ ඉන්න මෝඩයා රෝහිත කියන එක නේද?