
(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් මූල්‍ය ආයතනවලට ලක්ෂ තිහක දඩ මුදල් පනවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා කාලය තුළ මූල්‍ය ආයතනවලින් එම දඩ මුදල අය කර ගත් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
මූල්‍ය පනතට අනුකූල නොවනසේ ක්‍රියා කරන මූල්‍ය ආයතනවලින් එම දඩ මුදල් අය කර ගත් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මූල්‍ය බුද්ධි ඒකකය එලෙස අයකර ගන්නා දඩ මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd