(යොහාන් භාසුර සහ විමුක්ති එස්. රොද්‍රිගු)
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (30) පස්වරු 6.40 ට රඹුක්කව බලා පිටත්වූ දුම්රියට දෙමටගොඩ ප්‍රදේශයේදී කළුගල් ප්‍රහාරයක් එල්ලවීමෙන් දුම්රියේ වීදුරුවකට සහ දොරකට හානි වී තිබේ.
විශාල මගීන් සංඛ්‍යාවක් සමග ධාවනය වෙමින් තිබූ දුම්රියට එල්ල වූ ගල් ප්‍රහාරයෙන් කිසිඳු මගියෙක්ට හානියක් වී නොමැති අතර විශාල ගල වීදුරුවක් බිඳගෙන මගියකුගේ දෙපා ඉදිරිපිට නතර වී තිබේ.
මගීන් කීපදෙනකු විදුරු කටුවලින් නැහැවී ඇති අතර ගල් ප්‍රහාරය එල්ල වුවද දුම්රිය නොනවත්වා ධාවනය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්දමානසික බූරුවො හැමතැනම ඉන්නවා. මැයි මාසෙදි හවස 5.45ට මරදානෙන් එන ගාල්ල මන්දගාමී එකට එගොඩ උයන හරියෙදි මාලු බොකු බඩවැල් තිබ්බ බෑග් එකක් ගැහුවා. අපි ඔක්කොම මාලු පිළී වලි නෑවිලා ගියා. මේ වගේ දේවල් මාසෙට දෙක තුනක් වෙනවා. ඒත් එව්වා ප්‍රසිද්ධ කරන්නෙ නෑ. අනිත් බූරු පැටව් ටිකක් මේ සෙල්ලම පටන් ගන්න නිසා. ආමි එකෙන් දම්මලා උන්ගෙ ඔලු කට්ට ගැලවිලා යන්න වෙඩි තිබ්බ නං හරි.. රටටත් බරක් ඒ වගේ උන්.
මන්ද මානසික මිනිසුන් ජීවත් වන රටක්. දුම්රියට ගල් ගහලා මේ මිනිස්සු මොනවද බලාපොරොත්තු වෙන්නේ? එකක් දේපල හානිය, අනික යම් කිසි මගියෙකුට තුවාලයක්, අනතුරක් වුනානම්?
රේල් පාර දෙපැත්තේ ගෙවල් ටික කුඩු කරලා දැම්මා නම් හරි.ඕකුන් තමයි කරනවා ඇත්තේ ඕවා
රටේ බහුතරය මන්දමානසිකයි .උන් චන්දෙ දෙන නිසා තමයි රටට කෙලවිලා තියෙන්නේ