
(ෂේන් ප්‍රනාන්දුපුල්ලේ)
මෙරට රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් 5000 ක් විදේශයන්හි වෛද්‍ය වෘත්තියේ නිරත වීම සඳහා අවශ්‍ය විභාග සමත්වී ඇති බවත් එය සෞඛ්‍ය අමාත්‍යාංශයට බරපතළ ගැටළුවක් වී ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
මේ වනවිට රජයේ රෝහල්වල සේවය කරන්නේ වෛද්‍යවරුන් 20,000 ක් බවත් ඉන් 5000 ක් විදෙස්ගත වුවහොත් සෞඛ්‍ය අමාත්‍යාංශයට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ආරංචි මාර්ග පැවැසුවේය. තවද එක්සත් රාජධානියේ වෛද්‍ය වෘත්තියේ නිරතවීම සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා සමත් විය යුතු විභාගයට මෙවර ඉදිරිපත් වූ අපේක්ෂකයන් 3500 න් 750 ක් ශ්‍රී ලාංකිකයන් බවත් ඉන් 550 ක් විභාගය සමත් වී ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
මේ පිළිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියේ මෙම ගැටළුවට මුහුණදීම සඳහා තවත් සීමාවාසික වෛද්‍යවරුන් පත් කිරීමට සැලැසුම් කර ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාම පාලනය කළ නොහැකි කරුණක් බවත්ය.
මේ අතර වෛද්‍යවරුන් විදේශගත වීම නැවත්වීම සඳහා වැටුප් පද්ධතිය සංශෝධනය කරන ලෙසත් ඔවුන්ට මූල්‍ය දීමනා ලබා දෙන ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ රජයට යෝජනා කර ඇත. නමුත් එම යෝජනාවට රජය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවද වාර්තා විය.
එයට ප්‍රතිචාර දක්වමින් අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසුවේ ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩ එමින් පවතින මෙම අවස්ථාවේ වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීම සහ ඔවුන්ට මුල්‍ය දීමනා ලබා දීම අපහසු කරුණක් බවයි. කෙසේ නමුත් මෙම ගැටළුව විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය උපරිම උත්සාහ දරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍ය වරුන්ට නොසලකනවා නම්,ඔවුන් රට හැර යාම නොවලැක්විය හැකිය.
ඒ කියන්නේ 26%ක් එනම් 750න් 200ක් මෙහෙ විභාග පාස් වුණාට එහෙ විභාග අසමත් කියන එකද? මොකක්ද වෙනස, මෙහෙ විභාග ලේසිද? එහෙ විභාග අමාරුද? මෙහෙ විභාග ගුණාත්මකබව බැහැලද? අනේ මන්දා!
රජයේ වෛද් යවිද්යාල වලට ළමයින් වැඩිපුර ගන්න දෙන්නෙත් නෑ , පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට වැඩ කරගෙන යන්න දෙන්නෙත් නෑ. වෛද්‍ය වෘත්තිය විශේෂ වටිනාකමක් තියාගෙන ඉන්නෙ එයාලමයි. යන අයට යන්න දීලා අලත් අය පුහුණු කරලා ගන්න.
මෙච්චර දේවල් දීලත් ඉන්න බැරි නම්, වෘත්තියට එන්න අය ඉන්නවානේ, යන්නලා...
මැරීගෙන පාඩම්කරල ඉගෙන ගෙන සොච්චම් පඩියට වැඩ කරන්න ඕන නෑ. ඉන්ජිනේරුවන්ට පෞද්ගලික අංශය ගෙවන පඩිය වෛද්‍යවරයකුට ලැබෙන්නේ නෑ. හරියට මහන්සියට සාධාරණ වැටුපක් ගෙවන්න ඕනෑ. අඩුම තරමේ ආරම්භක වැටුප ලක්ෂ දෙකක්වත් අතට ලැබෙන විදිහට. අතිකාල නොව වැටුප..
මම විදෙස් රටක අවුරුදු විස්සක් ඉංජිනේරුවෙකු ලෙස සේවය කරන අයෙක්. පසුගියදා ආයතනයේ පුරප්පාඩුවකට ලංකාවේ ඉංජිනේරුවන් විශාල ප්රමානයක්අයදුම් කර තිබුණා. දොස්තරවරු මෙන්ම අනෙක් වෘත්තිකයන් රටට අහිමි වීම විශාල ගැටලුව. දැන් රටේ තිබෙන අර්බුදයට මීට අවු 10ට 20කට කලින් විදෙස් ගතවූවන්ගෙන් රටට අහිමි වූ සේවය විශාල ලෙස බලපෑවා. දැන් සිදුවන මේ බුද්ධි ගලනයේ විපාක තව අවුරැදු 5කින් 10කින් අත් විදින්න වෙනවා. රටේ නායකයන් මේවාට පිලියම් නොයෙ දීම රටට ඉතා භයානකය්.
සුබ ආරංචිය!
නෑ නෑ. අයිඑම්එෆ් එකට ඕන විදියට තව තවත් බදු ගහලා රටේ කෑලි තවත් විකුණන් කන්ඩ ලෑස්ති කලාම ඔය දක්ෂ දොස්තරලා නවත්ත ගන්න පුළුවන් දේශපාලුවන්ට ඕනි තවත් රටේ ජාතික ධනය හොරා කාලා ටයි කෝට් දාගෙන පාර්ලිමේන්තුවේ ඇවිල්ල බොරු පඩ ජෝක් දාන්න විතරයි
ඔය තත්වය ඇතිකිරීමට තමයි සංගමේ පිරිස් පුද්ගලික වෙද විදුහල් එපා කියලා බෙරිහන් දෙන්නේ එනිසා මෙහෙම ඒවා වළක්වන්න අවම වශයෙන් පුද්ගලික වෛද්‍ය විද්‍යාල දහයක් වත් ලංකාෙව්ඇතිකරන්න ඕන වෛද්‍යවරු වැඩිවුනොත් ඔය ප්‍රශ්න ඇතිවෙන්නෙ නැහැ එහෙම නැතුව ඔවුන් කියන කියන වෙලාවට රටේ සමස්ථ ආදායමෙන් වැඩිම කොටසක් ඔවුන්ගේ වැටුප් ලෙසට ගෙවීම් කරන්න ගියාම රටේ අනෙකුත් කටයුතු කරන්නෙ කොහොමද
මෙය වෛද්‍ය විතරක් නෙවෙයි .. ගුරු, හෙද..ආදී වෘත්තීන් ගණනාවකට තියෙනවා .. පසුගිය දා පත්වීම් ගනිපු ගුරුවරුන් බහුතරයක් ලබන අවුරුද්දේ යන්න ඉන්නෙ . ඉංග්‍රීසි මාධ්‍ය විශේෂයෙන්ම .
මෙහෙ සමහරක් කියන්නේ සිංහලෙන් පාසල්වල ඉගෙන ගැනීමෙන් පිටරට රැකියා ගන්න බැහැ කියලා. මොලේ තියෙනවා නම් දොස්තරලා වගේ පිටරට රැකියා හොයා ගන්න භාෂාව බාධකයක් නෙවේ!
මිනිස්සුන්ගේ සල්ලි වලින් නොමිලේ ඉගෙනගෙන ඇයි පත්වීම දෙද්දිම කොන්දේසි දාන්න බැරිද විදෙස්ගතවෙන්න අවුරුදු 10ක් වත් සේවය කළ යුතුයි කියල? තියන උන්ටම වැඩි කරපල්ලා!!
විදේශ ගත වන වෛද්‍යවරුන්ගෙන් ඔවුන් ට මෙරට විශ්ව විද්‍යාලවල වලින් නොමිලේ ඉගැන්වීම හා පුහුණුව සදහා වැය කළ මුදල හා රජය විසින් ආයෝජනය කළ මුදලට යම්කිසි සාධාරණ පොළී මුදලක් අයකර ඔවුන්ට රටින් පිට වීමට නිදහස් කරන්න. එවිට එම මුදල් අයෝජනය කර අපිට තවත් විශ්ව විද්‍යාල සදහා සිසුන් බඳවා ගත හැක.
ඒ කියන්නේ 26% ක්, 750න් 200ක් අසමත් කියලා නේද? පිටරට විභාග අමාරුද? ලංකාවේ විභාග ලෙහෙසිද? මෙහෙ විභාග වල ගුණාත්මක බව අඩුද? මොකක්ද අවුල අනේමන්දා!
කොන්දේසි දානවානම් ,ඉංජිනේරු ,ගුරුවරු ,ගණකාධිකාරී, හෙදියන් ඇතුළු හැමෝටම කොන්දේසි දාන්න ඕනි වෙනවානේ .ඇයි ඒගොල්ලොත් ඉගෙන ගත්තේ නොමිලේ නේ
ලංකාවේ වෛද්‍යවරු යන්න ඕනේ එංගලන්තෙට , ඔස්ට්‍රේලියාවට හෝ නවසිලන්තේ වැනි රටවලට , එම රටවල දැන් විදේශ ශ්‍රමිකයන්ට විරුධව විශාල කැම්පේන් එකක පටන් අරන් , එංගලන්තේ ජාතිකවධින් කියාගන්න ජතිවධියෝ විශාල රැස්වීම් පවත්වනවා ප්‍රසිධියේ විදේශිකයෝ එලියට පලයල්ලා කියල , එහෙ සවුක්ය සේවයට සම්බන්ධ ශ්‍රමිකයෝ දින 60 රස්සාව නැතුව හිටියොත් විස කැන්සල් කරලා පිටුවහල් කරනවා , අපේ දොස්තරලට මෙහෙ වගේ චැනල් කඩ දමාගෙන අධයම් බදු නොගෙවා රෝගීන්ව සුර කන්න එහෙ බැහැ එක නිසා ඔය ගොල්ලෝ යන්නේ නැහැ , ගියත් නැවත එනවා , හොඳම විසදුම ප්‍රමිතියකින් යුතු පුද්ගලික වෛය්ද්‍යා විද්‍යාල ලංකාවේ දිරිමත් කරන එක , පුද්ගලික රෝහල් හොඳනම් වෛද්‍ය විද්‍යාල නරක මොකද ?
ලංකාවේ අහිංසක රෝගීන්ගේ මුදල් මංකොල්ල කාලා මදිවට, මොවුන් එංගලන්තයේ සෞඛ්‍ය සේවාවත් විනාශ කරන්න එංගලන්තෙට පනිනවා දැන්... ගහලා ආපසු පන්නන්නයි ඕනෑ... හැබැයි ඉතින් එංගලන්තේ VIP බැජ් ගහපු කාර්වලින් ගොඩ බහින කෙරුම්කාරයින් නැහැ. කවුරුත් එක හා සමානයි. ලංකාවේ පුරුද්දට, ටයි ගහගෙන තප්පර ගානෙන් බෙහෙත් තුන්ඩු ලිව්වොත් එහෙම, ලංකාවේ උද්දච්ඡ දොස්තරයින්ට රෝගීන්ගෙන් කනේ පාරවල් තමයි කන්න වෙන්නේ...!
ඔය පාර කපාගෙන එන මගඩිය පෙනෙනවා?