විදුලිබල පනතට කැබිනට් අනුමැතිය ලංකා විදුලිබල පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 21 November 2023
’’මං එකෙකුටවත් බය නෑ’ තමා එකෙකුටවත් බය නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 November 2023
උණුසුමෙන් විනාඩි 40කට පසු පාර්ලිමේන්තුව රැස් වෙයි සභා ගර්භයේ කටයුතු විද්‍යුත් උපකරණ භාවිතා කරමින් කරමින් වීඩියෝගත කිරීම හා සමාජ මාධ්‍ය වලට නිකුත් කිරීම නො නොකළ යුතු බවද මීට පසුව එවැනි දේ කළොත් ඔවුන්ට විරුද්ධව දැඩි විනයානුකූල පියවර ගන්නා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාව යළි ඇරඹීමෙන් පසු පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. 21 November 2023
ලෝක කුසලානය අහිමි වීමේ සොව දරාගන්න බැරිව මැරිලා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට, ලෝක කුසලානය අහිමි වීමේ ශෝකය දරා ගත නොහැකිව ඉන්දීය තරුණයකු හෘදයාබාධයකින් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 21 November 2023
යුද්ධය නවත්වන්න ඊශ්‍රායලය සමඟ සාකච්ඡා කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායල රජය සමඟ තම නියෝජිතයන් සාකච්ඡා පවත්වන බවත්, යුද ගැටුම් නැවැත්වීමට එකඟතාවක් ඇති කර ගැනීමට සූදානම් බවත් ගාසා තීරයේ හමාස් සංවිධානයේ නායක ඉස්මායිල් හනියේ පවසයි. 21 November 2023
ඇමෙරිකන් ආරක්ෂක ලේකම් යුක්රේනයේ ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින්, යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී, කියා සිටියේ බයිඩන් පරිපාලනය තවත් ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක යුද ආධාර යුක්රේනයට ලබා දීමට තීරණය කළ බවය. 21 November 2023
කපිල් දේව් කනස්සල්ලෙන් ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය නැරැඹීමට තමන්ට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන්, ඉන්දීයාවේ හිටපු ක්‍රිකට් නායක කපිල් දේව් කනස්සල්ල පළ කර ඇත. 21 November 2023
’’මගේ ප්රශ්නය උදුර ගත්තා’’ තමා ඉදිරිපත් කරමින් තිබූ 27/2 ප්රශ්නයේ උදුරා ගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය. 21 November 2023
පාර්ලිමේන්තුව නොසන්සුන්: විනාඩි 5කට කල් තබයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27/2 ප්රශ්නය අසන අවස්ථාවේ ඇතිවූ නොසන්සුන්තාවයක් නිසා සභාව විනාඩි පහකට කල් තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය. 21 November 2023
කුළු හරකාගේ කුලප්පුවෙන් අයෙක් රෝහලට කඳපොල, හයිෆොරස්ට් නගරයට කඩා වැදුණු කුළු මී හරකෙකු වෙළෙඳසැලක් අසල සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකුට ඇනීමෙන් බරපතල තුවාල ලැබූ ඒම පුද්ගලයා රෝහල්ගත කර ඇතැයි හයිෆොරස්ට් පොලීසිය පවසයි. 21 November 2023
අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්දය අද අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ දී අද පස්වරු 6 ට පැවැත්වේ. 21 November 2023
හම්බන්තොටටත් පොල් ත්‍රිකෝණයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොල් පැල ලක්ෂයක් රෝපණය කරමින් නව පොල් ත්‍රිකෝණයක් ස්ථාපිත කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය තීරණය කර තිබේ. 21 November 2023
දඩ කොළයක් නොදෙන්න පෙට්‍රල් බලෙන් ගත් එස්.අයි ට සැරයන්ට වැඩ වරදි ත්‍රිරෝද රථයක ඉදිරිපස බුදු පිළිමයක් සහ ඇත් දළ යුගල ඒක අනුරුවක් තබා තිබීම වරදක් බව කියාරියදුරු බලපත්‍රය ලබාගෙනඑම වරදට දඩකොලයක් නිකුත් කිරීමෙන් වැළකී සිටීම සඳහා ත්‍රීරෝද රථයෙන් පෙට්‍රල් ලීටරයක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන උප පොලිස් පරීක්ෂක වරයා සහ පොලිස් සැරයන්වරයා මාවතගම පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 21 November 2023
වික්ටෝරියාව ඔටෝ ඇරේ කදුකරයට නොකඩවා ඇද හැළුණු අධික වර්ෂාවත් සමග වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව ඉක්ම යාමත් සමග ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංකීුයව විවෘත වූ බව වික්ටෝරියා වෙිල්ලේ කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා පවසයි. 21 November 2023
ගල් අඟුරු ගේන්න අය කළ බද්දෙන් සියයට 70 නිලධාරීන් බෙදාගෙන නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල්අඟුරු ගෙන ඒමේදී අයකරගත් බදු මුදලින් සියයට හැත්තෑවක් එහි නිලධාරීන්ගේ ත්‍යාග සහ සුබසාධනය වෙනුවෙන් වෙන් කිරීම පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝපා ) දැඩි අවධානය යොමුවිය. 21 November 2023
වැස්ස දිගටම පවතින හැඩ දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 21 November 2023
ජපුර කළමනාකරණ පීඨය වසයි සිසුන් හයකගේ පන්ති තහනම් කිරීමේ සිද්ධියකට එල්ල වූ සිසු විරෝධය හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එම විශ්වවිද්‍යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 21 November 2023
ක්‍රිකට් ආයතනය ක්‍රීඩා ඇමතිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ (19) ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කළ ද්වේශසහගත සහ පදනම් විරහිත චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් අන්ත්ජාතික ක්‍රිකට් සභාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස ඉල්ලීමක් කළේ යැයි කළ චෝදනාව ද තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 20 November 2023
බාල බෙහෙත් සිද්ධියට වෛද්‍ය සැපයුම් අධ්යක්ෂ ඇතුළු හතරක් රිමාන්ඩ් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ ඇතුළු සිව්දෙනකු ලබන 29 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය නියම කළාය. 20 November 2023
තෙල්දෙණිය රෝහලේ ගැබිණි වාටිටුවට පස් කන්දක් කඩා වැටෙයි මධ්‍යම පලාත් සෙෘඛ්‍ය අමාත්‍යාංශයට අයත් තෙල්දෙණිය මුලික රෝහලේ ගැබිණි වාටිටුවට ඉහලින් පිහිටි පස් කන්දක කොටසක් වාට්ටු ගොඩනැගි්ල්ලට කඩා වැටීම නිසා රෝහල් වාටිටුවෙි නේවාසිකව පුතිකාර ලබමින් සිටි ගැබිණි මවුවරුන් විසිදෙනෙකු පමණ ඔවුන්ගේ ආරක්ෂාව පතා මහනුවර ජාතික රෝහල වෙත මාරුකර යැවීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගනු ලැබීය. 20 November 2023
උඩරට දුම්රිය මාර්ගය අවහිර වෙයි උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ හා දියතලාව දූම්රිය ස්ථානය අතර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට අද (20) රාත්‍රි 7.00 ට පමණ විශාල ගල් පර්වතයක් පෙරලීම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 20 November 2023
ශත 25ක බද්දට ආනයනය කළ සීනි රජය පවරා ගනී ශත 25 ක බද්ද මත ආනයනය කළ සියලුම සීනි තොග රජයට පවරාගෙන මාසයක කාලයක් තුළ රුපියල් 275 ක පාලන මිලට අළෙවි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (20) පස්වරුවේ පැවසීය. 20 November 2023
සම්බා සහල් ටොන් ලක්ෂයක් ආනයනය කරයි රට තුළ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස සහල් මෙටි්රක්ටොන් ලක්ෂයක් ආනයන කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවත් සහල් ආනයනය කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බවත් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (20) පස්වරුවේ පැවසීය. 20 November 2023
බසයක් පාරෙන් පිට පැනලා කතුන් තිදෙනකු රෝහලට යවලා පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේදී පෞද්ගලික මගී බස් රථයක් මාර්ගය අයිනේ රැඳී සිටි කාන්තාවන් තිදෙනකු සහ යතුරු පැදි කීපයක් යටකරගෙන ගොස්තු ඇතැයි පොලිසිය කියයි. 20 November 2023
චීන ජනපතිගේ විශේෂ නියෝජිතවරිය ජනපති හමු වෙයි මෙරටට පැමිණ සිටින චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත සහ රාජ්‍ය මන්ත්‍රී ශෙන් යික්න් (Shen Yiqin) මහත්මිය ඇතුළු දුත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. 20 November 2023
විපක්ෂය බලා ඉන්නෙ මිනිස්සු කබලෙන් ලිපට වැටෙන තුරු ජනතාව කබලෙන් ලිපට වැටෙන තුරු බලා සිටි විපක්ෂයේ සිහින මෙවර අයවැයෙන් බොඳ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පැවසීය. 20 November 2023
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද රාත්‍රී 8ට පැවැත්වීමට තීරණය කර තිබේ. 20 November 2023
වැලිමඩ හිටපු ප්‍රා සභාපති රිමාන්ඩ් කැප්පෙටිපොළ නගරයේදි වැලිමඩ පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් දෙදෙනකුගේ රාජකාරියට බධා කිරිමේ සිද්ධිය මත අධිකරණය මගහැර සිටි වැලිමඩ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති නිතිඥවරයකු මගින් වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් විමෙන් පසු දෙසැම්බර් 04 වන දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරිමට විනිසුරු පී. ජයසේකර මහතා නියෝග කළේය. 20 November 2023
වඩුක්කොඩ්ඩෙයි පොලිසිය ආරක්ෂාව යාපනය බන්ධනාගාරය තුලදී සැකකරුවකු මියයාමත් සමගින් ගම්වාසීන් යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලීසියට එරෙහිව විරෝධය පෑම හේතුවෙන් අද (20) දින පොලිස් ස්ථානය අවට දැඩි ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන ඇත. 20 November 2023
ජනප්‍රිය තීන්දු ගන්න කිසිම බලාපොරොත්තුවක් නෑ ජනප්‍රිය තීන්දු ගෙන රටේ ආර්ථිකය නැවත කඩාවැටුණ යුගයකට ගෙන යෑමට රජයට කිසිදු බලාපොරොත්තුවක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා තරුණ පාර්ලිමේන්තුවේ 5 වන සැසිවාරය අමතමින් පැවසීය. 20 November 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026